ජපානයේ ගුවන් තොටුපොළක් සාගරය මැද ගිලෙන බවට පළවූ සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

Insight International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලෝකයේ බොහෝ රටවල සිදුවන සුවිශේෂී සිදුවීම් , අරුම පුදුම දේවල් ගැන බොහෝ දෙනාගේ අවධානයට ලක්වනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක්. කෙසේ වෙතත් මෙවැනි දේවල් ගැන පළවන සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.

මේ ජපානයේ ගුවන් තොටුපොළක් ගිලිමෙන් පවතින බවට පලවූ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්. 

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ඩොලර් බිලියන 20 ක් වැයකර ජපානය විසින් සාගරය මැද තනන ලද ගුවන් තොටුපලක් ඇති බව සහ එය මේ වන විට ගිලෙමින් පවතින බවක් .

FB | Archived 

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම

අප විසින් සිදුකරන ලද රිවර්ස් ඉමේජ් පරික්ෂාවේදී දැකගන්නට ලැබුණේ මෙය ජපානයේ කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් පළවූ සමාජ ජාලා සටහනක් බවයි. මෙම සේයාරුව මගින් දැක්වෙන්නේ ජපානයේ පිහිටා ඇති කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලයි. ඒ සම්බන්ධ වීඩියෝවක් නැරබිය හැකියි පහතින්. 

1994 වසරේදී මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකර භාවිතය සදහා එක්කර තිබුණා. එය තැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ඔසාකා නගරය ආශ්‍රිත ඔසාකා ගුවන්තොටුපල ආශ්‍රිත තදබදකාරී ස්වභාවයයි. මෙම ගුවන් සමාගම් වන ජපන් ජාත්‍යන්තර ගුවන් සේවය , නිපොන් ජාත්‍යන්තර ගුවන් සේවය සහ නිපොන් බහලුම් ගුවන් සේවය සදහා වන ජාත්‍යන්තර මුලස්ථානයක් ලෙස භාවිතා වෙනවා . ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින් 

මෙය සාගරයේ ඉදිකරන ලද ලෝකයේ පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපොලයි. මෙය ඉදිකර ඇත්තේ මුහුද ගොඩකර ඒ මත තනන ලද කුඩා දුපතකයි. මෙය දිගු පාලමකින් ගොඩබිම සමග සම්බන්ධයි. 

කෙසේ වෙතත් මුහුද ගොඩකර සාදා ඇති ගුවන්තොටුපොළක් නිසා මෙය වසරක් පාසා ක්‍රමක්‍රමයෙන් ගිලා බසිනවා.කෙසේ වෙතත් 1994 සිට මේ දක්වා වසර 30 ක් මෙම ගුවන් තොටුපොල මේ වන විට සාර්ථකව භාවිතයට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්

සාගරය මැද පිහිටා ඇති මෙම ගුවන්තොටුපොළ මුහුදු ඛාදනයට ලක්වීමෙන් වලක්වා ගැනීම සදහා රළ බාධකයක් ඉදිකර ඇති අතර පවුම් මිලියන 100 කට අධික ප්‍රමාණයක් වැය කරමින් 2018 වසරේදී එය අලුත්වැඩියා කර ඇත. මෙම  ගුවන්තොටුපොළ නිර්මාණය කල කාලයේ පටන් මේ වනතුරු ස්වභාවික ආපදා විශාල ප්‍රමාණයකට මුහුණදී ඇති අතර කෙසේ වෙතත් ඒවායින් දරුණු හානිදායක තත්ත්වයන්ට පත් නොවී මේ වන තෙක් සුරක්ෂිතව තිබෙනවා.

2018 වසරේදී දරුණු සුළු කුණාටුවකට මුහුණ දීමටද මෙම ගුවන්තොටුපලට සිදුවූ අතර එය එම නිසා දින කීපයක් තාවකාලිකව වසා දැමීමටද සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී සිය ගණනක් මගින් මෙම කෘතිම දුපත තුල සිරව තිබෙනවා.

කෙසේ වෙතත් සමහර ඉන්ජිනේරුවරයන් පවසන්නේ 2056 වසර වන විට මෙම දුපත මුහුදු මට්ටම තෙක් ගිලාබැසිමට ලක්විය හැකි බවයි. කෙසේ වෙතත් මෙය නුදුරු අනාගතයේදී  හෝ ඉදිරි අවුරුදූ කීපය තුල දරුණු ලෙස ගිලා බැසීමට ලක්වීමේ අවදානමක් නැහැ. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්

2018 වසර වනවිට මෙම ගුවන්තොටුපොළ එය ගොඩනැගු කාලයට සාපේක්ෂව අඩි 38 (11.6 ක් මීටර ) පමණ ගිලා බැස තිබෙනවා .2024 වසරේ මේ වන විට සිදුව ඇති ගිලා බැසීම මේ වන විට ගුවන් තොටුපොල ඉදිකළ කාලයට සාපේක්ෂව  මීටර 12ක් පමණ වෙනවා .මෙය අපේක්ෂා කල ගිලා බැසීමේ වේගයට  වඩා 25% ක වේගයෙන් සිදුවූ ගිලා බැසීමක් .ගිලා බැසීම සම්බන්ධ මෙවැනි අනාවැකි කොපමණ තිබුනත් මේ වන විටත් ගුවන් තොටුපොල තුල අලුත් ගොඩනැගිලි ආදිය ඉදිකරමින් එහි විස්තාරණ කටයුතු සිදුවෙමින් පවතිනවා .මේ වන විට වසරකට සිදුවන ගිලාබැසීම 7cm ක් පමණ වෙනවා.නමුත් 2008 වසරට පෙර මිට වඩා වැඩි වේගයකින් ගිලා බැස තිබෙනවා .මේ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්

මේ  පිලිබදව වීඩියෝවක් පහතින් .

මෙම ගුවන්තොටුපොළට ජාත්‍යන්තර සම්මානද හිමිව ඇති අතර 2022 වසරේදී බ්‍රිතාන්‍ය මූලික කරගත් ගුවන් ප්‍රවාහනය සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් වන SkyTrax ආයතනය මගින් සිදුකරන ලද සම්මාන ප්‍රදානෝත්සවයේදී   “World’s Best Airport for Baggage Delivery” සහ “World’s Best Low-Cost Terminal.” සම්මාන හිමිව ඇත්තේ මෙම ගුවන් තොටුපොලටයි.එවැනි සම්මාන විශාල ප්‍රමාණයක් මෙම ගුවන්තොටුපොළට හිමිව තිබෙන අතර මෙය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ගුවන්තොටුපොළක්.ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින් 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ජපානයේ ගුවන් තොටුපොළක් සාගරය මැද ගිලෙන බවට පළවූ සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

Written By: Fact Crescendo Team  

Result: Insight


Leave a Reply