හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් අත්අඩංගුවට ගත්තේ ලක්ෂ 1800ක් අවභාවිත කළ නිසාද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් සිදුවීම් වාර්තා කිරීමේදී, නිසියාකාරයෙන් කරුණු සොයා නොබලා වාර්තා කිරීම බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පුවත්, තොරතුරු පළ කරන අය විසින් සිදු කරනු ලබනවා. මේ ඔස්සේ බොහෝ පිරිසකට නොමග යන තොරතුරු අසත්‍ය තොරතුරු ළඟා වනවා. එලෙසින් පළ වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ලක්ෂ 1800ක් අවභාවිත කල හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් අත්අඩංගුවට ගනියි යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් සදහා රුපියල් ලක්ෂ 1800 ක මුදලක් යෙදවීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා බවට වාර්තා කළ තව ත් වෙබ් අඩවියක් පහතින්.

headlinenews.lk

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 30 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.

2011 වසරේ ජාත්‍යන්ත සමූපකාර සැමරීම වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ඉසුරු සවිය නැමති සමුපකාර දිනය සැමරුම සඳහා සමුපකාර අරමුදලින් රුපියල් මිලියන 183 ක් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ත්, ඒ අනුව ප්‍රියන්ත මායාදුන්න මහතාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය යටතේ චෝදනා ගොනුකිරිමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කර තිබුණා.

නමුත් බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණේ, සමුපකාර දිනය සැමරුම සඳහා සමුපකාර අරමුදලින් රුපියල් මිලියන 183 ක් වැය කිරීම ප්‍රියන්ත මායාදුන්න මහතාට එල්ල වූ චෝදනා බවයි.

මේ සම්බන්ධයෙන් අප කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වාර්තාකරුවන්ගෙන් ද, විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ, සමුපකාර දිනය සැමරුමක රුපියල් මිලියන 183 ක් වැය කිරීමේ සිද්ධියට අදාළව එවක සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුව සිටි මායාදුන්න මහතා විසින් අදාළ උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් පමණක් ඔහු අත්අඩංගුවට ගත් බවයි. 

අදාල මුදල් එවකට සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් බව මායාදුන්න මහතා විසින් ප්‍රකාශ කර ඇති බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇති අතර මෙම සැකකරු සිද්ධියේ අතරමැදියෙකු පමණක් වන බැවින් අයථා මුදල් පරිහරණයකට ඔහු වැරදිකරු බව පැවසීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙහිදී සඳහන් කර ඇති අතර මායාදුන්න මහතා ට රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප 02ක් මත ඇපමත මුදා හැරීමට නියෝග කර ඇති බවයි ඔවුන් තහවුරු කළේ.

අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කරේ ද,  ප්‍රියන්ත මායාදුන්න 2011 වසරේ වූ සමුපකාර දිනය සැමරුමක රුපියල් මිලියන 183 ක් වැය කිරීමේ සිද්ධියේ විමර්ශනයන්ට අදාළව එම උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් මායාදුන්න මහතා විසින් අදාළ සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත් වී තිබූ බවයි.

එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳ වාර්තා කර තිබූ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ප්‍රියන්ත මායාදුන්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉහත කී උත්සවයේ ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් මිස රුපියල් මිලියන 183 ක් ඔහු විසින් සම්පූර්ණයෙන් වැය කිරීම නිසා නොවන බව ට පැහැදිලි වේ. ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 30 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ, ලක්ෂ 1800ක් මුදලක් අවභාවිත කිරීම නිසා නොව, 2011 වසරේ වූ සමුපකාර දිනය සැමරුමක රුපියල් මිලියන 183 ක් වැය කිරීමේ සිද්ධියේ විමර්ශනයන්ට අදාළව එම උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඔහු විසින් වෙනත් පාර්ශවයකට ප්‍රවාහන කටයුතු සඳහා ලබා දීම මත අදාළ සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට වේ.

Avatar

Title:හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් අත්අඩංගුවට ගත්තේ ලක්ෂ 1800ක් අවභාවිත කළ නිසාද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply