සිරි දළදා වන්දනාව සඳහා ප්‍රභූවරුන්ට ලබා දුන් බව කියන ආරධනා පත්‍රය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය අදින් (18) ආරම්භ කෙරුණු අතර. ‘සිරි දළදා වන්දනාව’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රභූ පැලැත්තියට විශේෂ ආරධනාවක් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් යොමු කළ ආරධනා පත්‍රයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ආරධනා පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“VIP, VVIP පෝලිං නෑ. හැබැයි ආරාධනා පත්‍ර දීලා ජනාධිපති මන්දිරෙන් සංග්‍රහයක් දීලා පිළිවෙලට දළදා වන්දන්නේ..පාරේ අවුවේ කට්ට කන මිනිස්සුන්ටත් මෙහෙම පාස් දුන්නදයනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ  ආරාධනා පත්‍රයක ඡායාරූපයක් සංසරණය වුණා.

මෙහි දක්වා තිබුණේ,  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරධනාවෙන් සිරි දන්ත ධාතූන් වහන්සේ දැක, වැඳ පුදා ගැනීමේ සමාරම්භක අවස්ථාව යෙදෙන අද (18) දින පෙ. ව 11.45 ට මෙම ආරධනා පත්‍රය රැගෙන ආරාධිතයින් ට පැමිණෙන ලෙස ජනාධිපති ලේකම් නන්දික සනත් කුමනායක මහතා විසින් ආරධනා කරන ලද ආරාධනා පත්‍රයකි.

Facebook | Archived Link

මෙම ආරාධනා පත්‍රය සත්‍ය වශයෙන් ම වත්මන් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද්දක් ද, යන්න පිළිබඳ විමසීම් අප වෙත ලැබුණු අතර එම ඉල්ලීම්ද මුල්කර ගනිමින් මේ පිළිබඳ අප කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

වසර 16ක පමණ කාලයකට පසුව අද (18) සිට “සිරි දළදා වන්දනාව” නැවතත් ආරම්භ කෙරෙන අතර, මෙම ඓතිහාසික අවස්ථාවේ සමාරම්භක උත්සවය අද දහවල් 12.30 ට පමණ පැවැත්වුණා. 

ඊයේ (17) දින මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. විශේෂයෙන්ම මෙවර දළදා වන්දනාවේදී VIP-VVIP පෝලිම් නොමැති බවයි. එසේ තිබියදී ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ “සිරි දළදා වන්දනාව” සඳහා ආරධනා පත්‍රය ආරධනා පත්‍රය සත්‍යතාව පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා.

ඔවුන් සඳහන් කළේ, ජනාධිපති ලේකම්වරයා විසින් හෝ පවත්නා ආණ්ඩුවෙන් කිසිම අයුරකින් දළදා වන්දනාව සඳහා ප්‍රභූ වරුන්ට ආරාධනා පත්‍රයක් නිකුත් නොකර ඇති බව ත් එය ව්‍යාජ ලෙස සකසා ඇති ආරධානා පත්‍රයක් බව ත්ය.

මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය අංශයෙන් මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ද, දැනුවත් කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ

මේ අතර, විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ද, ඊයේ(17) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීද, සඳහන් කරනු ලැබුවා.

කෙසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව සඳහන් කළා.

දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් ඔහු අවධාරණය කළා.

දළදා මාලිගාවේ මාධ්‍ය අංශය

අප මේ පිළිබඳව දළදා මාලිගාවේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කරනු ලැබුවේ, මෙවැනි ආරධනා පත්‍රයක් රැගෙන ප්‍රභූවරුන් “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණ තිබුණේ ද, යන්නයි.

නමුත් ඔවුන් තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආරධනා පත්‍රය හෝ වෙනත් ආරධනා පත්‍රයක් හෝ රැගෙන කිසිදු ප්‍රභූවරයෙකු හෝ ආරාධිතයින් හෝ පැමිණි නොසිටි බව ත් එවැනි ප්‍රභූ පෝලිමක් හෝ නොමැති බවත් ඔවුන් තහවුරු කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආගන්තුකයින් රැසක් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්ද සහභාගි වූ අතර ඔවුන් ද, මෙම ප්‍රදර්ශනය මහජනතාවට විවෘත කිරීමට පෙර ජනාධිපති සමගින් වන්දනාමාන කළ බව ත්, එය මීට පෙර සිටිම පැවති සම්ප්‍රදාය බව ත් ඔවුන් පෙන්වා දුන්නා. අද දිනයේ පමණක් මහජනතාව සඳහා ප.ව. 3ට ආරම්භ කර ප.ව.5.30ට අවසන් කිරීමට නියමිත බව ත් මහජන ප්‍රදර්ශනය අතර තුර ප්‍රභූ වරුන් සඳහා වෙනම පෝලිමකින් දළදා ප්‍රදර්ශනය නැරඹීමට අවස්ථාවක් ලබා දීමක් සිදු නොවුනු බව ත් ඔවුන් අවධාරණය කරනවා.

අද දිනයේ ජනාධිපති අනුර කුමාරට පසු බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආරාධනා පත්‍රය ව්‍යාජ ලෙස සැකසූවක් වූවත්,  රාජතාන්ත්‍රික මට්ටමින් හෝ ඉහත සඳහන් කළ ප්‍රභූ පිරිසට වෙනත් ක්‍රම වේදයක් හරහා හෝ දළදා ප්‍රදර්ශනය නැරඹීමට ආරධනා කළ යුතු බැවින් අප ඒ පිළිබඳව ද, ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

සිරි දළදා වන්දනාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ තිබුණා. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත. 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පෙන්වා දෙන්නේ, දළදා ප්‍රදර්ශනය දැක බලා වන්දනා කර ගැනීම සඳහා ප්‍රභූ වරුන් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් ආරාධනය කර ඇති ආරධනා පත්‍රය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ආරධනා පත්‍රය ව්‍යාජ බවට ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරන අතර, දළදා මාලිගාවේ මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, එවැනි ආරධනා පත්‍රයක් සමගින් කිසිදු ආරාධිතයෙකු නොපැමිණි බව ත්, එය ව්‍යාජ ආරධනා පත්‍රයක් බවයි.

Avatar

Title:සිරි දළදා වන්දනාව සඳහා ප්‍රභූවරුන්ට ලබා දුන් බව කියන ආරධනා පත්‍රය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *