ලබන 07 වන දා සියලු පාසල් නිවාඩු බවට පළ වන්නේ ව්‍යාජ පුවතක්! 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණය සඳහා පාසල් සඳහා නිවාඩු ලබා දෙන දින ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මැතිවරණය හේතුවෙන් 2025 මැයි මස 05 සිට මැයි 07 දක්වා දින 3ක් සියලු පාසල් නිවාඩු ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළවී තිබු‍ණේ මෙලෙසින්.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් පාසල් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් දිනමිණ ප්‍රධාන මාධ්‍ය විසින් පළ වූ පුවතක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

මෙහි සඳහන් කර ඇත්තේ, මැතිවරණය හේතුවෙන් 2025. 05. 05 සිට 2025. 05. 07 දක්වා සියලු පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති බවයි.

නමුත් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මැයි මස 6 වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී තිබෙන්නේ මැයි 5 සහ 6 යන දෙදින පමණක් බවයි.

ඒ අනුව, මැතිවරණ රාජකාරිමය කටයුතු සඳහා තෝරාගත් පාසල් කිහිපයක් හැරුණු විට, දිවයිනේ බොහොමයක් පාසල්, මැයි මස 7වනදා  නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එමෙන් ම දිස්ත්‍රික්ක 20ක් නියෝජනය වන පරිදි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පාසල්/ අධ්‍යාපන ආයතයනවල ගොඩනැගිලි වෙන්කරවා ගැනීම ගැන දැක්වෙන ලයිස්තුවේ, තෝරාගත් පාසල් කිහිපයකට නිවාඩු ලබා දෙන අයුරු ද ඇමුණුමක් ලෙස සඳහන් වෙනවා.  

එහි සඳහන් කර තිබුණේ, පහත සඳහන් පාසල්වලට අදාළ කාල වකවානුව තුළ, එනම් ඇතැම් පාසල් පසුගිය සතියේ දින ද ඇතුළුව, ඇතැම් පාසල් මැයි 07 දක්වා ද නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙසයි. එම ලැයිස්තුව පහතින්.


එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු බව ත්,  ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය

අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ලබන 07 වන දා සියලු පාසල් ආරම්භ කෙරෙන බව ත්,ය. එනම් මැතිවරණය සඳහා පාසල් නිවාඩුව ලැබෙන්නේ 05 සහ 06 යන දෙදින පමණක් වන අතර මැතිවරණ රාජකාරි සඳහා ලබා ගන්නා පාසල් පමණක් ලබන 07 වන දා ආරම්භ වීමට නියමිත අතර එම පාසල් මොනවාද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

මැතිවරණය හේතුවෙන් ලබන 07 දක්වා සියලු පාසල් නිවාඩු ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය සටහන අසත්‍ය අතර පළාත් පාලන මැතිවරණය හේතුවෙන් නිවාඩු ලැබෙන්නේ මැයි 05 සහ 06 යන දෙදින පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරයි. නමුත් මැතිවරණ කටයුතු සඳහා ලබා ගන්නා ඇතැම් පාසල් ලබන 07 වන දා ආරම්භ වීමට නියමිත අතර එම පාසල් මොනවාද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Avatar

Title:ලබන 07 වන දා සියලු පාසල් නිවාඩු බවට පළ වන්නේ ව්‍යාජ පුවතක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply