දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමා කරගනිමින් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක Clean Sri Lanka වැඩපිළිවෙල බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව තිබෙනවා. සාමජයේ මෙන්ම සමාජ මාධ්‍යය වේදිකාවේද Clean Sri Lanka ඔස්සේ සිදුකෙරෙන කටයුතු ගැන ගුණ අගුණ සාකච්ඡා වෙනු දැකගත හැකයි.
ඒ අනුව Clean Sri Lanka වැඩසටහනට අදාළව දුම්රිය පුවරුවල සිදුවන වෙනසක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනක් වෙත අප අවධානය යොමු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් යනුවෙන් සඳහන් කරමින් මෙම ෆේස්බුක් සටහන පළ කර ඇත්තේ, බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අලුතින් සවි කරන ලද නාමපුවරුවේ වෙනස පෙන්වීම සඳහා පට්ටිපොළ දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ ඡායාරූපයක් ද සහිතවයි. මේ අනුව බම්බලපිටිය නාමපුවරුව හා පට්ටිපොළ දුම්රිය ස්ථානයේ නාම පුවරුව අතර පැහැදිලි වෙනසක් දැගතහැකි අතර පට්ටිපොළ නාම පුවරුව දුටු පමණින් එය මෙරට දුම්රිය සේවයේ පැරණි නාමපුවරු ආකෘතිය සහිත අනන්‍යතාවක් පෙන්වූව ද බම්බලපිටිය නාමපුවරුව දුටු පමණින් එවැනි අනන්‍යතාවක් පෙන්නුම් නොකරයි.
තවද බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මෙම නාමපුවරුව Clean Sri Lanka යටතේ සිදුකරන ලද්දක් බවත් බම්බලපිටිය නාම පුවරුවේ ප්‍රමිතිය, තත්ත්වය දීර්ඝ ඉතිහාසයක් ඇති දුම්රිය සේවයේ අනන්‍යතාවට නොගැළපෙන බවත් මෙම සමාජ මාධ්‍ය සටහන පිළිබඳ විස්තරයේ සඳහන් ය. මරණ දැන්වීමක් වගේ ,පැවතිච්ච දේවල් වෙනස් කරන්න අනාගත්තු තරම ඇති. යනුවෙන් ද එහි සඳහන් ය.
තවද බම්බලපිටිය දුම්රිය ස්ථාන නාම පුවරුවේ Station upgrade project by Leo club of University of Colombo faculty of Arts | Leo District 306 A1 යනුවෙන් සඳහන් කර ඇති අතර ඊට පහළින් මෙම නාමපුවරුව සඳහා අනුග්‍රහය දැක්වූ දෙදෙනෙකුගේ ද නම් සඳහන් කර තිබේ. අවසන් තීරුවේ “රට වෙනුවෙන් ලියෝ අපි clean Sri Lanka උදෙසා සිදු කරන ලද ව්‍යාපෘතියකි”. යනුවෙන් ද සඳහන් කර ඇත.
මෙය සත්‍ය ලෙසම Clean Sri Lanka යටතේ සිදුකරන ව්‍යාපෘතියක් බව පිළිගනිමින් බොහෝ පිරිසක් මෙය හුවමාරුකර ගෙන තිබෙන ආකාරයක් මෙන්ම අදහස් පළ කිරීම් සිදුකර ඇති ආකාරයක් ද දක්නට ලැබුණා.
ඒ අනුව Clean Sri Lanka ව්‍යාපෘතියක් බව කියමින් සහ දුම්රිය ස්ථාන පුවරු නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය බව පෙන්වමින් බොහෝ පිරිසක් අතරේ සංසරණය වන සහ අදහස් පළ කර ඇති මෙම ෆේස්බුක් සටහනේ ඇති තොරතුරුවල නිර්වද්‍යතාව පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති ඡායාරූපය දෙස විමර්ශනශීලිව අවධානය යොමු කිරීමේදී මෙම නාමපුවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨයේ ලියෝ සමාජය විසින් දුම්රිය ස්ථානය උත්ශ්‍රේණි(upgrade) කිරීමේ වැඩපිළිවෙළක් බව ත්, මෙම වැඩපිළිවෙළ Clean Sri Lanka ව්‍යාපෘතියට සහය දැක්වීම උදෙසා කළ බව ත්, සඳහන් වී ඇති බව දැක ගන්නට ලැබුණා.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය විසින් කළ බවට දැක ගන්නට ලැබුණත් අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අදාළ පර්ශවවලින් කරුණු විමසීමට පියවර ගත්තේ ය.
Clean Sri Lanka ප්‍රතිචාරය
සමාජ මාධ්‍ය සටහනට අනුව මෙම නාමපුවරුව Clean Sri Lanka ව්‍යාපෘතියක් බවට සඳහන් කර තිබීම හේතුවෙන් අප Clean Sri Lanka මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසා සිටියේ ය. අප කළ විමසීමේදී මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ , මෙම නාමපුවරුව ඉදි කිරීම Clean Sri Lanka ව්‍යාපෘතියක් යටතේ සිදුකළ එකක් නොවන බවයි.
අනුමැතියකින් තොරව Clean Sri Lanka යන්න මෙලෙස භාවිත කළ නොහැකි බව අවධාරණය කළ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙය ඉවත් කරන ලෙස අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇති බවයි. ඒ අනුව මේ වනවිට ආදාළ පුවරුව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
දුම්රිය ස්ථාන නාමපුවරු ඉදි කිරීම ප්‍රමිතියකට අනුව සිදුවිය යුත්ත්ක බවත් Clean Sri Lanka වැඩසටහන යටතේ Leo club of University of Colombo faculty of Arts හෝ Leo club හා එක්ව කිසිදු ව්‍යාපෘතියක් සිදුකර නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේවෙතත්, බම්බලපිටිය දුම්රිය ස්ථානය ඇතුළු හඳුනාගත් දුම්රිය ස්ථාන රැසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ලියෝ සමාජයේ ප්‍රතිචාරය
මෙම ෆේස්බුක් සටහනට අනුව අදාළ පුවරුවේ Leo club of University of Colombo faculty of Arts යනුවෙන් සටහන්ව තිබූ නිසා අප ඔවුන්ගෙන් ද මේ පිළිබඳ කරුණු විමසීමට පියවර ගත්තා.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ලියෝ සමාජය කියා සිටියේ, බම්බලපිටිය දුම්රිය ස්ථානාධිපතිගේ අනුමැතිය සහිතව සිය සමාජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී එම ස්ථානයේ මෙම පුවරුව සවි කළ බවයි.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පිරිසිදු කිරීම් සිදුවූ අවස්ථාවේ තම සමාජය ද ඊට සමගාමීව පිරිසිදු කිරීම් සඳහා එක්වූ බවත් එහිදී දෙමටගොඩ, පානදුර, බම්බලපිටිය දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමට සිය කණ්ඩායම දායක වූ බවත් ලියෝ සමාජය කියා සිටියේ ය.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අඳුරු ස්ථාන පිරියම් කර, මගීන්ට ඉඳගැනීම සඳහා බංකුවක් ලබාදීම මෙන්ම එම ස්ථානයේ අඩුපාඩුවක්ව පැවති දුම්රිය ස්ථානය පසුකර යන මගීන්ට දුම්රිය ස්ථානය හඳුනා ගැනීමේ පුවරුවක් ද ඉදි කිරීමට පියවර ගත් බව ඔවුන් පැවුසවා.
රටපුරා විවිධ ව්‍යාපෘති සිදුකරන තම සමාජය අනුග්‍රාකයින් කිහිපදෙනකුගේ සහය ලබාගෙන මෙම පුවරුව ඉදිකිරීමට කටයුතු කළ බව ද කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ලියෝ සමාජය වැඩිදුරටත් පැවසුවා.
බම්බලපිටිය දුම්රිය ස්ථානාධිපතිගේ ප්‍රතිචාරය
ඒ අනුව අප මේ පිළිබඳව කරුණු විමසීම සඳහා බම්බලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා ද සම්බන්ධකර ගැනීමට පියවර ගත්තා.
ස්ථානාධිපතිවරයා පැවසුවේ, Clean Sri Lanka යටතේ දුම්රිය ස්ථාන පිරිසිදු කිරීම් සිදුවූ කාලයේ එහිදී දුම්රිය ස්ථානවලට බාහිර පාර්ශව පැමිණ පිරිසිදු කිරීම් සඳහා දායක වූ බවත්, ඊට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ලියෝ සමාජය ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ ව්‍යාපෘතියක් යටතේ මෙය ඉදි කළ බවයි.
එහිදී අදාළ ලියෝ සමාජය නියෝජන කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දුම්රිය මගීන්ට පහසුකම් සැලසීමේ අරමුණින් මගීන් 10 දෙනෙකුට ඉදගත හැකි බංකුවක් ද ඇතුළුව දුම්රිය ස්ථානය පසුකර යන මගීන්ට දුම්රිය ස්ථානය හඳුනාගැනීම සඳහා අඩුවක්ව පැවති නාම පුවරුක් සවි කිරීමට සිදු කළ බව ද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි පසුගිය 19 වැනිදා මෙය වහාම ගලවා ඉවත්කිරීමට පියවර ගත් බව ද බම්බලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී
මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සම්බන්ධ කර ගත්තා. සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ යම් කණ්ඩායමක් දුම්රිය ස්ථානයක යම් සංවර්ධන කටයුත්තක් කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුතු බවයි.
ක්ලීන් ශ්‍රී ලංකා අනුමැතිය නැතිව එහි නම භාවිත කිරීම වැරදි බවත්, වැරැද්ද නිවැරැදි කරන්න කියලා උපදෙස් දුන් බව ත්, මෙය විශ්වවිද්‍යාල සිසුන් සද්භාවයෙන් සිදු කළ බව ත්, තමා මේ පිළිබඳව මීට පෙර දැනුවත්ව නොසිටි බවත්, මේ පිලිබඳ සැළවූ වහාම නාම පුවරුව ඉවත් කිරීමට උපදෙස් දුන් අතර අනෙකුත් දුම්රිය ස්ථාන කිසිවක මෙවැනි නාම පුවරු ඉදිකිරීමක් සිදුවී නොමැති බව ත්, ඔහු තවදුරටත් පවසා සිටියා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ඉදිකරන ලද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ දැක්වෙන් නාම පුවරුව Clean Sri Lanka ජාතික වැඩසටහන අනුව සිදු කරන ලද්දක් නොව, බම්බලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයාගේ අනුදැනුම සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ලියෝ සමාජය විසින් සවි කරන ලද නාමපුවරුවක් බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව හෝ Clean ශ්‍රී ලංකා ජාතික වැඩසටහන මේ සඳහා අනුමැතියක් ලබා දී නොතිබුණු අතර ඒසේ අනුමැතියකින් තොරව

Title:බම්බලපිටිය ස්ටේෂන් එකේ නාමපුවරුව Clean Sri Lanka වැඩක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
