අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත්කරන ලෙසට JVP මන්ත්‍රිවරුවරුන්ගෙන් ඉල්ලීමක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉවත් කරන ලෙසට ලැබුණු ඉල්ලීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අගමැතිදූරයෙන් හරිනි ඉවත්කරන ලෙස ඉල්ලා JVP මන්ත්‍රිවරු 48ක් සහ සමාජ මාධය ක්‍රියාකාරීන් , රජයට හිතවත් මාධයවේදීන් පිරිසක් සෘජුවම මැදිහත් වෙයි. අගමැතිකමට JVPය නියෝජනය කරමින් ටිල්වින් හෝ බිමල්? හරිනි සමග ස්වාධීන වීමට NPP මන්ත්‍රීවරු 53ක් සූදානම් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත්කරන ලෙස ඉල්ලා JVP මන්ත්‍රිවරු රජයට හිතවත් මාධයවේදීන් පිරිසක් මැදිහත්ව ඇති බවට හෝ අග්‍රාමාත්‍ය ධුරය නියෝජනය කිරීම ජාතික ජන බලවේගයේ, ටිල්වින් සිල්වා මහතා හෝ අමාත්‍ය බිමල් රත්නායක පත් කරන බවට හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළා.

ඒ ආකාරයෙන් පුවතක් වාර්තා වී ඇති බවක් දැක ගන්නට නොලැබුණු බැවින් අප මේ පිළිබඳ ඉහත සටහනේ දක්වා ඇති පාර්ශව කිහිපයකින් විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශය

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය තහවුරු කළේ, මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ පුවතක් බව ත්, පක්ෂය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට දේශපාලනිකව ගන්නා උත්සාහයක් ලෙස මෙය අර්ථකථනය කිරීමට හැකි බවයි. අග්‍රාමාත්‍යවරිය දරන අග්‍රාමාත්‍ය ධුරය තව දුරටත් හරිනි අමරසූරිය විසින් හොබවන අතර වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට ඉල්ලීමක් හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය තුළින් කිසිදු පාක්ෂිකයෙක් විසින් සිදු කර නොමැති බවයි.

අමාත්‍ය බිමල් රත්නායක

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් ද, ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් මෙන් ම ඔහු අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා කර ඇත් ද යන්න පිළිබඳ විමසීමක් කරනු ලැබුවා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එම සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහනක් බවයි. අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි ගැටලුවක් පැන නැගී නොමැති බව ත්, තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබන්නේ වත්මන් අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය බව ත් අමාත්‍යවරයා සඳහන් කළා.

ටිල්වින් සිල්වා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ද, විමසා සිටි අතර ඒ මහතා පවසා සිටියේද, මෙම සටහන් සියල්ල අසත්‍ය බවයි. එමෙන් ම තමන් හෝ බිමල් රත්නායක මහතා හෝ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් යෝජනා කර ඇති තොරතුරු සියල්ල අසත්‍ය බව ත්, අවධාරණය කළා.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අංශය ද, තහුවරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව ත්, අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ත් ය.

අග්‍රාමාත්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරියට ඉවතත් වෙන මෙන් ඉල්ලීමක් පක්ෂයෙන් හෝ මාධ්‍යවේදීන් විසින් කර ඇත්දැයි යන්න අග්‍රාමාත්‍ය ලේකම්වරියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය බව ත්, මොනයම් පාර්ශවයකින් හෝ මෙවැනි ඉල්ලීමක් නොලැබුණු බව ත්, මේ පිළිබඳ සාකච්ඡාවක් හෝ සිදුවී නොමැති බවයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්

ඉහත සමාජ මාධ්‍ය සටහනේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද, අග්‍රාමාත්‍ය ධුරයෙන් වත්වන් අග්‍රාමාත්‍යවරියට ඉවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව දක්වා ඇති නිසා අප ඒ පිළිබඳව මෙම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් විමසීමක් කරනු ලැබුවා.

මෙවැනි සටහන් වලට පාදක වී තිබුණේ, පසුගියදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සුප්‍රීම් සැට් විසින් සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව සඳහා රජයෙන් මුදල් ලබා ගෙන නොමැති බවට කළ ප්‍රකාශය සමගින් සමාජයේ ඇති වූ උණුසුම් තත්ත්වයත්, එම පක්ෂයට ලැබුණු විවේනයන් මෙන් ම ඊට පසුදින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අග්‍රාමාත්‍යවරියට ආයෝජන මණ්ඩලය විසින් ලබා දුන් දත්ත නිවැරදි නොවන බවටත් පැවසීම තුළින් බොහෝ පිරිසත් අනුමාන කර තිබුණේ, මේ හේතුවෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ ගැටලු මතුව ඇති බවයි.

Also Read : අගමැතිගේ ‘සුප්‍රීම්සැට්’ කතාව සහ කැබිනට් වගකීම පිළිබඳව බිමල්ගෙන් ප්‍රකාශයක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “අගමැතිදූරයෙන් හරිනි ඉවත්කරන ලෙස ඉල්ලා JVP මන්ත්‍රිවරු 48ක් සහ සමාජ මාධය ක්‍රියාකාරීන් , රජයට හිතවත් මාධයවේදීන් පිරිසක් සෘජුවම මැදිහත් වෙයි. අගමැතිකමට JVPය නියෝජනය කරමින් ටිල්වින් හෝ බිමල්? හරිනි සමග ස්වාධීන වීමට NPP මන්ත්‍රීවරු 53ක් සූදානම්යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් දැනට පවත්නා තහවුරු කිරීම් මත අසත්‍ය බව ත්, මෙය සත්‍ය බවට පෙන්වා දීමට සාක්ෂි නොමැති බවත් ය‍. හරිනි අමරසූරිය මෙනවිය අග්‍රාමත්‍ය ධුරය හෙබවිම සම්බන්ධයෙන් පක්ෂයේ කිසිදු ගැටලුවක් නොමැති බව ත්, ඇය ඉවත් කරන ලෙසට පක්ෂයෙන් කිසිදු පාක්ෂිකයෙකුගෙන් ඉල්ලීමක් හෝ පැමිණ නොමැති බව ජාතික ජන බලවේගය තහවුරු කරයි.

Avatar

Title:අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත්කරන ලෙසට JVP මන්ත්‍රිවරුවරුන්ගෙන් ඉල්ලීමක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply