Last updated on February 21st, 2022 at 08:12 am
Update :
මෑතකදීද පසුගිය වසරේ සංසරණය වූ මන්ත්‍රී විජිත හේරත් මහතා ඡායාරූපයක් යොදාගනිමින් ඉන්දියාවේ කෝවිලක් වෙත ගිය බවට දක්වමින් ෆේස්බුක් සටහනක සඳහන් කර තිබුණේ,
“හේරත් සහෝදරයා ඇල්බට් අයිස්ටයින් දේවාලය අසල…
යාළුවෙක් සල්ලි දුන්නා.. අපි ගියා..
දැන් කාට හරි ප්‍රශ්න තීනවද? ප්‍රශ්න…? 😍” යනුවෙනි.


වාමාංශික විප්ලවකාරී දේශපාලන සංවිධානයක් ලෙස බිහිවූ ජනතා විමුක්ති පෙරමුණ පසුකලකදී සිය විප්ලවකාරී ව්‍යුහයෙන් මිදී, ප්රජාතන්ත්රවාදි දේශපාලන ප්රවාහයට එක්විය. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනවා දක්නට ලැබුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරනය වුයේ එම සටහන් අසත්‍යය මෙන්ම උපහාස කෝණයකින් ඉදිරිපත් කළ සටහන් බවය.
නව වසර උදාවත් සමගම “ජන සටනට පණ පොවමු” නම් වූ ෆේස්බුක් පිටුවක “පන්සල් යාම පසුගාමි ක්‍රියාවක් දෙවියන්ගේ පිහිට යැදීම විප්ලවීය වැඩක්” යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කෝවිලක සිටින දර්ශනය රැගත් ඡායාරූපයක් සහිතව, සටහනක් ඉදිරිපත් කර තිබුණේය.

ට්විටර් සමාජ ජාලය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් හුවමාරුවූ තවත් සටහනක් මෙසේය

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන තවත් සටහන් කිහිපයකම සඳහන් කර තිබුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා ඉන්දියාවේ තිරුපති කෝවිලට පැමිණි අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් ලෙසයි.

මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරුවෙමින් පැවති අතර අපහාසාත්මක කෝණයකින් යුතු ප්‍රතිචාර රැසක්ද හිමිව තිබුණේය
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහනට අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් ප්‍රවෘත්තියක් ඇත්දැයි සොයා බැලීම පිණිස විජිත හේරත් මන්ත්‍රීතුමාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඡායාරූප දෙකක් සහිතව “2020 වසර උදාවීම නිමිත්තෙන් වත්තල හේකිත්ත විහාරස්ථානයේ සහ වත්තල මහ කෝවිලේ අද (01) උදෑසන පැවති ආගමික වතාවත්වලට සහභාගී වෙමින්” තේමාව යටතේ ඔහු විසින් සටහනක් ඉදිරිපත් කර තිබුණි. එනිසා නව අවුරුදු උදාවත් සමගම විජිත හේරත් මන්ත්‍රීතුමා හේකිත්ත විහාරස්ථානයට මෙන්ම වත්තල කෝවිල වෙත ගිය බව අනාවරණය විය.
මේ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම පිණිස අපි විජිත හේරත් මන්ත්‍රීතුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. නව වසර උදා වීමත් සමගම හේකිත්ත විහාරස්ථානයට යාමෙන් පසු වත්තල කෝවිල වෙත ගිය බව පැවසූ ඔහු, පසුගිය රජයක සංස්කෘතික ඇමැති ධූරයද හෙබ වූ ඔහුට ඕනෑම ආගමික සිද්ධස්ථානයකට යෑමට හැකි බව අවධාරණය කළේය.

අවසාන නිගමනය
අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ නව අවුරුදු උදාවත් සමගම විජිත හේරත් මන්ත්‍රීතුමා හේකිත්ත විහාරස්ථානයට මෙන්ම වත්තල කෝවිල වෙත ද ගිය බවයි. එනිසා “ජන සටනට පණ පොවමු” නම් වූ ෆේස්බුක් පිටුවක “පන්සල් යාම පසුගාමි ක්‍රියාවක් දෙවියන්ගේ පිහිට යැදීම විප්ලවීය වැඩක්” යන තේමාව යටතේ සටහන නොමඟ යවන සුළු සටහනකි.

Title:පන්සල් යාම පසුගාමි ක්‍රියාවක් කියමින් විජිත හේරත් නව වසරේ දෙවියන්ගේ පිහිට පතයි?
Fact Check By: Sahan PereraResult: Partly False
