මන්නාරම් තෙල් නිධි පහෙන් ළඟදීම තෙල් ලබා ගැනීමට හැකි බවට ඇමති අනිල් ජයන්තගෙන් ප්‍රකාශයක්?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය ආරම්භය මෙරට ඈත ඉතිහාසය තෙක් දිය යන්නයක්. 1974 දී සෝවියට් දේශය, මන්නාරම දූපතේ පේසලේ ආශ්‍රිත ව ඛනිජ තෙල් කැණීම් ආරම්භ කළ අතර 2011 වසරේදී මන්නාරම් ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් ඇති බව විද්‍යාත්මකව හෙළි වූවත්, රටේ උද්ගත වූ දේශපාලනමය වෙනස්කම් මත මෙරට තෙල් නිෂ්පාදනය තවදුරටත් හීනයක් වූවා. කෙසේ වෙතත් 2025 වසඓ් මන්නාරම් තෙල් නිධිවලින් කැණීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වීමත්, වර්තමානයේ ගෝලීය වශයෙන් තෙල් ප්‍රවාහනය කිරීමේ අර්බුදය හමුවේ නැවතත් කරළියට ආ මන්නාරම් තෙල් නිධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිර්වද්‍යතාවය සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

තෙල් නිධි පහක් තියෙනවා ළගදීම ගොඩගන්නවා එවිට විදෙස් ඉන්ධන මතම යැපෙන්න ඔ්න නෑයනුවෙන් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබිණි.

Facebook | Archived Link

මෙම සටහන් පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මැදපෙරදිග ඇති වී ඇති යුදමය තත්ත්වය හමුවේ, ගෝලීය වශයෙන් බලපා ඇති ඉන්ධන අර්බුදයට ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති විසඳුමක් ලෙසට කෙටිකාලයකින් මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන ගොඩ ගැනීමට කටයුතු කරන බවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් පැවසුවා ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළ බව කියන  පසුගිය මාර්තු 10 වන දා ITN රූපවාහිනි නාලිකාවේ ‘ON AIR POLITICS’ වැඩසටහන පිළිබඳ අපගේ අවදානය යොමු වුණා. මෙහිදී ගෝලීය යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කරනු ලබනවා.

මෙම කතාබහේදී මන්නාරමේ ඛනිජ තෙල් නිධි සොයා ගැනීම සම්බන්ධයෙන් නිවේදක විසින් විමසීමක් කරනු ලබනවා. එහිදී අමාත්‍යවරයා පවසන්නේ,  මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පවතින බව ඛනිජ සම්පත් පර්යේෂණ සම්බන්ධයෙන් කටයුතු කරන අධිකාරිය විසින් දත්ත මගින් තහවුරු කර ඇති අතර, ඒවා ගොඩගැනීමට අවශ්‍ය තාක්ෂණය සහ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන කටයුතු කරමින් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිධි 5ක් පමණ ඇති බවට පර්යේෂණ දත්ත මගින් මේ වනවිටත් ඉන් නිධි 3ක හෝ 4ක සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ලැබී ඇති බව ත්, අනුමැතිය ප්‍රධාන වශයෙන්ම ලබා දී ඇත්තේ, තෙල් සහ ගෑස් පවතින බව දත්ත මගින් ඔප්පු වී ඇති බැවින් ඒවා ගොඩගැනීමේ යාන්ත්‍රණය සකස් කිරීම සඳහා බව ත්, පවසනවා.

අවශ්‍ය මිල කැඳවීම් සිදු කිරීමට,කැනීම් සඳහා අවශ්‍ය තාක්ෂණය සහ ආයෝජන ගෙන්වා ගැනීමට, මේ සඳහා අවශ්‍ය අදාළ උපදේශකවරුන් පත් කිරීමට, මෙම ක්‍රියාවලිය සඳහා අදාළ මුදල් ද මේ වනවිට වෙන් කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

තෙල් තියෙන බව දත්ත වලින් ඔප්පු කර ඇති බැවින් දැන් සිදු කිරීමට ඇත්තේ, තෙල් ටික ගොඩගැනීමේ යාන්ත්‍රණය බැවින් ඒ සඳහා යම් කාලයක් ගතවන බව ත්, ඉදිරියේදී එහි ප්‍රතිඵලය ලැබීම තුළින් ඉන්ධන, ගෑස් සම්පූර්ණයෙන් ම විදේශීය රටවලින් ආනයනය කිරීම  මත යැපීම යම්තාක් දුරට අඩු කර ගැනීමට හැකි වන බවත්, ඒ සඳහා යම් කාලයක් ගත වන බව මෙහිදී අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශ කරනු ලබයි. ඔහු කිසිදු අවස්ථාවක ළගදීම තෙල්, ඉන්ධන සැපයුම සිදු කළ හැකි බවට අදහස් නොදක්වයි.

එම අවස්ථාව පහතින්.

ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර ආචාර්ය නෙත්තිකුමාර

ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර ආචාර්ය නෙත්තිකුමාර මහතා පවසන පරිදි ඉතාමත් තාක්ෂණික මෙන්ම ප්‍රාග්ධන සැපයුමකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු මෙම ව්‍යාපෘතිය ගෝලීය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුව වාණිජමය වශයෙන් කටයුතු ආරම්භ කිරීමට වසර තුනක් අවම වශයෙන් ගතවනු ඇත. එමෙන්ම කටයුතු සම්පූර්ණ කොට ව්යාපෘතියෙහි ආරම්භයට ළඟා වීමට වසර පහක කාලයක් ගතවනු බවයි.

ඒ අනුව ද, පැහැදිලි වන්නේ, මෙම මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් වලින් ඉන්ධන ලබා ගැනීමට කලක් ගත වන බවයි.

අප රටේ එම තෙල් සහ ගෑස් සම්පත ඇමෙරිකානු ඩොලර් බිලියන 267 ක් බවට ගණන් බලා ඇති අතර, ආයෝජකයින් සඳහා සියයට 50 ක් ගෙවනු ලැබුවද අප රටට ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි කරගත හැකි තත්ත්වයක් යටතේ මෙම ගවේෂණය රටට ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

නෙත්තිකුමාර මහතා පවසා ඇත්තේ ආයෝජකයන්ගේ විශ්වාසය මෙන්ම ජාතික ප්‍රතිලාභ යන කරුණු ද්විත්වයම සහතික කෙරෙන ආකාරයේ කොන්ත්‍රාතුවක් කෙටුම්පත් කිරීමට ප්‍රමුඛත්වයක් දී තිබෙන බවය. එසේම මෙය අදාළ කර්මාන්තය පිළිබඳව විශේෂඥයින් සමග සාකච්ඡා කරමින් සිදු කරන්නක් බවද ඔහු සඳහන් කරනවා. 

මෙම ගවේෂණ සිදු කෙරෙන බිම් පෙදෙස් පිළිබඳ නෛතිකමය බලය රජය සතුවන බව පෙන්වා දී තිබෙන නෙත්තිකුමාර මහතා ඛනිජ තෙල් සම්පත් පනත උපුටා දක්වමින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ඕනෑම ඛනිජ තෙල් මෙහෙයුමකට අනුකූලව ලබා ගත් හෝ සකස් කරන ලද සියලුම ඛනිජ තෙල් දත්තවල අයිතිය රජයට පැවරෙන බවයි. එසේම එවැනි ඛනිජ තෙල් දත්ත කළමනාකරණය සහ පාලනය අධිකාරියට පැවරේ. නිමකර ඇති ක්‍රියා පටිපාටිය සහ ගාස්තුවලට යටත්ව වාණිජ, අධ්‍යාපනික හෝ විද්‍යාත්මක භාවිතය සඳහා ඛනිජ තෙල් දත්ත වෙත ප්‍රවේශවීම සඳහා බලපත්‍රයක් ලබා දීමේ අයිතිය අධිකාරිය සතු බව ද, සඳහන් කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් 2025 ඔක්තෝම්බර් මස පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අර්කම් ඉල්යාස් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, මන්නාරම් ද්‍රෝණියේ තුළ තෝරාගත් කොටස් හතරක තෙල් හා ගෑස් ගවේෂණය, සංවර්ධනය සහ නිෂ්පාදනය සඳහා වසර 3ක පමණ කාලයක් ගත වන බවයි.

තෝරාගත් ආයෝජකයින් සමඟ ඛනිජ තෙල් සම්පත් ගිවිසුමේ නියමයන් සඳහා සාකච්ඡා 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිත  බව ත්, 2026 නොවැම්බර් වන විට බිම් කොටස් ප්‍රදානය කිරීම සහ ඛනිජ තෙල් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ත්, 2026 දෙසැම්බර් වන විට ප්‍රදානය කරන ලද බිම් කොටස්වල ගවේෂණය ආරම්භ කිරීමට මූලික අදියරේදී හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය පරිපාලනය කරනු ලබන්නේ PRDS ලෙස ප්‍රසිද්ධ බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින්. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය ආරම්භය 1950 පෙර කාලයට දිව යන්නක්. 1984 ට පෙර ලබා ගත් දත්ත “ පැරණි දත්ත” හා 2001 ට පසු දත්ත “නව දත්ත” ලෙස සැලකෙනවා.

ප්‍රාග් ඓතිහාසික යුගයේ අප්‍රිකානු රිෆ්ට් පද්ධතියේ හරය තුල ශ්‍රී ලංකාව සිටි හෙයින් ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් නිධි තිබීම බොහෝ කලක සිට අනුමාන කර තිබෙනවා.. භූ විද්‍යාත්මකව ගත් කල මන්නාරම් ද්‍රෝණියේ අවසාදිත, ජුරාසික් අවධියේ මොසැම්බික් යුගයට සමපාත වූ බවක් දක්නට ලැබෙන නිසා එමඟින් ද තෙල් හා ගෑස් නිධි තිබීමේ සම්භාවිතාවක් පෙන්නුම් කරනු ලබනවා. තෙල් සහ බලශක්ති කර්මාන්තයේ සේවය කිරීමේ ප්‍රදර්ශනීය ඉතිහාසයක් ඇති පළපුරුදු විදුලි ඉංජිනේරු ධනුෂ්ක නුවන් බණ්ඩාර විසින් ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ ඉතිහාසයේ කාලරේඛාව මත වූ සිදුවීම් පෙළගස්වා තිබුණේ මෙලෙසින්. Archived Link

මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ මධ්‍යස්ථානයේ Dorado සහ Barracuda නම් ස්වාභාවික වායු නිධි දෙකක් 2011 දී සොයා ගැනුණා. මෙම සොයා ගැනීම් දෙකත් සමඟ මඟින් මන්නාරම් ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් ඇති බව විද්‍යාත්මකව හෙළි වුණා.

මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් බැරල් බිලියන 2 කටත් වැඩි ප්‍රමාණයක් සහ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9 කට වැඩි ප්‍රමාණයක් නිපදවීමට හැකි බව කලාපීය විශේෂඥයන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ගණන් බලා තිබෙනවා. 2011 ඔක්තෝබර 2වැනි දා එවකට ජනපති මහින්ද රාජපක්ෂ මන්නාරම් ​ද්‍රෝණියෙන් අතිවිශාල බොරතෙල්, ගෑස් නිධියක් මතු වී ඇති බව දළදා මාලිගාවේ පැවැති උත්සවයක දී පවසා සිටියා. ලංකාවේ තෙල් ගවේෂණය පිළිබඳ තව ත් ලිපියක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  කෙටිකාලයකින් මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන ගොඩ ගැනීමට කටයුතු කරන බවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසු බවට දක්වා ඇති සමාජ මාධ්‍ය සටහන් යොමග යන සුළු බවයි. අමාත්‍යවරයා පවසන්නේ,මන්නාරම් ද්‍රෝණියේ තෙල් තියෙන බව දත්ත වලින් ඔප්පු කර ඇති බැවින් දැන් සිදු කිරීමට ඇත්තේ, තෙල් ටික ගොඩගැනීමේ යාන්ත්‍රණය බැවින් ඒ සඳහා යම් කාලයක් ගතවන බව ත්, ඉදිරියේදී එහි ප්‍රතිඵලය ලැබීම තුළින් ඉන්ධන, ගෑස් සම්පූර්ණයෙන් ම විදේශීය රටවලින් ආනයනය කිරීම  මත යැපීම යම්තාක් දුරට අඩු කර ගැනීමට හැකි වන බවයි.

Result Stamp

Title: මන්නාරම් තෙල් නිධි පහෙන් ළඟදීම තෙල් ලබා ගැනීමට හැකි බවට ඇමති අනිල් ජයන්තගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *