දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රු 3700 මත්පැන් බෝතලයක රු 3200 ක්ම බදු යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රු. 3700 ගල් බෝතලේ රු 3200 ක් ම බදු – ආචාර්ය හර්ෂ ද සිල්වා ” යන ශීර්ෂපාඨය සහිතව දිවයින පුවත්පත විසින් පළ කර තිබූ පුවත් වාර්තාවක් ප්‍රධාන ධාරාවේ රූපවාහිනී මාධ්‍යයන් ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.



මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකර ඇති බවට පළ කර ඇති මෙම ප්‍රකාශය අනෙකුත් ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ මාධ්‍ය වාර්තා කර ඇත්ද එසේ නම් එය වාර්තා කර ඇත්තේ කෙසේද යන්න පරීක්ෂා කිරීමට අප මූලික වශයෙන් කටයුතු කළා.
අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ මෙම පුවත වාර්තා කර ඇත්තේ මත්පැන් බෝතලයක බදු මුදල රු 3200 ලෙස නොව, රු 2200 ලෙස දක්වමිනි.
එහිදී පැහැදිලි වූයේ තවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ මෙම පුවත වාර්තා කර ඇතත් එම වාර්තාවන් තුළ මත්පැන් බෝතලයක බදු මුදල රු 3200 ලෙස නොව, රු 2200 ලෙස දක්වා ඇති බවයි. එම වාර්තා තුළ අදාළ පුවත වාර්තා කර ඇත්තේ “රුපියල් 3700 කට අලෙවිකරන මත්පැන් බෝතලයකින් රු 2200 ක් බදු” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළ බව දක්වමිනි. කෙසේ නමුත්, දිවයින පුවත්පත විසින් මෙම බදු මුදල 3200 ක් ලෙස වාර්තා කර ඇති බවත් එම මාධ්‍ය වාර්තාවන් ඔස්සේ පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සැබෑ ලෙසම ප්‍රකාශ කර ඇත්තේ කුමක් ද ?
ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරස්පර සංඛ්‍යා වාර්තා කර තිබීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සැබෑ ලෙසම ප්‍රකාශ කර ඇත්තේ කුමක් ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
2026 අගෝස්තු 12 වැනි දින, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට (COPF) කැඳවා තිබූ අවස්ථාවේදී මත්පැන් බෝතල්වල අලවන ස්ටිකරය සහ ඩිජිටල් මුද්‍රණයෙන් සුරාබදු ආදායමට සිදුවන බලපෑම සහ ව්‍යාජ මත්පැන් වෙළෙඳපොළට පැමිණීම නිසා සුරා බදු ආදායමට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රුපියල් 3,700 ක් වන මත්පැන් (ගල් අරක්කු) බෝතලයක බදු මුදල කොපමණද යනුවෙන් එහි පෙනී සිටින සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටින අතර එහිදී ඔවුන් විසින් ප්‍රකාශ කරන්නේ එම බදු මුදල රුපියල් 2,200 ක් පමණ වන බවයි. එහිදී එම නිලධාරීන් විසින් නිශ්චිත මුදලක් ප්‍රකාශ නොකරන අතර, ආසන්න වශයෙන් රුපියල් 2,200 ක් පමණ වන බව ප්‍රකාශ කරන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, හර්ෂ ද සිල්වා මහතා විසින් “3700 න් 2200 ක් ටැක්ස්” යනුවෙන් නැවත ප්‍රකාශ කරන ආකාරය හඳුනා ගත හැකියි.
මත්පැන් මත අය කෙරෙන වත්මන් බදු අනුපාත
ශ්‍රී ලංකාවේ මත්පැන් සඳහා අවසන් වරට නිල වශයෙන් සුරාබදු අනුපාත සංශෝධනය කළේ 2025 ජනවාරි 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදිය. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද අංක 01/2025 දරන විශේෂ සුරාබදු නිවේදනය මඟින් මත්පැන් බදු අනුපාත 5.9% කින් පමණ ඉහළ නංවන ලදී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
5.9% ක බදු සංශෝධනයෙන් පසු එක් එක් මත්පැන් වර්ගය සඳහා දැනට පවතින නිල රාජ්‍ය සුරාබදු අනුපාතයන් (ශුද්ධ ඇල්කොහොල් ලීටරයකට) මෙසේය.
| මත්පැන් වර්ගය | සුරාබදු අනුපාතිකය (ශුද්ධ මත්පැන් ලීටරයකට) |
| විශේෂ ගල් අරක්කු (Special Arrack) | රුපියල් 7,244.00 |
| දේශීය නිෂ්පාදිත අනෙකුත් අරක්කු (පොල්, තල්, මොලෑසස්) | රුපියල් 7,752.00 |
| දේශීයව නිපදවන විදේශීය මත්පැන් (Foreign Spirits – Brandy, Whisky, Gin) | රුපියල් 7,969.00 |
| සැර බියර් (Strong Beer) (ඇල්කොහොල් ප්‍රතිශතය 5% ට වැඩි) | රුපියල් 6,015.00 |
| සැර අඩු බියර් (Standard Beer) (ඇල්කොහොල් ප්‍රතිශතය 5% හෝ අඩු) | රුපියල් 5,735.00 |
ශ්‍රී ලංකාවේ මත්පැන් සඳහා බදු අය කරනු ලබන්නේ නිමි නිෂ්පාදනයේ අඩංගු ශුද්ධ මත්පැන් ලීටරයකට ස්ථාවර මුදලක් වශයෙනි. මීට අමතරව 18% ක වැට් (VAT) බද්ද සහ 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ද මේ සඳහා එකතු වේ. මත්පැන් සඳහා රජය විසින් අය කරන මෙම සියලුම බදු එකතු වූ පසු, පාරිභෝගිකයා ගෙවන මුදලින් 65%+ කට වඩා වැඩි මුදලක් සෘජුවම රජයේ බදු ආදායම් ලෙස බැර වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රු 3700 ක මත්පැන් බෝතලයකින් 3200 ක්ම බදු යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. පසුගියදා සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් නිලධාරින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රු 3700 ක මත්පැන් බෝතලයක බදු මුදල කොපමණද යනුවෙන් එහි පෙනී සිටින සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටින අතර, එහිදී එම නිලධාරීන් විසින් ප්‍රකාශ කරන්නේ එම බදු මුදල රුපියල් 2,200 ක් පමණ වන බවයි. එහිදී එම නිලධාරීන් විසින් නිශ්චිත මුදලක් ප්‍රකාශ නොකරන අතර, ආසන්න වශයෙන් රුපියල් 2,200 ක් පමණ වන බව ප්‍රකාශ කරන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. නිලධාරීන් විසින් එලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෙරළා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් “3700 න් 2200ක් ටැක්ස්” යනුවෙන් ප්‍රකාශ කර ඇත.


