
දේශපාලඥයන් මෙන්ම පුවත් ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් පුවත් සංස්කරණය කරමින් වෙනත් අර්ථකතනයන් ලබා දී ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර පුවත්පත් සංස්කරණ ද බහුලවම දැක ගන්නට ලැබෙන අතර අප පසුගිය කාලයේ එසේ සිදුකළ කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්.
රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ආයෝජන කලාප හා පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දැක්වූ අදහසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ පිළිබඳව අප කළ විමර්ශනයෙන් තහවුරු වුණේ, මෙම සටහන ද පුවත්පත් සංසරණයක් බවයි.
සමාජ මාධ්‍ය සටහන් :
Green Force UNP ෆේස්බුක් පිටුවේ දැක්වුණේ, “ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නවා” යනුවෙන් රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පුවත් පතකට පැවසූ බවට පළ කළ වාර්තාවක් හිරු පත්තරේ විස්තරේ වැඩ සටහනේදී දැක්වූ බවට හඟවා ඇති සටහනකි.
එම සටහනේ සටහනේ ශීර්ෂයේ දක්වා තිබුණේ, “69 ලක්ෂයට තිබ්බ ලොකුම ප්‍රශ්නය දැන් ඒකත් හරි.. අපි යමු ඊළඟ එකට” යනුවෙනි.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණු සමාජ මාධ්‍ය සටහන පිළිබඳව නිරීක්ෂණයේදී එහි සඳහන් වූ ලෙස 2021 අප්‍රේල් මස 20 වන අඟහරුවාදා දින දිවයින ජාතික පුවත් පත නිරීක්ෂණය කළා එහිදී කංචන විජේසිංහ මහතාගේ වාර්තාවක් පිළිබඳ කිසිදු සටහනක් නොතිබුණි. එදින පුවත්පත බැලීමට මෙතනින්.
නමුත් 2021 අප්‍රේල් මස 19 වන දින දිනමිණ පුවත් පතේ 11 වන පිටුවේ රාජ්‍ය අමාත්‍ය කංචන මහතාගේ වාර්තාවක් පළ කර තිබුණා. එහි ශීර්ෂ පාඨයේ දැක්වුණේ, “මෙරට කිසිදු ආයෝජන කලාපයක් පළාත් පාලන ආයතනවලට අයත් නැහැ” – රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ලෙසයි.
එම සටහන පහතින් දක්වා තිබේ.

එමෙන්ම මෙම සත්‍ය සටහන පිළිබඳ කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරාගේ සිය නිල ෆේස්බුක් පිටුවේ අප්‍රේල් 19 වන දිනම සටහනක් පළ කර තිබුණේ මෙලෙසිනි.

සත්‍ය ඡායාරූපය හා සංස්කරණය කරන ලද ඡායාරූපයේ සංසදනය පහතින්.

සංස්කරණය කරන ලද ඡායාරූපය සත්‍ය වාර්තාව උපයෝගි කොටගෙන සත්‍ය පුවත්පත වෙනුවට වෙනත් පුවත් පතක පළ වූ බවට හඟවමින් මෙම ඡායාරූපය පළ කළ ඇති බවට පෙනේ. එමෙන්ම ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම සම්බන්ධයෙන් සත්‍ය පුවත්පත් වාර්තාවේද සඳහන් නොවේ.
අසත්‍ය සටහනේ දැක්වෙන පරිදි 2021 අප්‍රේල් මස 20 වන අඟහරුවාදා හිරු නාලකාවේ විකාශනය වන පත්තරේ විස්තරේ වැඩසටහන නැරඹීමේදී රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ අසත්‍ය පුවත ඉදිරිපත් නොවූ බවට තවදුරටත් තහවුරු කර ගැනීමට පුළුවන්. එදින වැඩසටහන මෙතනින්.
එමෙන්ම මෙහි කංචන විජේසේකර මහතා සම්බන්ධ 2021 අප්‍රේල් මස 19 වන දින දිනමිණ පුවත් පතේ පළ වූ සත්‍ය වාර්තාවද 2021 අප්‍රේල් 19 වන දින පත්තරේ විස්තරේ වැඩසටහන තුළින් දක්වා නොතිබුණි. එදින වැඩසටහන මෙතනින්.
එම අසත්‍ය වාර්තාව සත්‍ය ලෙස පෙන්වීම සඳහා හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ පුවත්පත් දක්වන ආකෘතිය අනුගමනය කොට සංස්කරණය කර ඇති බවට මෙමගින් තහවුරු වෙයි.
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශන වලට අනුව පෙනී යන්නේ ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නවා යනුවෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා දිවයින පුවත්පතකට පවසා තිබු බව දක්වමින් හුවමාරු වන්නේ, ඇත්ත වශයෙන් ම අප්‍රේල් මස 19 වැනි දින දිනමිණ පුවත්පතේ පළවූ වර්තාවක සිරස්තලය සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහනක් බවයි.

Title:ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම ගැන අමාත්‍ය කාංචනගේ ප්‍රකාශයක්?
Fact Check By: Sara GunaratneResult: Altered
