Archives

Explainer: දකුණු ආසියාවේ මේ දක්වා Pfizer එන්නත ලැබී තිබෙන රටවල් මොනවා ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් සිය නිල ට්විටර් ගිණුමේ පළ කළ ට්විටර් පණිවිඩයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එම පණිවිඩයේ සඳහන් වූයේ Pfizer නමැති කොවිඩ් එන්නත දකුණු ආසියාවේ ප්‍රථම වරට අත්පත් කර ගත් / ලබා ගත් (acquire) රජය වන්නේ ශ්‍රී ලංකාව බවයි.  අමෙරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ජුනි 05 වැනිදා අලුයම කටාර් ගුවන් […]

Continue Reading

FACT CHECK: මසකට දෙලක්ෂ පනස්දහසක අතිකාල දීමනාවක් ගන්නා වෛද්‍යවරයකුගේ වැටුප් වාර්තාවක්?

පසුගිය දින කිහිපයෙහි වරප්‍රසාද ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවයට අයත් වෘතීයවේදීන් දියත් කළ වැඩ වර්ජන හේතුවෙන් රෝගීන් බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූ බවක් වාර්තා වී තිබුණා.  මෙවන් පසුබිමක වෛද්‍යවරයකුගේ වැටුප් පතක විශාල අතිකාල දීමනාවක් සම්බන්ධයෙන් හුවමාරු වූ සටහනක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

Explainer: සේරුවාවිල සෑයට පුද කළ පළතුරු පූජාව මෑතකදී කළ පූජාවක්ද?

මීට වසර කිහිපයකට පෙර බෞද්ධ විහාරස්ථානවල මහා පරිමාණයෙන් සිදුවූ  පූජාවන්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවැනි ව්‍යසන තත්ත්වයකදී මේ ආකාරයේ විශාල පූජාවන් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ එවැනි ඇතැම් සටහන් මඟින් ප්‍රශ්න කර තිබුණි. මෙවන් පසුබිමක චෛත්‍යක් වෙත මහා පරිමාණයේ පළතුරු පුජාවක් සිදුකරන අයුරු දැක්වෙන ඡායාරුපයක් විවිධ තේමා යටතේ හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා. මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් […]

Continue Reading

FACT CHECK: කඩවත හැටන් නැෂනල් ATM කුටියේ සිදුවූ මුදල් මංකොල්ලයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා. මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලයෙකු මුදල් මංකොල්ල කන අවස්ථාවේ CCTV දර්ශන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ සංසරණය වූ සිදුවීමේ නිරවද්‍යතාවය […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ගැන කෝලිගෙන් ප්‍රකාශයක්?

එංගලන්ත සංචාරය අතර තුර නිරෝධායන නීතී උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් මේ දිනවල ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ අවස්ථා බොහොමයක් දැක ගන්නට ලැබුණා.  සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් උපහාසාත්මක සටහන්ද මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ අතර එවන් නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වයස පිළිබඳව නව වර්ගීකරණයක් සිදු කර නැහැ!

එකසත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු නොයෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කළ බවට දැක්වෙන සටහන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු වෙනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට අලුතින් පුද්ගලයන්ගේ වයස් වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇති බවට පළවූ සටහනක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ඉඳුනිල් […]

Continue Reading

FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්. මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading

FACT CHECK: ලංකාවේ දක්ෂ තරුණියකගේ නිර්මාණයක්?

නොයෙකුත් නිර්මාණයන් එළි දැක්වීමටත් ඒ සඳහා ප්‍රචාරය ලබා ගැනීමටත් සමාජ මාධ්‍ය මහඟු අත්වැලක් වෙනවා. එම නිර්මාණ අගය කිරීමටත් ඒ පිළිබඳව අනෙක් පිරිසත් දැනුවත් කිරීමට එවැනි ෆේස්බුක් සටහන් සංසරණය කර ගැනීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.  නමුත් මෙසේ හුවමාරු වන ඡායාරුප සටහන් වල දැක්වෙන්නේ නිවැරදි තොරතුරු යන්න පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත්. ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පිණියක් […]

Continue Reading

FACT CHECK: හිමි නමකගේ සැත්කමකට යැයි පවසමින් ලක්ෂ 4 ක මුදල් ආධාර ඉල්ලූ ව්‍යාජ සටහනක්

නොයෙකුත් රෝගී අවස්ථා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ආධාර එකතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සැක නොසිතෙන තරම් විස්තර දක්වමින්, පිළිගත හැකි ඡායාරූපද දක්වමින් ජනතාව රවටා මූල්‍ය වංචා සිදු කරන අයුරුද බහුලව දක්නට ලැබෙනවා. හිමිනමකගේ වකුගඩු දෙකෙහි ගල් 6ක් ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාද දක්වමින්, ආධාර ලබා දීමට […]

Continue Reading

FACT CHECK: අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – කුසල් ජනිත් පැවසුවාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඒ අනුව ශෝකයට පත් වී සිටින ක්‍රීඩා ලෝලීන් ප්‍රකෝපකාරී කරවන අන්දමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: ලංකාවේ තියෙන්නේ කාබනික පොහොර මාෆියාවක් යනුවෙන් නලින්ද ජයතිස්ස පැවසුවාද?

රටේ සිදුවන කාලීන තොරතුරු උපයෝගී කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිදු කළ බවට ව්‍යාජ ප්‍රකාශ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු වෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙනවා. මේ දිනවල කාබනික පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති මොහොතක ජ.වි.පේ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කාබනික පොහොර මාෆියාවක් සම්බන්ධයෙන් පුවත්පතකට කළ ප්‍රකාශයක් යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: සුසන්තිකාගේ ලේ උරුමයෙන් මෙවර ඔලිම්පික් සඳහා යන මේධානි?

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඔලිම්පික් තරඟාවලියට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයක්. ජුලි මස 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා තෙක් ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ද මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.  එවන් පසුබිමක ලංකාවේ කෙටි දුර ධාවන ශූරී […]

Continue Reading

FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ […]

Continue Reading

FACT CHECK: ගැබිනි මව හා බිළිඳු ජීවිතය බේරාගැනීමට ගිලන් රථය පැදවූ රාජාංගණය රෝහලේ වෛද්‍යවරයා තවමත් බන්ධනාගාරයේ ද?

පොසොන් පොහොය නිමිත්තෙන් පසුගියදා ජනාධිපති සමාව ලැබුණු පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එවන් පසුබිමක අතිශය මානූෂිය හේතුවක් මත ගැබිනි මවක හා බිළිඳු ජීවතයක් බේරා ගැනීම සඳහා ගිලන් රථ රියැදුරු නොමැති හේතුවෙන් වෙනත් රියැදුරුවෙකුගේ සහය ලබා ගැනීම මත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍යවරයෙකු නිදහස් කර ගැනීමට ඉදිරිපත් වෙමු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ […]

Continue Reading

FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: පොසොන් පොහෝ දා රුවන්මහවැලිසෑය පුදබිමේ දී අසූහාර දහසක කිරිපිඬු පූජාවක්?

පොසොන් පොහෝදාට සමගාමීව මෙවර නිවෙස්වල ආගමික වතාවන් සිදු කෙරුණේ රටේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වයන් හේතුකොට ගෙනයි. නමුත් රුවන්මහවැලිසෑය පුදබිමේ ඊයේ දිනයේදී සිදුකෙරුණු බවට කියන රුවන්වැලිසෑ රඳුන් උදෙසා පූජා කළ කිරිපිඬු අසූහාර දහසේ පූජාවක ඡායාරූපයක් සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් විවේචන එල්ල කළේ මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ආහාරපාන සපයා ගත නොහැකිව අසරණ වූ ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුවතක් වාර්තා […]

Continue Reading

FACT CHECK: BOSKO ටයිප් කර තරුවක් පැමිණියහොත් ජංගම දුරකථනය ඔර්ජිනල්ද?

ෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හා ෆේස්බුක් විචිත්‍රවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් එක් කරන මූලපදයන් (Keywords)  සජීවිකරණය (Text Delight Animations) කරමින් පරිශීලකියන්ට කලින් කලට හඳුන්වා දීම සිදු කරනවා අපට දැකගන්නට ලැබෙනවා.  නමුත් මෙම මූල පදයන් ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කොට ෆේස්බුක්හි යම් තැනක සඳහන් කිරීමේන් හෝ එම මූල පද මත ක්ලික් කිරීමෙන් […]

Continue Reading