FACT CHECK : චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?

විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම […]

Continue Reading

FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” […]

Continue Reading

FACT CHECK: තලෛබානුවන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරා දැමූ අවස්ථාවක් ද?

තලෛබානුවන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමග ජාත්‍යන්තරයේ අවධානය එරටට පසුගිය සති කිහිපයේම යොමු වූ අතර පසුගියදා අමෙරිකානු අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වුණා. මේ අතර තලෛබාන් සටන් කාමීන් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් පුද්ගලයෙකු උඩු ගුවනේදී එල්ලා මරණ දර්ශනයක් බවට සඳහන් කරමින් මෙරටේ මෙන්ම ජාත්‍යන්නතරයේද සමාජ මාධ්‍ය තුළත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළත් සංසරණය වුණා. […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසාදිත කුඩා බිළිඳෙකුගේ ඡායාරුපයක් ද?

ලංකාවේ මේ වනවිටත් පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සම්බන්ධයෙන් පළ වන පුවත් සහ සටහන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය සමයේ කොවිඩ් හේතුවෙන් බිළිඳු මරණ සැළකිය යුතු සංඛ්‍යාවක්ද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වැළදුණු බවට සඳහන් කරමින් කුඩා බිළිඳෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ දැක්වුණේ සත්‍ය වශේයෙන්ම කොවිඩ් ආසාදිත දරුවෙකු ද යන්න […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ […]

Continue Reading

FACT CHECK : 1981 වසරේ දී කොරෝනාව ගැන ලියැවුණු අභිරහස් පොතක්?

2019 වසර අග භාගයේ දී චීනයේ වුහාන් වලින් පැතිරීම ආරම්භ වූ බව සැලකෙන කොරෝනා වසංගතය මේ වන විට ලොව පුරා නව ප්‍රභේද ද මතු කරමින් පැතිරී යාම නිසා මේ තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත් වී හමාරයි. මේ අතර මෙවැනි වෛරසයක් ඇති වීම සම්බන්ධයෙන් අනාවැකි පළ කර අය පිළිබඳව පුවත් අන්තර්ජාලය පුරා පළවන අයුරු ද අපට […]

Continue Reading

FACT CHECK: අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාගේ ඡායාරුපයක් නොවේ!

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජනතාවගේ ආදරය දිනා සිටින නියෝජ්‍ය පොලිස්පති තුමාට කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවේයැයි […]

Continue Reading

FACT CHECK: රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධ කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ නිතර හුවමාරු වන ඡායාරූපයක් අපට නැවත වරක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා. එයින් දැක්වෙන්නේ LADA (ලාඩා) වර්ගයේ කුඩා මෝටර් රථයකට රුසියානු ජනාධිපතිවරයා පුරවා ගන්නා ආකාරයයි.  මෙම ඡායරුපයේ දැක්වෙන සිද්ධියේ සත්‍ය සිදුවීම කුමක් ද යන්න සොයා අප Factcrescendo […]

Continue Reading

FACT CHECK: හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරු “බාබු”ගේ ඡායාරුපයක් ද?

ප්‍රභූ පුද්ගලයින් හා සම්බන්ධ, විශේෂයෙන්ම පැරණි ඡායාරූප සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යනවා. ඇතැම් ඡායාරූප සත්‍ය වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා හෝ  දුටුවන් නොමග යවන ලෙස ව්‍යාජ විස්තරය  (headings/captions) සමඟ ද හුවමාරු වෙනවා. මේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව පළවූ එවැනි වැරදි අර්ථකතනයක් සමඟ හුවමාරු වූ ඡායාරූප සටහනක් පිළිබදව අප සිදුකල ගවේෂණයක්.  […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

මේ දිනවල දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයත් සමග සමාජයේ ඇතැම් පාර්ශව මෙම මරණ සිදු වන්නේ පසුගිය සමයේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන්ගේ බව හැඟවීමට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කිරීමේ උත්සහයක් සමාජ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා. ජනතාව නොමග යවන සුළු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝන් පුද්ගලයෙක් ගුවන් යානයක එල්ලී යන අවස්ථාවක් ද?

දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යානයකින් රටෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ සිදුවීම පදනම් කර ගනිමින් බොහෝ […]

Continue Reading

Fact Check: ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් කොරෝනා ආසධනය වී මියගිය ගුරුවරයෙක්ද?

පසුගිය වකවාණුවේ රට පුරා පැවති ගුරු-විදුහල්පති උද්ඝෝෂණ හමුවේ, කොවිඩ් වසංගතයේ පැතිරීම වේගවත් කිරීමට දාකය වූ බව පවසමින්, එම උද්ඝෝෂණවල නියැලුන වෘත්තීය සමිතී නායකයන් ඇතුළු ගුරුවරුන්ට ඇතැම් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ලවුණා. තත්ත්වය එසේ තිබියදී, මේ දිනවල සිදු වන කොවිඩ් මරණ තුළද එම උද්ඝෝෂණ සඳහා දායක වූ ගුරු පිරිස් සිටින බව දක්වමින් විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණා. එවන් […]

Continue Reading

FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading

FACT CHECK: කණ්නාඩි පොළඟා ලෙස නම්කරමින් හුවමාරු වූ සංස්කරණය කළ ඡායාරූපයක්?

අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්‍යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්‍ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝකයට සමාන කම් තිබෙනවා දැකගන්නට ලැබීම පුදුමයට පත් කරන කරුණක් වනවා. එවන් ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරඟයේ දී 28 වෙනි ස්ථානය ලබාගත්තා ද?

2020 ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී නිමාව දුටුවේ රන් පදක්කම් 39ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය ලබාගනිමින්. කොරෝනා වසංගතය නිසා යම් කිසි බාධා තත්ත්වයන් පැවතුණද තරඟ ඉසව් සඳහා සැළකියයුතු මට්ටමින් සහභාගීත්වයක් දැක ගන්නට ලැබුණු අතර නව තරඟ මෙන්ම ලෝක වාර්තා ද මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී දැක ගන්නට ලැබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් 2020 […]

Continue Reading

FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]

Continue Reading

FACT CHECK: මුහුණු ආවරණ නැතිව උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන්ගේ ඡායාරුපයක් ද?

(Photo credit goes to “themorning.lk”) වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව, පසුගිය සති කිහිපය පුරාම වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග රැසක් දියත් කරන්නට යෙදුණා. මෙම උද්ඝෝෂණ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වන සමයක පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පිරිස් සිය කණස්සල ද පළ කර තිබු අතර මෙම […]

Continue Reading

FACT CHECK : ෆේස්බුක් තුළ හුවමාරු වන පරිදි ඇමරිකානු ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250 සීමාවට ළඟා වුනාද?

පසුගිය කාලය පුරාම ඇමරිකානු ඩොලරයට සාපේක්ශව ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙමින් පැවති අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.200ක් දක්වා ඉහළ යෑම පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබුණා. මේ අතර ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250ක් තරම් ඉහළ අගයකට වැඩි වී ඇති බවට පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්:  පුණු තුෂාර නම් […]

Continue Reading