FACT CHECK : ලංකාවේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ වා ද?

Update : අප පහත ලිපියේ සඳහන් කර තිබු පරිදි 2021 ජුලි මස මුල් සති දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සීග්‍රයෙන් සිදුවූ අතර ජුලි මස 15 වැනිදා සවස කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ පළකර තිබු වාර්තාව අනුව ලංකාවේ එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස මිලියන 5 සීමාව පසුකර තිබුණි. ජුලි මස 15 වැනිදා වන විට සයිනොෆාම් එන්නතේ පමණක් පළමු […]

Continue Reading

FACT CHECK: 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ලැයිස්තුවේ කොටුවේ පොඩි නමත් ඇතුළත් ද?

අන්තර්ජාලය ඔස්සේ වසය අවුරුදු 15 ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ අතරතුර දී අත්අඩංගුවටපත් වන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව සමාජයේ මහත් අවධානයක් යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් එම සිදුවීමට අදාළ නොවන පුද්ගලයන්ගේද නම් සඳහන් කරමින් ඇතැම් අසත්‍ය ප්‍රචාරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. මීට පෙරද අප එවැනි සටහන් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: දුර්ලභ රත්හඳුන් ශාක කඳන් පෙළක් ද?

රත් හඳුන් යනු ලංකාවේ සුලභව දක්නට ලැබෙන ශාකයක් නොවේ. එවැනි රත් හඳුන් ශාක කඳන් පෙළක් කපා දමා තිබු අවස්ථාවක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකය දක්වා ඇත්තේ රත් හඳුන් ශාකයක්ද යන්න විමසා බැලීමට අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මත අප ඒ පිළිබඳ විමර්ශනයක යෙදුණා. එම විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අපි නොදුටු ලෝකය […]

Continue Reading

FACT CHECK: වෙසක් පොහෝ දින මිහින්තලය රජමහා විහාර භූමියේ ලබාගත් ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන්ද අප නිතර සැළකිය යුතු වන්නේ ඒ හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදුවන බැවිනි. නමුත් හිතාමතාම ජනතාව නොමග යැවීම සඳහා එම ඡායාරූප යම්කිසි සිදුවීමකට අදාළ සත්‍ය ඡායාරූප බවට ඒත්තු ගැන්වීමට, ඇතැම් විට උපහාසාත්මක හෝ අපහාසාත්මක කෝණවලින් කටයුතු කිරීම ද සුලබව දක්නට ලැබෙනවා.  වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක […]

Continue Reading

FACT CHECK: මසකට දෙලක්ෂ පනස්දහසක අතිකාල දීමනාවක් ගන්නා වෛද්‍යවරයකුගේ වැටුප් වාර්තාවක්?

පසුගිය දින කිහිපයෙහි වරප්‍රසාද ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවයට අයත් වෘතීයවේදීන් දියත් කළ වැඩ වර්ජන හේතුවෙන් රෝගීන් බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූ බවක් වාර්තා වී තිබුණා.  මෙවන් පසුබිමක වෛද්‍යවරයකුගේ වැටුප් පතක විශාල අතිකාල දීමනාවක් සම්බන්ධයෙන් හුවමාරු වූ සටහනක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා. මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ගැන කෝලිගෙන් ප්‍රකාශයක්?

එංගලන්ත සංචාරය අතර තුර නිරෝධායන නීතී උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් මේ දිනවල ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ අවස්ථා බොහොමයක් දැක ගන්නට ලැබුණා.  සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් උපහාසාත්මක සටහන්ද මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ අතර එවන් නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්. මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading

FACT CHECK: හිමි නමකගේ සැත්කමකට යැයි පවසමින් ලක්ෂ 4 ක මුදල් ආධාර ඉල්ලූ ව්‍යාජ සටහනක්

නොයෙකුත් රෝගී අවස්ථා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ආධාර එකතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සැක නොසිතෙන තරම් විස්තර දක්වමින්, පිළිගත හැකි ඡායාරූපද දක්වමින් ජනතාව රවටා මූල්‍ය වංචා සිදු කරන අයුරුද බහුලව දක්නට ලැබෙනවා. හිමිනමකගේ වකුගඩු දෙකෙහි ගල් 6ක් ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාද දක්වමින්, ආධාර ලබා දීමට […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: සුසන්තිකාගේ ලේ උරුමයෙන් මෙවර ඔලිම්පික් සඳහා යන මේධානි?

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඔලිම්පික් තරඟාවලියට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයක්. ජුලි මස 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා තෙක් ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ද මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.  එවන් පසුබිමක ලංකාවේ කෙටි දුර ධාවන ශූරී […]

Continue Reading

FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: පොසොන් පොහෝ දා රුවන්මහවැලිසෑය පුදබිමේ දී අසූහාර දහසක කිරිපිඬු පූජාවක්?

පොසොන් පොහෝදාට සමගාමීව මෙවර නිවෙස්වල ආගමික වතාවන් සිදු කෙරුණේ රටේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වයන් හේතුකොට ගෙනයි. නමුත් රුවන්මහවැලිසෑය පුදබිමේ ඊයේ දිනයේදී සිදුකෙරුණු බවට කියන රුවන්වැලිසෑ රඳුන් උදෙසා පූජා කළ කිරිපිඬු අසූහාර දහසේ පූජාවක ඡායාරූපයක් සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් විවේචන එල්ල කළේ මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ආහාරපාන සපයා ගත නොහැකිව අසරණ වූ ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුවතක් වාර්තා […]

Continue Reading

FACT CHECK: BOSKO ටයිප් කර තරුවක් පැමිණියහොත් ජංගම දුරකථනය ඔර්ජිනල්ද?

ෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හා ෆේස්බුක් විචිත්‍රවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් එක් කරන මූලපදයන් (Keywords)  සජීවිකරණය (Text Delight Animations) කරමින් පරිශීලකියන්ට කලින් කලට හඳුන්වා දීම සිදු කරනවා අපට දැකගන්නට ලැබෙනවා.  නමුත් මෙම මූල පදයන් ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කොට ෆේස්බුක්හි යම් තැනක සඳහන් කිරීමේන් හෝ එම මූල පද මත ක්ලික් කිරීමෙන් […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

FACT CHECK: පළමු වරට වාර්තා වූ මුහුණ සහ බඩ සුදු දුර්ලභ මුව පැටවා තවමත් ජීවතුන් අතර ද?

දුර්ලභ ගණයේ සිරුරේ අඩක් සුදු පැහැති දුර්ලභ මුව පැටවෙකු පිළිබඳව  සමාජ ඔස්සේ පසුගිය දින කිහිපය ඔස්සේ කිහිපදෙනෙකුම සටහන් හුවමාරු කරගෙන තිබුණා. බැලු බැල්මට මෙම සටහන් මඟින් මෙය මෑතක සිදුවීමක් බව හඟවා තිබූ අතර මුව පැටවා සිටින ස්ථානය සඳහන් නොකරන්නේ එම සත්වයාගේ ආරක්ෂාවට යනුවෙන් ද පළවූ වූ සටහනක් හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදු වී ඇති බවට […]

Continue Reading

FACT CHECK: වියත්මග සභාපතිකම නාමල්ට ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්?

වියත්මග සභාපතීත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට වියත්මග විද්වතූන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වුණා.  එම පුවත වාර්තා වීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ඉල්ලීම්ද ලැබුණා. මෙම පුවතේ කරුණු සනාථ කිරීමට අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : Lanka C news ෆේස්බුක් පිටුවේ […]

Continue Reading

FACT CHECK: සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමු දුන්න ද?

නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : Sri Lankan Cricket Fans නම් ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්තිගේ TOYOTA PRADO ජීප් රථය ?

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා.  මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත් මෝටර් රථයක් බවට සඳහන් කරමින්  ඡායාරූපයක් හුවමාරු කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු […]

Continue Reading