පසුගිය දිනක (ඔක්තෝම්බර් 6) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් තිබු අතර පසුදින නැවත ඔහු සොයාගනු ලැබිණ. මෙවැනිම සිදුවීමක් පසුගිය ජුලි මාසයේදී ද වාර්තා විය. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් සහ යුධ හමුදා බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් රැසක් යොදවා සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණු අතර ඔහු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සොයා ගෙන නැවත IDH රෝහල වෙත පිටත් කර යවන ලදී. ඊට පසු දින, IDH රෝහලෙන්ම තවත් කොරෝනා අසදිතයෙක් පලාගිය බවට අසත්‍ය පුවත් වාර්තා වූ අතර අප ඒ පිලිබඳ සිදුකල අනාවරණයක් මෙලෙසින්.

මේ අයුරින්ම කොරෝනා ආසාදිත යයි සැක පිට නිරෝධායන කදවුරක් වෙත ගමන් කරමින් සිටි  පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරක් අතරතුර බස්රථයෙන් පැන පලායන අයුරු යන තේමාවෙන් හුවමරු වූ ඡායාරූප සටහන නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපට අනාවරණය විය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් :

"කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කදවුරක් වෙත රැගෙන යෑමේදී අදාළ බස් රථය නුවරඑළිය හෝල්බෘක් ප්රදේශයේදී අනතුරකට ලක්ව ඇති අතර ඒ මොහොතේ එහි සිටි නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් බස්රථයෙන් පැන පලායන අයුරු" යනුවෙන් සදහන්  ඡයාරූපයක් සහිත සටහනක් මේ වනවිට සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.එවැනි සටහනක් පහතින්

Original LinkArchived LinkOriginal LinkArchived

වෙබ් අඩවි කිහිපයකද මෙම පුවත පලව තිබු අයුරු පහතින්.

Original LinkArchived Link

මෙම පුවත සම්බන්ධව ට්විටර් තුල පළවූ සටහනක් මෙලෙසින්

Original LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවත පුවත සම්බන්ධයෙන් Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් එවැනි පුවතක් වාර්තාකර නොතිබූ බව පැහැදිලිවිය.

පලවන පුවත සම්බන්දයෙන් අපි, පොලිස් මාධ්‍ය අංශය මගින් දිනපතා මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන පුවත් වාර්තා නිරීක්ෂණය කල අතර මෙවැනි නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් පලායාම සම්බන්ධයෙන් පුවතක් එහිද නොතිබිණ.

තව දුරටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප මෙම සිදුවීමට අදාළ රාගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් කරුණු විමසීමක් සිදුකලෙමු.

එහිදී රාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අප වෙත සඳහන් කර සිටියේ බස් රථ දෙකක් අනතුරට පත්වූ සිදුවීම සත්‍ය නමුත්, එහෙත් සමාජ මාධ්‍ය තුල පලවන ආකාරයෙන් නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් එලෙස බස්රථයෙන් පැන යාමේ සිදුවීමක් නොවූ බවයි. 

ස්ථානාධිපතිතුමන් තව දුරටත් පවසා සිටියේ, හමුදා බස් රථයේ, නිරෝධායනය සදහා ගෙන ගියේ කාන්තාවන් 4 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයකු වන අතර, එම බස් රථයෙන් පුද්ගලයන්ට පිටතට පැමිණීමට නොහැකි ලෙස ආවරණය කර තිබු අතර, දොර කිසිවිටෙකත් විවෘත නොකළ බවයි. තවද ඔවුන්ට විශේෂිත නිරෝධායන ඇදුම් (PPE Kit) අන්දවා තිබු බවද ඔහු සදහන් කර සිටියේය. එම අනතුර සමඟ යම්කිසි මාර්ග තදබයක් ඇතිවූ අතර කෙටි වෙලාවකින් එය නිරාකරණය කරන ලද අතර නිරෝධායනය සදහා ගෙන යමින් සිටි පිරිස සහිත බස් රථය ද පිටත්ව ගිය බව තහවුරු කර සිටියා.

එසේ නිරෝධායනට ගෙන ගිය පිරිස භාරව සිටියී යුධ හමුදාව බැවින් අප, යුධ හමුදා මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව කල විමසීමකදී ඔවුන්ද තහවුරු කර සිටියේ නිරෝධායනය සදහා ගෙන ගිය පිරිසක් නුවරඑළියේදී පලාගිය බවට පළවන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ඔවුන් සුරක්ෂිතව රන්ටැඹේ නිරෝධායන කඳවුර වෙත ගෙනගිය බවත්ය

මේ පිලිබඳ පළවන සටහන් විමර්ශනයේදී එම ප්‍රදේශයේ පුවත් සටහන් ෆේස්බුක් හරහා පලකරන හඟුරන්කෙත-(Hanguranketha) නම් ෆේස්බුක් පිටුවක් අපට දැක ගන්නට ලැබුණි. ඔවුන් විසින් ඔක්තෝබර් 9 වැනිදා සිදුවීම මෙසේ වාර්තා කර තිබු අතර සමාජ මාධ්‍ය සටහන් තුලින් ඒ සඳහා වැරදි අර්ථකතනයක් ලබා ගෙන බව පෙන්වමින් පැහැදිලි සටහනක් මෙලෙසින් ද පළකර තිබුනා. 

https://www.facebook.com/hanguranketa/photos/a.703098129733847/3535129043197394/?type=3&__xts__%5B0%5D=68.ARAFbQoh8F7CZ8APRAvXcVN4_PC75YBcGLUFxS71hNKhfPA3ljG6FWgAtocAdf6wE9zomdhGBV3diADC9t5bpGbEwMG6K0n5y9VOB9zKitBhDOA8mf9L-lV4qdtnMfYGwysz1ZcPD8dKew03kcVstT0Y-Ny72gweMAyf4nABtjxcI877QIbFcb2vhea5zxqHqSfRmP_SivuWHT_WScl-l2k6xTXnWfbJmWi54xaSclrcAvQIbxk5-JSHp_K13V_SuOv0fZRO8Wquw0M7BUB2RRmNPzWGW1yvcQomVMKSj5W7p8ST1bfmuUBtjZIS6wrHtkCalaa4OcRXfydlqAqpPZC-YQ&__tn__=-R

LinkArchived

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු සලකා බැලීමේදී අපට තහවුරු වුයේ "කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කදවුරක් වෙත රැගෙන යෑමේදී අදාළ බස් රථය නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති අතර ඒ මොහොතේ එහි සිටි නිරෝධායනය සඳහා ගෙනයන පිරිසක් බස්රථයෙන් පැන පලායන අයුරු" යන තේමාව යටතේ සමාජ මාධ්‍ය තුල පළවන සටහන් අසත්‍ය බවයි.

නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් ගමන් ගත් බස් රථයක් සුළු අනතුරකට පත්වූ බවත් එහිදී එම පිරිසෙන් කිසි-වෙකුත් බස්රථයෙන් පිටතට නොගිය බවත්, බවත් රාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තහවරු කල අතර කාන්තවන් 4ක් සහ එක පිරිමි අයෙකු ගෙන් සමන්විත වූ එම බස් රථයේ ගමන් ගත් පිරිස සුරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගොස් ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී බස් රථයකින් පැන ගියාද?

Fact Check By: Sahan Perera

Result: False