යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය.

පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය දා බෙදා දෙන බවට සමාජ මාධ්‍යන්හි සටහනක් සංසරනය වේ.එම සටහන පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ශනයේදි තහවුරු වූයේ එය සාවද්‍ය සටහනක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

කොරෝනා ව්‍යසනය හමුවේ අසරණ බවට පත්ව ඇති කෙළඹ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් පාඨලි චම්පික රණවක මහතා සිය වියදමෙන් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ලක්, බෙදා දෙන බවට දීර්ඝ කථාංගයක් ද සහිතව, “කොරෝනාවෙන් පීඩාවට පත් වෙලා සිටින ජනතාවට චම්පිකගෙන් වියලි ආහාර මල්ලක්” තේමාවෙන් Mohamed Akram නමැති ෆේස්බුක් ගිනුමක ඉදිරිපත්ව තිබුණි.

FacebookArchived Link

එම විස්තරයේ බොහෝ තැන්වල ඉස්මතු කර තිබු කරුණක් වුයේ 2025 ජනාධිපති අපේක්ෂකත්වය අරබයා මෙවැනි කටයුතු පාඨලී චම්පික රණවක මහතා විසින් සංවිධානය කර තිබු බවක්.

Lanaka NEWShub නමැති වෙබ් අඩවියකද මෙම ප්‍රවෘත්තිය “කොරෝනාවෙන් පීඩාවට පත් වෙලා සිටින ජනතාවට චම්පිකගෙන් වියලි ආහාර මල්ලක්” යන සිරස්තලයෙන් දක්නට ලැබුණි.

WebsiteArchived

මෙම සටහන විවිධ ෆේස්බුක් පිටුවල ද ඉදිරිපත්ව තිබෙණු නිරීක්ෂණය විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු තහවරු කර ගැනීමට අප පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වුයෙමු. සංවිධානාත්මක කල්ලියක් විසින් පන්නරය සන්නාමය යොදා ගනිමින් වියළි ආහාර මල්ලක් කොළඹ ජනතාව වෙත ලබා දෙන බවට සාවද්‍ය සටහනක් ඉදිරිපත් කර ඇති බව අප හා එක්වු මාධ්‍ය නිලධාරියා පැවසීය. මෙය පාඨලී චම්පික රණවක මහතා නිහඬ කිරීමට මෙන්ම අපකීර්තියට පත්කිරීමට ගත් දීන තැතක් බව ද ඔහු අවධාරනය කර සිටියා. එසේම මේ පිලිබඳ කරුණු ඇතුළත් සටහනක්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති බව ද පැවසීය.

අප පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. එහි පහත කථාංගය සහිත සටහන නිරීක්ෂණය විය.

“සංවිධානාත්මක කල්ලියක් විසින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කල, සංවර්ධන වැඩසටහන් ප්‍රවර්ධනය සදහා සිදුකල "පන්නරය" ප්‍රචාරණ ව්‍යාපෘතියේ සන්නාමය භාවිතා කර, මා විසින් කොලඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියලි ආහාර මල්ලක් ලබාදී ඇති බවට හැඟීයන ආකාරයේ ජායාරූපයක් සහ ප්‍රවෘත්තියක් ව්‍යාජව සකස් කොට විවිධ ස්ථානවල පළකර ඇත.

"පන්නරය" ප්‍රචාරණ වැඩසටහන කිසිසේත්ම පෞද්ගලික දේශපාලන කටයුතු සදහා භාවිතා කල නොහැකි අතර එසේ කරන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව මා විසින් දැනුවත්ව සිටියදී, "2025" යන සළකුණද සහිතව මෙම ව්‍යාජ ජායාරූප සකස් කිරීමට යම් පරාජිත (ෆේල්) දේශපාලන බලවේගයක් විසින් කටයුතු කරමින් සිටීම ලැජ්ජාවට කරුණකි.

කරුණාකර මගේ පෞද්ගලික චරිතයට මඩ ගැසීමට කාලය හා ධනය වියදම් නොකර, ඒ මුදලෙන් සහ කාලයෙන් කොරෝනා නිසා පීඩාවට පත්ව සිටින අසරණ ජනතාවට සහනයක් ලබාදෙන ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. - පාඨලී චම්පික රණවක” යනුවෙන් පළවූ එම සටහන පහතින්.

FacebookArchived Link

එසේම මෙම පුවත පන්නරය ෆේස්බුක් පිටුව හරහා හුවමාරු කරගෙන තිබු ආකාරයක් ද සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණ ද පන්නරය ෆේස්බුක් පිටුවේ කිසිඳු හෝ ආකාරයේ සටහනක් 2020 වසර පුරාවටම පළකර තිබුනේ ද නැති බවක් අපට දැකගනන්ට ලැබුනා. පසුගිය රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන්පන්නරය” වැඩසටහන ආරම්භ වී ඇත්තේ 2019 වසරේ ජුලි මාසයේ දී මෙලෙස ආරම්භ වූ බවට පුවත් වාර්තා පලවී තිබුණි

තවත් විශේෂත්වයක් වුයේ මෙසේ හුවමාරු වන එකඳු හෝ ඡායරුපක වියළි ආහාර පිරිනමන හෝ ලබාගන්නා තැනැත්තන්ගේ මුහුණු පෙනෙන්න්නට නැති වීමයි. එසේම ඉහත ආකාරයේ කටයුත්තක් සිදුවේ නම් බොහෝ විට මාධ්‍ය ආවරණයක් ලැබෙන අතර කිසිඳු ප්‍රධාන පෙළේ මාධ්‍යක මේ පිලිබඳ වාර්තාවක් දැකගනන්ට ලැබුනේ ද නැහැ.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරෝනා ව්‍යසනය හමුවේ අසරණ බවට පත්ව ඇති කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් පාඨලි චම්පික රණවක මහතා සිය වියදමෙන් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ලක් බෙදන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇත්තේ අසත්‍ය සටහන් පෙළක් බවයි.

Avatar

Title:කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

Fact Check By: Nelson Mani

Result: False