අරුම පුදුම ආකාරයෙන් වැඩුනු ශාක පිලිබඳව විටෙන් විට සමාජ මාධ්‍ය තුල පලවන සටහන් අපට දැකගන්නට පුළුවන්. ලංකාවේද මේ ආකාරයේ විශේෂිත ආකාරයෙන් වැඩුනු ගස් පිලිබඳව විස්තර ප්‍රධාන මාධ්‍ය හරහා ද ඇතැම් විට අපට දැකගනන්ට ලැබෙනවා.

මේ අතර බයිසිකලයක් මැදිකොට වැඩුණු විශාල ගසක් පිළිබඳව ද පුවතක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබු අතර එහි දක්වා තිබුනේ පළමු ලෝක මහා යුද්ධයේ අවාසනාවන්ත ලෙස මියගිය සොල්දාදුවෙකු සිහිකරනු වස් මේ ආකාරයෙන් රඳවා තැබු ඔහුගේ බයිසිකලය සමඟ ම ගස වැඩී තිබු බවක්.

විශ්වාස කිරීමට අපහසු මෙම සටහන් පිලිබඳ අපගේ විමර්ෂණයෙදී දැන ගන්නට ලැබුනේ මෙය මීට දශක හයකට පමණ පෙර වොෂින්ටන් හි දිවයිනක විසු කුඩා දරුවෙකු, තමා ප්‍රිය නොකරන බයිසිකලයක් කැලයේ දමා යෑමෙන් පසු එම ගස මෙසේ බයිසිකලයත් සමඟ වැඩි තිබු බවක්.

සමාජ මාධ්‍ය සටහන්:

Jayantha Wijesekara නම් අයෙකු විසින් බයිසිකලයක් මැදිවී වැඩුණු ගසක් බව පෙන්වන පරිදි සටහනක් සමඟින් ඡායාරුපයක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.

Facebook | Archived

එම ඡායාරූපය සමග විස්තරයක්ද දක්වා තිබුනු අතර එහි සඳහන්ව තිබුනේ 1914 වසරේ වොශින්ටනයේ අවුරුදු 14 ක කුඩා දරුවෙකු එවකට පැවති යුද්ධය සඳහා යාමට සිය බයිසිකලය ගසකට හේත්තු කර ගිය ද ඔහු නැවත පැමින තිබුනේ නැති බවක්. එබැවින් එම ළමා එම සොල්දාදුවා සිහි කිරීමට මෙසේ ඔහුගේ බයිසිකලය ඒ ආකාරයටම තිබු අතර කාලයාගේ ඇවෑමෙන් එම බයිසිකලය ගසත් සමගම මෙසේ වැඩී තිබු බවත්ය.

මෙම පුවත අසමාන්‍ය එකක් බැවින් සහ බොහෝ දෙනෙක් මෙම ෆේස්බුක් සටහන හුවමාරු කරගෙන තිබු බැවින් මෙම පුවතේ සත්‍යතාවය සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම කරුණ පිලිබඳව සොයා බැලීමේදී බැලූ බැල්මටම මෙම පුවතේ වැරදි කරුණු ඇති බව පෙනී යනවා.1914 වසරේදී පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ වුවද ඇමරිකාව මුලික අවධියේදී යුද්ධය සඳහා මැදිහත් වීමක් සිදු කර නෑ. ඇමරිකාව පළමු ලෝක යුද්ධය සඳහා පිවිසෙන්නේ 1917 වසරේදීයි.

history.state.gov | history.com

තවදුරටත් මේ ආකාරයට වැඩී ඇති ගස ඇති ගසේ ඡායාරුපය Reverse Image හරහා විමර්ෂණය කිරීමේදී එය ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ Vashon Island Bike Tree ලෙස නම් වූ ස්ථානයක් බව පෙනී ගියා. Flicker වෙබ් අඩවියේ එම බයිසිකලයේ ඡායාරුපයක් පළකර තිබුනේ මෙලෙසින්.

එසේම ඒ පිලිබඳ පුවත් රැසක් ද පලවී තිබුණා. එවැනි එක් පුවතක් පහතින්

abcnews.go.com | Archived

1954 වසරේ Helen Puz නම් කාන්තාවගේ සැමියා මිය යාමෙන් පසුව මෙම බයිසිකලය ගම් වැසියන් විසින් ඇයට තෑගි කරන ලද බව එහි වාර්තා කර තිබුනා. මෙම පුවතට අනුව තෑගි ලැබුණු එම බයිසිකලය කාන්තාවන් භවිතා කරන බයිසිකලයක් බවත් එම බයිසිකලය Helen Puz විසින් ඇයගේ 8 හැවිරිදි පුතු Don Puz ට ලබා දුන් බවත් සඳහන් කර තිබුනා.

කෙසේ නමුත් මෙම බයිසිකලය කාන්තාවන් සඳහා නිපදවූ එකක් වූ බැවින් ඇයගේ පුතු මෙම බයිසිකලය පැදීමට ප්‍රියතාවයක් දක්වා නෑ. දිනක් Don Puz තම මවට පවසා තිබුනේ තමාගේ බයිසිකලය නැති වි ඇති බවක්.එය කාන්තාවන් සඳහා තැනූ එකක් බැවින් එය සොයා බැලීමට ඔවුන් වැඩි දුරටත් උනන්දුව නෑ.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් දශක කිහිපයකට පසුව හෙලන් විසින් ඇයගේ පුතු සතුව පැවති බයිසිකලයට කුමක් සිදුවිනිදැයි දැනගැනීමට ලැබී තිබුනා . ඒ අඩි පහක් උස ගසක් මත බයිසිකලයක් සොයාගෙන ඇතැයි පලවූ පුවතකින්.

මෙම බයිසිකලය හෙලන් විසින් ඇයගේ පුතුට දුන් බයිසිකලය බවට හෙලන් විසින් මෙන්ම Don Puz විසින් ද හඳුනාගෙන තිබුනා. එම පුවත පහතින්.

vashonbeachcomber.com | Archived

Don Puz මෙම ස්ථානය වෙත ගොස් ඡායාරූප ලබා ගෙන තිබු අතර එවැනි එක් ඡායාරූපයක් පහතින්.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-World War Cycle-Capture.JPG

Facebook Archived

ලොව වටා සංචාරකයින් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙනවා. මේ පිලිබඳ විස්තරයක් මෙතනින්. මේ වන විට බයිසිකලයේ ඉදිරි රෝදය දැකගනන්ට ලැබෙන්නේ ද නැහැ.

එසේම මෙම ගසේ බයිසිකලයක් පිලිබඳ පුවත නොයෙක් ආකාරයේ කල කෘති සඳහා ද මුල්වී තිබෙන බව අපට දැක ගන්නට ලැබුණා. Red Ranger Came Calling

විව්ධාකරයේ වස්තු සමඟ ගස් වැඩී තිබු අවස්ථා පිලිබඳ ඡායාරුප පෙළක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

මෙම බයිසිකලයත් සමග වැටුණු ගස හා සම්බන්ධ පුවත පිළිබඳ විවිධාකාරයේ මත පළ වී තිබුණ ද බයිසිකලේ මීට දශක හයකට පෙර අයිතිකරු වූ Don Puz මහතා විසින් එය හඳුනා ගැනීමත් සමගම හි සත්‍යය කතාව අනාවරණය වී තිබේ. පුවතේ දක්වා තිබු ආකාරයට 1914 වසරේ දී ඇමරිකාවේ යුද්ධයක් තිබුනේ නැති අතර පළමු ලෝක සංග්‍රාමයට ඇමරිකාව දායක වුයේ 1917 වසරේ දී ය.

වොෂින්ටන් Vashon Island නම් දූපතේ 1950 දශකයේ දී විසු පවුලක පියාගෙන් වියෝවෙන් පසු ගම්වාසීන් විසින් මවට ලබාදුන් බයිසිකලයක්, පසුව මව විසින් සිය පුතු වූ කුඩා Don Puz දරුවාට ත්‍යාග කරන ලදි. නමුත් එය කාන්තාවන් පවිච්චි කරන වර්ගයේ බයිසිකලයක් වූ බැවින්, කුඩා Don Puz එයට කැමැත්තක් දැක්වූයේ නැත. එම බයිසිකලය කැලයේ දමාගොස්, බයිසිකලය නැති වූ බව පවසා ඒ ගැන ඉන්පසු සොයා බැලීමක් සිදුකර තිබුණේ නැහැ. ඊට වසර පනහකටත් පසුව මෙම අරුම පුදුම ගසක් සමඟ තිබෙන බයිසිකලය හා සම්බන්ධ පුවත් සැලවීමත් සමගම, එකල සිය නිවෙසට ආසන්නයේ පිහිටි එම ස්ථානයට ගිය මවට සහ පුතාට එම බයිසිකලය හඳුනාගැනීමට හැකි වී තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:වොශින්ටන්හි සොල්දාදුවෙකු වෙනුවෙන් සිහිවටනයක් ලෙස තිබු බයිසිකලයක් කාලයත් සමග ගසකට මැදිව වැඩි තිබු අයුරු ද?

Fact Check By: Sahan Perera

Result: False