පසුගියදා 23 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් ආණ්ඩුවට එල්ල කළ චෝදනා හා හෙළිකිරීම් සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේද වැඩි ඉඩක් වෙන් කර තිබෙනු අපට දැකගන්නට පුළුවන් වුණා.

මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හා WhatsApp ඔස්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමුහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතාට යැවූ ලිපියක් බව පෙන්නුම් කෙරෙන ලිපියක් හුවමාරු වුණා. එම ලිපියේ දැක්වුණේ, අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ සිරස ප්‍රවෘත්ති විකාශයේදී පෙන්වන ලෙසට කළ ඉල්ලීමකි. ඒ පිළිබඳව අප කළ විමසුම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Anurudda Hettiarachchi නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, අනුර සහෝදරයාට අනේකුත් මජර මාධ්‍ය වලින් සත්‍ය හෙළි කිරිමට ඉඩක් නොලැබෙන මොහොතේ ගරු Sajith Premadasa මහතාගේ මැදිහත් විමේන් Sirasa TV Newsfirst.lk Chevaan Devavarathan Daniel Anura Kumara Dissanayake සහෝදරයාට මාධ්‍යයේ ඉඩක් ලබා දීම පිළිබඳ අපගේ ආචාරය ! ස්තූතියි ..!යනුවෙනි.

එහි දක්වා තිබුණේ, ඉහත සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුගේ අත්සනින් ශෙවාන් ඩැනියල් මහතා වෙත යැවූ බව පෙන්වන ලිපියක්.

Facebook | Archived Link

එමෙන්ම WhatsApp ඔස්සේද එම ලිපිය බොහෝ දෙනා අතරේ හුවමාරු වී තිබුණා. තවත් ෆේස්බුක් සටහනක් පහතින්.

Facebook | Archived

මෙම ලිපියේ සඳහන් වුණේ, ඔවුන් දෙදෙනා සාකච්ඡා කළ පරිදි ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව, ඉහළ පිළිගැනීමක් ඇති කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ රූපවාහිනී නාලිකාවේ විකාශය කිරීමට පියවර ගන්නා ලෙසයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම ලිපියේ නිරවද්‍යතාවය පිළිබඳ විමසීමට අප විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය අංශය සම්බන්ධ කරගත්තා. එහිදී ඔවුන් සඳහන් කළේ, මෙම ලිපියේ සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. විපක්ෂ නායක කාර්යාලයට අයත් ලිපියේ ආකෘතියක් අනුගමනය කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට මෙලෙස කටයුතු කර ඇති බවයි ඔවුන් තවදුරටත් පැවසුවේ.

අප සීමාසහිත කැපිටල් මහරාජ සංවිධානයේ සමුහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතාගේ ලේකම්වරියගෙන් ද මේ පිලිබඳ විමසීමක් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් එවන් ලිපියක් චෙවාන් ඩැනියල් මහතාට නොලැබුණු බවට ඇය ද තහවුරු කර සිටියා.

පසුගිය අප්‍රේල් 23 වනදා සිරස ප්‍රවෘත්ති විකාශයේදී පාර්ලිමේන්තු විවාද පිළිබඳ පුවතේදී පිළිවෙළින් සජිත් ප්‍රේමදාස මහතා, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, රංජිත් මද්දුමබණ්ඩාර මහතා, නලින් බණ්ඩාර මහතා, කබීර් හෂීම් මහතා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, රාජිත සේනාරත්න මහතා, ඉන්දික අනුරුද්ධ මහතා, අනුර කුමාර දිසානායක මහතාගේ විවාදයන් දක්වා තිබුණා.

එහිදී ඔහුගේ කරුණු දැක්වීමට වැඩි ගුවන් කාලයක ඉඩක් ලබා දී තිබෙනු දැකගන්නට පුළුවන්.

https://www.youtube.com/watch?v=WdbZAfIbSOI

එමෙන්ම එදින අනෙක් ප්‍රධාන මාධ්‍ය ධාරාවලද අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ දක්වා තිබුණේද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී දැකගන්නට ලැබුණේ, ප්‍රධාන මාධ්‍ය ධාරා බොහොමයක මෙන්ම සමාජ මාධ්‍යයේද අනුර මහතා පසුගිය 23 වන දා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ දක්වා තිබුණ බවයි.

නමුත් මෙම ව්‍යාජ ලිපියේ දැක්වෙන පරිදි සජිත් ප්‍රේමදාස මහතා විසින් චෙවාන් ඩැනියල් මහතාට අදාළ ලිපිය යොමු කර තිබුනේ අප්‍රේල් 24 වන දිනයි.

එම ලිපියට අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමට අනුව ඉදිරි සතියක කාලය පුරාවට (අප්‍රේල් 24 වැනි දින සිට) අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ලිමේන්තු විවාදය සිරස හෝ මහරාජා සමුහ ව්‍යාපාරයේ රූපවාහිනී විකාශයන්හි දැක්විය යුතු වෙනවා.

“ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කළ සම්පුර්ණ කථාව | 28.04.2021” යන තේමාවෙන් විනාඩි 30 ක කාලයක වීඩියෝවකින් අප්‍රේල් මස 23 වැනි දින අනුර කුමාර දිසානායක කතාව Newsfirst සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබෙනු මෙසේ දැක ගන්නට ලැබුණු අතර බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

Facebook | YouTube

එසේම මෙම විකාශය සිරස රූපවාහිනී නාලිකාවේ ද අප්‍රේල් 28 වැනි දින පළවීමට නියමිත බව අනුර කුමාර දිසානායක මහතාගේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ෆේස්බුක් පිටුවල අප්‍රේල් මස 26 වැනිදා දැකගන්නට ලැබුණා

AKD FB | JVP FB

මේ හේතුව නිසා ද බොහෝ දෙනෙක් මෙම වැඩසටහන පිලිබඳ විමසිලිමත් වී තිබුණා

මීට පෙර මෙම අනුර කුමාර දිසානායක මහතාගේ කතාව සිරස මාධ්‍ය ජාලයේ පළවී තිබුනේ දැයි අප පරීක්ෂා කල අතර එහිදී දැක ගන්නට ලැබුනේ අප්‍රේල් මස 23 වැනි දින (එනම් විවාදය පැවති දිනයේම) සම්පුර්ණ කතාව සහිත විනාඩි 45ක වීඩියෝවක් “ප්‍රජා අයිතිය මට... මගේ ප්‍රජා අයිතිය... අනේ ඒක ඔතලා ගහගන්න කියන්න... | Anura kumara” යන තේමාවෙන් මෙසේ Newsfirst යුටියුබ් චැනලය හරහා පලකර තිබු අතර බොහෝ දෙනෙක් එය නරඹා තිබු බවයි .

මේ අනුව අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් මස 23 වැනිදා සිදුකළ කතාව එදිනම Newsfirst යුටියුබ් චැනලය හරහා (විනාඩි 45) විකාශය වී තිබු බව පෙනී යන අතර ඊට දින කිහිපයකය පසුව අප්‍රේල් 28 වැනිදා නැවත වරක් එම කතාවෙන් විනාඩි 30ක කොටසක් සිරස රුපවාහිනී නාලිකාවේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළකර තිබු බව පෙනී යනවා.

සැ.යු. : මෙම විමර්ශනය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ විපක්ෂ නායක කාර්යාලයෙන් නිකුත් වූ ලිපියක් සම්බන්ධයෙන් පමණක් සිදුවී තිබෙන බව කරුණාවෙන් සලකන්න. ඉහත ලිපියේ සඳහන් පාර්ශව කරුවන් දෙදෙනා විසින්ම එම ලිපිය ව්‍යාජ ලිපියක් බව තහවුරු කර සිටිනවා. කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව වෙනයම් ආකාරයක සන්නිවේදනයක් අදාළ පාර්ශවයන් අතර පැවතුති ද නැද්ද යන්න ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ. (Cannot be independently verified based on publicly available information).

Also Read:

FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ හා WhatsApp ඔස්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සීමාසහිත කැපිටල් මහරාජ සංවිධානයේ සමුහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතාට යැවූ බවක් පැවසෙන ලිපියක දක්වා ඇති පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව සතියක කාලයක් තුළ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය කිරීමට පියවර ගන්නා ලෙස කළ ඉල්ලීම සහිත ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බව එම ලිපිය හා සම්බන්ධ පාර්ශවයන් දෙදෙනාම සනාථ කර සිටින බවයි.

අදාළ ලිපිය නිකුත් කර තිබෙන දිනයට පෙර (විවාදය සිදුවූ දිනයේම - අප්‍රේල් 23) විනාඩි 45 ක කාලයක අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ලිම්නේතු කතාව ඇතුළත් කොටසක් Newsfirst යුටියුබ් චැනලය හරහා විකාශය වී තිබු අතර ඊට දින කිහිපයකට පසු සිරස රුපවාහිනී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් ඉහත කතාවෙන් විනාඩි 30 ක් කොටසක් විකාශය වී තිබේ.

මෙම විමර්ෂණයේදී සිරස රුපවාහිනී නාලිකාවේ සහ Newsfirst හරහා විකාශය වී තිබු වැඩසටහන් පිළිබඳව පමණක් විශේෂයෙන් අවධානය යොමු කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:සජිත්ගෙන් සිරසේ චෙවාන්ට ලිපියක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading