
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී 88 සහ 89 වකවානු වල සිදු වූ සිදුවීම් පදනම් කරගෙන විවේචන එල්ල වන බව පෙනෙන්නට තිබෙනවා. සමාජ ජාලා වල මේ හා සම්බන්ධ සිදුවීම් වලට අදාලව තොරතුරු පල වන අතර ඒ ආකාරයෙන් 88 සහ 89 කාල වල ජනතා විමුක්ති පෙරමුන ගිනි තබා විනාස කරන ලද ලංකාවේ පළමු හෙලිකොප්ටරය බව ප්රකාශ කරමින් පළව තිබූ ඡායාරූපයක් සම්බන්ධව අප කළ විමසා බැලීමයි මේ .
සමාජ ජාලා සටහන් :
ෆේස්බුක් පිටුවක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එකතුකර තිබුණේ පහත සටහනද සමගින්.
“දැං ඉන්න අයනං දන්නෙවත් නැතුව ඇති.මේක තමයි 88-89 කාලෙදි jvp එකෙන් ගිනි තියල විනාශ කරපු ලංකාවෙ පළවැනි හෙලිකොප්ටරේ.”

මෙම ඡායාරූපය සහිත සටහන බොහෝ පිරිසක් විසින් හුවමාරු කරගෙන තිබුනු අතර 100කට අධික පිරිසක් අදහස් එකතු කර තිබුනා. එම අදහස් කිහිපයකි මේ.

මෙම ඡායාරූපය හා සම්බන්ධ තොරතුර පිළිබඳව සත්‍ය තත්වය පාඨක ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප මේ පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී හෙලි උනේ මෙම ඡායාරූපය ත්රිමාන පරිගනක ක්රීඩාවක් වන Call Of Duty 4 වන වෙලුමේ ඡායාරූපයක් බවයි. ක්රැශ් මැප් ලෙස සැලකෙන පරිගනක ක්රීඩාවේ කොටසක් ලෙස මෙම ඡායාරූපය එම ක්‍රීඩාවෙහි ඇතුලත් ව ඇති බව call of duty වෙබ් අඩවියේ පැහැදිලිව ඡායාරූපය සමග විස්තර කර තිබෙනවා.

callofduty.fandom.com | Archived
පරිගනක ක්රීඩා වලින් ලොව හොඳම warfare maps පිළිබඳව ggrecon නම් වෙබ් අඩවි සටහනක් අප්ට දැකගන්නට ලැබුනා. එම සටහන අනුවද මෙම ඡායාරූපය Call Of Duty පරිඝනක ක්රීඩාවේ ඇති කොටසක් බවට පෙනී යනවා.

thegamer වෙබ් අඩවියද මේ ඡායාරූපය යොදාගෙන සටහනක් තබා ඇති අතර එම විස්තරය පහතින්.

ඉහත තොරතුරු අනුව මෙම ඡායාරූපය මෙරට එකක් නොවන බව පෙනී යනවා. එමෙන්ම මෙම ඡායාරූපය දෙස හොඳින් බැලුවොත් එය ත්රිමාන එකක් බවට පෙනී යනවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)ඉහත තොරතුරු පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ මේ දිනවල උපහාසාත්මක කෝණයකින් යුක්තව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පැතිර යන අදාළ ෆේස්බුක් සටහන්වල පළ කර ඇති ගිනි ගෙන දැවෙන හෙලිකොප්ටරය 88 සහ 89 වකවානුවේ මෙරට දී විනාස කල එකක් නොවන බවයි. එම ඡායාරූපය Call Of Duty නම් පරිඝනක ක්රීඩාවකින් ගත් ඡායාරූපයක් බව අපට තහවුරු කල හැකියි.ෙ

Title:ජවිපේ විසින් 88 සහ 89 වකවානු වල විනාශ කළ ලංකාවේ පළමු හෙලිකොප්ටරයේ ඡායාරූපයක්ද?
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,