විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ශල්‍යකර්ම සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් මිනිසුන් සිදුකර ගන්නා සිරුරේ වෙනස්කම් පිළිබදව නොමග යවන සුලු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා. මේ සැත්කමක් මගින් කාන්තාවක් පියයුරු 3 ක් ඇතිකරගත් බවට සමාජ ජාලා ඔස්සේ පැතිර යන නොමග යවන සුලු සටහනක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද විමසා බැලීමයි.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පිටුවක් මගින් කාන්තාවකගේ ඡායාරූප කිහිපයක් සමගින් පහත සටහන අන්තර්ජාලයට එක්කර තිබුණා .

“පියයුරු 3 ක් ඇති කාන්තාව …ෆ්ලොරීඩාවේ ජීවත්වන ජැස්මින් ට්‍රයිඩෙවිල් කියන කාන්තාවගේ තමයි පියයුරු 3 ක් තිබෙන්නේ ,මැයගේ සැබෑ නම ALISHA HESSLR වන අතර ට්‍රයිඩෙවිල් යන අනුවර්ත නාමයෙන්ද මෙම කාන්තාව හදුන්වනවා. ඩොලර් 20,000 ක පමණ මුදලක් වියදම් කරලා සැත්කමකින් තමයි මෙම කාන්තාව තුන්වන පියයුරුව සවිකරලා තිබෙන්නේ .2013 වසරේදී මෙම කාන්තාව කාගේත් අවධානයට ලක්වුණා. “

Facebook | Archived

මෙහිඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදව කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා .

Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම.

මුලින්ම අප මේ සම්බන්ධයෙන් පවතින මාධ්‍ය වාර්තා පිළිබදවසොයා බැලුවා.එහිදී අපට දැකගන්නට ලැබුණේ 2013-14 කාල වකවානු තුල සවිකර ගත්තායැයි පැවසෙන ඇයගේ තුන්වන පියයුරුව සම්බන්ධව කිසිදු පිළිගත හැකි තොරතුරක් ස්වාධීන මාධ්‍ය වෙත ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බව කියැවෙන මෙම කාන්තාව විසින් අසමත් වීමයි.මේ හා සම්බන්ධ සියලු ආකාරයේ ඡායාරූප සහ වීඩියෝ නිදහස් කර ඇත්තේ ඇයගේ සමාජ ජාලා සහ වෙබ් පිටුව ඔස්සේයි. එමෙන්ම ඇය පාවිච්චි කරන මෙම ට්‍රයිඩෙවිල් නම් නාමය ව්‍යාජ එකක් වන අතර ALISHA HESSLR යනු ඇයගේ සැබෑ නාමය බවසොයා ගැනීමට ගවේෂකයන් සමත්ව තිබෙනවා.මෙම කාන්තාව සම්බාහන මධ්‍යස්ථානයක සේවිකාවක් ලෙස කටයුතු කරන තැනැත්තියක්.කෙසේ වෙතත් ඇය විසින් සිදුකර ගත් බවට පැවසෙන සැත්කම සිදුකල වෛද්‍යවරයා කවුරුන්ද යන කාරණය හෝ පැවසීමට ඇය විසින් අසමත්ව තිබෙනවා.එමෙන්ම මෙම කාරණය අසත්‍ය බවට පිළිගත හැකි ප්‍රබලම සාධකයක් බවට පත්ව ඇත්තේ HESSLR නම් කාන්තාව ගේ ගමන් මල්ලක් ඇය වාසය කරන ප්‍රදේශයේ ගුවන් තොටුපොළකදී අස්ථානගතවී එහි නැතිවූ භාණ්ඩයක් ලෙස” පියයුරු 3 ක් සහිත පළදනාවක් “ සටහන්ව තිබීමයි.ඉන් පැහැදිලි වන කාරණය වන්නේ ඇය තමන්ට පියයුරු 3 ක් සහිත බව පෙන්වීමටබාහිර පළදනාවක් භාවිත් කරන බවයි.මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived

කෙසේ වෙතත් 2019 වසරේදී ඇය විසින් අරමුදලක් ආරම්භ කර තිබෙනවා .ඒ තුන්වන පියයුරක් ඇතිකර ගැනීම සදහා මුදල් එකතු කර ගැනීමටයි.ඇය විසින් 2013-14 කාලයේ සැත්කමක් මගින් නව පියයුරක් ඇති කර ගෙන තිබේනම් , සැත්කමක් මගින් තුන්වන පියයුරක් ඇතිකර ගැනීම සදහා මුදල් එක්රැස් කිරීමත් ඇරඹුයේ කුමන කාරණයක් නිසාද යන කාරණය ගැටලු සහගතයි. ඒ පිළිබදව ඇය සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් පහතින්.

Twitter | Archived

මෙමගින් ඇය ඩොලර් 1250 ක පමණ මුදලක්සොයා ගෙන ඇති බව gofundme වෙබ් අඩවියේ සටහන්ව තිබෙනවා.කෙසේ වෙතත් ඇය විසින් පවත්වාගෙන ගිය Jasminetridevil වෙබ් අඩවියද මේ වන විට පවතින්නේ අක්‍රීය තත්ත්වයේයි.

මෙම අරමුදල් රැස්කිරීමෙන් අනතුරුව හෝ ඇය අතිරේක පියයුරක් ඇතිකර ගත් බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් දක්නට ලැබෙන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් වෙනත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකට පිවිසීම මෙතනින්.Archived.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරුවූයේ Jasmine Tridevil/Alisha Hesslr  නම් කාන්තාව සැත්කමක් මගින් අතිරේක (තෙවන) පියයුරක් සිය ශරීරයට බද්ධ කරගත් බවට වන සටහන නොමග යවන සුලු බවයි.ඇය ඒ ආකාරයෙන් පියයුරක් බද්ධ කර ගත් බවට කිසිදු පිළිගත හැකි ස්වාධීන මූලාශ්‍රයක් මගින් තහවුරුවූ සාක්ෂියක් නොමැත. 

Avatar

Title:පියයුරු 3 ක් සහිත ඇමෙරිකානු කාන්තාවක් ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading