
මේ වන විට රට තුළ ඇතිව ඇත්තේ ගෑස් වල ආරක්ෂාකාරී සම්බන්ධ අර්බුදයක් .එවන් තත්ත්වයක් තුළ ජනතාව නොමග යවන සමාජ ජාල සටහන්ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.මේ එවන් සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකලසොයා බැලීමක්.
සමාජ ජාල සටහන්
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට ලිට්රෝ සමාගමේ දිස්ත්‍රික් නියෝජිතයන් බව සදහන් කරමින් දුරකතන අංක පෙළක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්.
“ඔබගේ ගෑස් සිලින්ඩරයේ සුරක්ෂිතතාව නිවසටම පැමිණ පැය 24 ක් තුළදී අපගේ තාක්ෂණික නිලධාරියකු මගින් තහවුරු කර ගැනීමට අපගේ දිස්ත්‍රික් නියෝජිතයා සමග සම්බන්ධ වන්න.”

මීට සමාන සටහන් වට්ස්ඇප් හරහාද වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට හැකිවුණා.

මෙහි පවතින කාලීන වශයෙන් ඇති වැදගත් ස්වභාවය නිසා මේ පිළිබදව ගවේෂණයක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම.
අප විසින් මේ පිළිබදව සිදු කරන ලදසොයා බැලීමේදී මෙහි දිස්ත්‍රික් නියෝජිතයන්ගේ යයි සදහන් කරන ලද දුරකතන අංක ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය මගින් නිකුත් කරන ලද සමාජ ජාලා සටහනක සටහන් කර තිබුණු ආකාරයක් දක්නට ලැබුණේ පහත ආකාරයෙන්. එම පෝස්ටුව ඔවුන් විසින් පළ කර තිබුණේ සමාජවාදී තරුණ සංගමය මගින් ක්‍රියාත්මක කරන JVP Youth නම් වැඩසටහනට අලුතින් සාමාජිකයන් ලෙස එක්වීමට කතා කල යුතු දිස්ත්‍රික් සාමාජිකයන්ගේ දුරකතන අංක ලෙසයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ JVP Youth හි ජාතික කමිටු සාමාජික බන්දුල පුෂ්පකුමාර පැවසුවේ තමන් විසින් සිදු කරන ප්‍රවර්ධන වැඩසටහනකදී භාවිතා කරන ලද දුරකතන අංක ලිට්රෝ ගෑස් සමාගම මගින් නිකුත් කරන ලද නිවේදනයක් යයි සටහන් කරමින් අවබාවිත කර ඇති බවයි.එමෙන්ම මෙම නිවේදනය ලිට්රෝ සමාගම විසින් නිකුත් කරන ලද සත්‍ය එකක් බව සිතා ඇති කණඩායම් තම සාමාජිකයන්ට ගෑස් සිලින්ඩර පරීක්ෂාකිරීම සදහා දුරකතන පණිවිඩ ලබාදෙමින් සිටින බවත් ඔහු පැවසුවා.
ලිට්රෝ ගෑස් සමාගමේ සාමාන්යාධිකාරවරයාගෙන් අප මේ පිළිබදව විමසූ අවස්ථාවේ මෙවන් ගෑස් සිලින්ඩර පරීක්ෂාකිරීමේ වැඩ පිළිවෙලක් තමන් විසින් අරඹා නැති බවත් මෙම සමාජ ජාල සටහනේ ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සහ මෙම දුරකතන අංක සමග ලිට්රෝ සමාගමේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ මෑතදී සිදුවුණු ගෑස් සම්බන්ධ අනතුරු නිසා ගෑස් සිලින්ඩර සම්බන්ධ පැමිණිලි කිරීම සදහා ලිට්රෝ ගෑස් සමාගම මගින් 1311 දුරකතන අංකය හදුන්වා දී ඇති බවයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ලිට්රෝ ගෑස් සමාගම මගින් සමාජ ජාලා සටහනේ ආකාරයට දිස්ත්‍රික් නියෝජිතයින් නම් කරමින් ඔවුන් හරහා ගෑස් සිලින්ඩර පරීක්ෂාකිරීමේ ව්‍යාපෘතියක් මෙතෙක් ආරම්භ කර නැති බව සහ සමාජ ජාලා සටහනේ දිස්ත්‍රික් නියෝජිතයින් ගේ දුරකතන ලෙස සටහන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණ සංවිධානයේ දිස්ත්‍රික් නියෝජිතයන්ගේ දුරකතන අංක බවයි.

Title:ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවසටම පැමිණ ගෑස් සිලින්ඩර පරීක්ෂා කරන පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍රමවේදයක් ?
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,