
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැවසූ බවට වන සටහන් සමාජ ජාලා වල පැතිරෙනවා.මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ .
සමාජ ජාලා සටහන්
ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි උතුරුවන ලෙසට ධම්මානන්ද හිමියන් ඉල්ලීමක් කල බවට සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා.

ඒ සම්බන්ධයෙන් පලව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සටහන් කිහිපදෙනෙකු අතරම හුවමාරු වී තිබු අතර ව්‍යාජ සටහන් පෙළක් බවට ද සඳහන් කරමින් මෙවැනි සටහන් නිර්මාණය කිරීම විවේචනය කරමින් ද ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
අප විසින් මුලින්ම විමසා බැලුවේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇති බවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණයයි.එහිදී අපට එවැනි සටහනක් දක්නට ලැබුණේ නැහැ.
ඉන් අනතුරුව අප විමසා බැලුවේ සමාජ ජාලා සටහන්වල දක්නට ලැබෙන සේයාරුවේ සදහන් “සිරස” රුපවාහිනි නාලිකාවේ “පැතිකඩ” වැඩසටහන අතරතුර දී සහ එහිදී උන්වහන්සේ විසින් පවත්වන ලද කතාව සම්බන්ධයෙන් .
මෙම ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන නිර්මාණය කර තිබෙන පසුබිම දැක්වෙන “සිරස පැතිකඩ” වැඩසටහන පවත්වා තිබුණේ මීට වසර 3 කට පෙර, එනම 2020 මැයි මස 8 වැනි වෙසක් පෝය දිනයේදී යි. එහිදී ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ කොරෝනා අවදානම හමුවේ වෙසක් උත්සවය සහ ජිවිත යතාර්තයන් පිලිබඳවයි. එහිදී කිසිඳු අවස්තාවක සිංහල අවුරදු සිරිත් විරිත් සම්බන්ධ උන්වහන්සේ අදහස් දැක්වීමක් කරන්නේ නැති අතර වෙසක් පොහොය සම්බන්ධයෙන් හෝ ආණ්ඩුවට විරෝධය පළකරන අන්දමින් ප්‍රකාශයක් උන්වහන්සේ සිදුකරන්නේ නැහැ.
එම සම්පුර්ණ වැඩසටහන පහතින්.
සංස්කරණය කරන ලද ස්ටිකරය සහ 2020 වෙසක් පෝ දින පැවැත්වුණු පැතිකඩ වැඩසටහනෙහි වීඩියෝවේ සැබෑ සේයාරුව (Thumbnail) අතර සැසදීමක් පහතින්.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සටහන් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුව හරහා අදහස් දක්වමින් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ තමන් මෙවන් ප්‍රකාශයක් සිදුකලේ නොමැති බවයි. එම සටහන පහතින්.
මේ සම්බන්ධයෙන් අප හා සමග අදහස් දැක්වූ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් තහවුරු කර සිටියේ තමන් කිසිදු අවස්ථාවක අවුරුදු සිරිත් විරිත් සහ දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා වල පළවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
Also Read: අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
අවසාන නිගමනය ( Conclusion)
සමාජ ජාලා සටහන්හි දැක්වෙන ලෙසට ආණ්ඩු විරෝධය දැක්වීමට ගොම මිශ්‍ර කිරි උතුරවමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හෑල්ලුවට ලක්කරන ලෙස සඳහන් කරන ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිදුකර නොමැත. ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබෙන්නේ මීට වසර 3 කට පෙර උන්වහන්සේ සහභාගී වූ වෙසක් දින සාකච්ඡාමය වැඩසටහනක තේමාව සංස්කරණය කිරීමෙනි.

Title:ගල්කන්දේ ධම්මානන්ද හිමි පැවසූ බවට හුවමාරු වන ව්‍යාජ සමාජ ජාලා සටහන් පෙළක්!
Fact Check By: Kalana KrishanthaResult: False
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,