
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අනුරාධපුර රෝහලේ නිල නිවාසයේ ලිංගික අපයෝජනයකට ලක් වූ වෛද්‍යරියගේ ඡායාරූපයක් බව දක්වමින් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ෆේස්බුක් සටහනක් පළ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිය නිල නිවාසය තුළදී ලිංගික හිංසනයකට මුහුණ පෑ වෛද්‍යවරියගේ ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා.
එමෙන් ම එම ඡායාරූපය මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වන හිරු මාධ්‍ය ජාලයට අයිති ගොසිප් ෆේස්බුක් පිටුවක මෙය පළ කර ඇති බව ට දක්වා තිබුණේ මෙලෙසින්.
මේ පිළිබඳව සත්‍ය සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය 10 වන දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වීමට පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී අපයෝජනය ට ලක් වීමේ සිදුවීමක් වාර්තා වූ අතර මේ වන විට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙම සිදුවීම සමග සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ‘X’ හි පණිවිඩයක් තබමින් සඳහන් කළේ, අනුරාධපුර රෝහලේ වූ සිදුවීමට මුහුණ පෑ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, එම වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කරමින් කිසිදු තොරතුරක් විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධ නොකරන ලෙසයි.
එමෙන් ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවීමේදී බලපෑමට ලක් වූ අදාල වෛද්‍යවරියගේ අනන්‍යතාවයට සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි මාධ්‍ය භාවිතාව සිදුවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් කර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් එම වෛද්‍යවරියගේ පෞද්ගලික තොරතුරු මෙන් ම ඡායාරූප මාධ්‍ය හරහා පළ කර නොතිබුණි. එසේ තිබියදී එම වෛද්‍යවරියගේ ඡායාරූපයක් මෙලෙසින් හිරු මාධ්‍ය ජාලය විසින් පළ කර තිබුණා ද, යන්න අප ඔවුන්ට අයත් නිල ෆේස්බුක් පිටු හරහා පරීක්ෂා කළ ත්, අපට එවැනි සටහනක් දැක ගන්නට නොලැබුණි.
නමුත් එම පිටුව විසින් පළ කර තිබූ බවට දක්වා තිබූ වෙනත් සමාජ මාධ්‍ය සටහන් මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් දැක ගන්නට ලැබුණා. නමුත් එහිදී ද, සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරියගේ ඡායාරූපයක් බවට සටහනක් දැක ගන්නට නොලැබුණි.
කෙසේ වෙතත් අප මේ පිළිබඳව හිරු මාධ්‍ය ජාලයෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ ඔවුන් වෛද්‍යවරියකගේ ඡායාරූපයක් පළ නොකළ බවත්, ඔවුන් මේ සම්බන්ධයෙන් පළ කරනු ලැබූ සටහන සංස්කරණය කරමින් වෙනත් ෆේස්බුක් පිටු විසින් මෙම ඡායාරූපය හිරු ගොසිප් විසින් පළ කර ඇති බවට දක්වා ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ එම මාධ්‍ය ජාලය විසින් පළ කළ සටහන් ද, ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවලින් ඉවත් කිරීමට කළමණාකාරීත්වය තීරණය කළ බව ත්, ඉවත්කිරීමට පෙර එම සටහනේ ලබාගත් ස්ක්‍රීන්ෂොට් එකක් ඔවුන් අප වෙත යොමු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඔවුන් විසින් ද මේ සටහන හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වෛද්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් වූ සටහනක් හෝ පළ කර ඉවත් කර ගත්තේ ද, යන්න පරීක්ෂා කිරීමට මෙවලමක් අපට නොමැති බැවින් ඒ පිළිබඳ නිසි තහවුරු කිරීමක් සිදු කළ නොහැක.
එසේම සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ ඡායාරූප සටහන සඳහා වෛද්‍යවරියගේ ඡායාරූපයක් යොදා ගෙන තිබූ බැවින් අප එම ඡායාරූපය පිළිබඳ කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ එහි සිටින්නේ, ප්‍රියා නමැති වෙනත් වෛද්‍යවරියක් බවයි.
එමෙන් ම ඇයගේ ඡායාරූපයක් ඉහත සටහන් සඳහා යොදා ගෙන ඇති බව ත් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල දක්වා ඇති ඡායාරූප පරීක්ෂාවේදී තහවුරු වුණා.
එමෙන් ම අප වෛද්‍ය ප්‍රියාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, තමන් මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව නොවන බව ත්, තමන් සිටින්නේ කොළඹ බව ත් ය. මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ ද, ඇය සටහනක් තබා තිබුණේ මෙලෙසින්.
කෙසේ වෙතත් අප ඉහත ඡායාරූපයේ සිටින වෛද්‍යවරිය අනුරාධපුරයේ ශීක්ෂණ රෝහලේ වූ ඛේදවාචකයට මුහුණ පෑ වෛද්‍යවරිය නොවන බව ට අප මෙම ඡායාරූපය යොමු කරමින් අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතාගේ කළ විමසීමේදී ඒ මහතා ද තහවුරු කරනු ලැබුවා.
අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරියක් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීම
පසුගියි 10 වන දා සවස 6:30ත් 7:00 ත් අතර කාලය තුළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිට ආපසු සිය නිල නිවසට යමින් සිටි අවිවාහක වෛද්‍යවරියකට එම අවස්ථාවේදී ඇය පසුපසින් පුද්ගලයෙකු පැමිණ වෛද්‍යවරිය සිය නේවාසික කාමරයේ දොර විවෘත කොට ඇතුළු වීමට උත්සාහ දරනවාත් සමග ඇය පසුපසින් උල් පිහියක් අතැතිව පැමිණ ඇති සැකකරු එකවරම වෛද්‍යවරිය කාමරය තුළට තල්ලුකර ඇයට උල් පිහිය පෙන්වා බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබූ අතර සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අනෙකුත් වෛද්‍යවරු වැඩ වර්ජනයක් අරඹා තිබුණා.
අනුරාධපුර රෝහලේ සිදුවූ අමානුෂික සිදුවීමට විරෝධය පළ කරමින් සහ සමස්ත වෛද්‍යවරියන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවය දක්වමින්, අද දින උදෑසන 08සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කොට තිබුණා.
මෙම වර්ජනය අද උදෑසන 08:00 සිට හෙට (මාර්තු 13) උදෑසන 08:00 දක්වා ක්‍රියාත්මක කෙරේ.
එහිදී හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් අඩාල නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
එමෙන් ම, මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල ක්‍රියාත්මක නොවනු ඇත.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සහ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වීමට පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.
අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.
අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව ඇති බවයි මාධ්‍ය වාර්තා මෙලෙසින් පෙන්වා දුන්නේ.
ඒ පිලිබඳ පොලිස් නිල නිවේදනය මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිල නිවාසය තුළදී ලිංගික හිංසනයකට මුහුණ පෑ වෛද්‍යවරියගේ ඡායාරූපයක් බවට දක්වමින් පළ වූ ඡායාරූපය නොමග යවන සුළු අතර එම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය සිදුවීමට අදාළ වෛද්‍යවරිය නොව වෙනත් වෛද්‍යවරියකි. ඒ බවට එම ඡායාරූපයේ සිටින වෛද්‍යවරිය මෙන් ම, අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයා ද, තහවුරු කරනු ලබනවා.

Title:අනුරාධපුර රෝහලේ නිල නිවාසයේදී ලිංගික හිංසනයට මුහුණ පෑ වෛද්‍යවරියගේ ඡායාරූපයක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False
