ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවනින් ලබාදුන්නා ද?

False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විවිධ සිදුවීම්වලට අදාළ වීඩියෝ, ඡායාරූප නොමඟ යවන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන අවස්ථා  පවතිනවා.

ඒ අනුව මේ දිනවලත් ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවන් අත්හරින බවට සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවති බැවින් අප එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවන් අත්හරින බවට සඳහන් වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පළකර තිබුණේ මෙලෙසින්.

මෙම වීඩියෝවේ සඳහන් වන ආකාරයට චීනයෙන් ගාසා තීරය වෙත ගුවනින් ආහාර ද්‍රව්‍ය ලබාදීමක් සිදුවුණේ ද? අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මෙලෙසින් 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෑතකදී යුද්ධයෙන් පීඩාවට පත් ගාසා තීරයේ ජනතාවට චීනය ගුවනින් ආහාර ද්‍රව්‍ය ඇතුළු මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල කිසියම් පුවතක් පළ වී ඇත්දැයි අප පළමුව පරීක්ෂා කළ නමුත් එවැනි පුවතක් වාර්තාවීමක් දැකගත නොහැකි විය.

එබැවින් වීඩියෝවේ ඇතැම් දර්ශන Google Reverse Search Image ඔස්සේ පරීක්ෂා කර බැලූ අතර “දකුණු ගාසා තීරයේ ‘ඛාන් යුනිස්’ වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතින අතරතුර, මාවසි ප්‍රදේශයේ ගුවනින් පලස්තීන ජාතිකයින්ට මානුෂීය ආධාර ලැබේ”  යනුවෙන් සටහනක් සහිතව 2024 ඔක්තෝම්බර් 17 වන දින Anadolu Agency හරහා ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම මඟින් ද මෙම වීඩියෝව ම පළකර තිබුණේ මෙලෙසින්. 

එනමුත් එම ආධාර ලබාදීම් සිදුවන්නේ, කුමන රටවල් මඟින් ද යන්න, එම වීඩියෝවේ පළකිරීමෙහි සඳහන් නොවේ. 

මෙම වීඩියෝව ම පසුගිය මැයි 16 වන දින ද ෆේස්බුක් ඔස්සේ පළකර තිබූ අතර එම පළකිරීමේදී තබා තිබූ සටහනෙහි සඳහන් වන්නේ දැඩි ගැටුම් සහ මානුෂීය අර්බුද පවතින කාලවලදී, රටවල් කිහිපයක් ගාසා තීරයේ ජනතාවට ගුවනින් ආහාර සහ ආධාර හෙළු බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,  ප්‍රංශය, ජර්මනිය, ඊජිප්තුව යන රටවල් ගුවනින් මනුෂීය ආධාර ලබාදුන් බවත්, ඇතැම් අවස්ථාවල වැරදි ප්‍රදේශවලට ආධාර පැකේජ වැටීම හෝ අහම්බෙන් තුවාල සිදු සිදුවීම් වැනි ඵලදායී නොවන හෝ භයානක නොවූ අවස්ථා කිහිපයක් ද පැවතුණු බව එම සටහනෙහි සඳහන් වනවා.

(Archive)

ගාසා තීරයට චීනය ගුවනින් ආධාර ලබාදුන්නා ද?

ගාසා තීරයට ගුවනින් ආධාර සැපයීම සම්බන්ධයෙන් වන පුවත් අප පරීක්ෂා කළ අතර එම නිල මූලාශ්‍ර කිසිවක ගාසා තීරයට චීනය ගුවන් ආධාර හෙලීමක් සිදුකර ඇති බවට සඳහන් නොවේ. ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

චීනය ගුවන් මගින් ආහාර බෙදා හරින බවට පවසමින් දැනට බෙදා ගැනෙන වීඩියෝ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කරුණු සෙවීමේ සංවිධාන විසින් කරන ලද පර්යේෂණ ලිපි කිහිපයක් ද හමු විය. එම කරුණු පරීක්ෂා කිරීම් මෙතනින් සහ මෙතනින්.

ගාසා තීරයේ රජයේ මධ්‍යම කාර්යාලයේ අධ්‍යක්ෂ ඉස්මයිල් අල් – තවාබ්ටා විසින් ද තහවුරු කර ඇත්තේ, චීනය ගුවනින් ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීමක් සිදුව නොමැති බවයි.

ජෝර්දානය, ඊජිප්තුව, අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බෙල්ජියම යන රටවල් ආධාර ගුවනින් හෙලීමක් සිදුකර ඇති බවට ගාසා තීරයේ රජයේ මධ්‍යම කාර්යාලයේ අධ්‍යක්ෂ ඉස්මයිල් අල් – තවාබ්ටා සඳහන් කර තිබෙනවා.

ගාසා තීරයට සහාය වීම සඳහා පලස්තීන සමාජ සංවර්ධන අමාත්‍යාංශය මෙම වසරේ පෙබරවාරි මාසයේදී චීනය සමඟ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එහිදී බලපෑමට ලක් වූ පවුල්වල දුක් වේදනා සමනය කිරීමට සහ ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමට චීනය යුවාන් මිලියන 20 ක ආධාර ලබාදීමට ද එකඟවී ඇත. 

2024 අගෝස්තු මාසයේදී,  පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය ( UNRWA ) නිවේදනය කළේ ගාසා තීරයේ එම ආයතනයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ හදිසි ආහාර ආධාර සඳහා සහාය වීමට චීනය ඩොලර් මිලියන 3 ක් ලබා දෙන බවයි. 

චීනය 2025 පෙබරවාරි 19 වන දින ජෝර්දානය හරහා ගාසා තීරයට සිය පළමු හදිසි මානුෂීය ආධාර තොගය යවා තිබෙනවා. හදිසි ආධාර ලෙස ආහාර පැකේජ 60,000 එහිදී ලබාදී තිබෙනවා. එමෙන් ම එම පළමු නැව්ගත කිරීම ලෝක ආහාර වැඩසටහනට සහ පලස්තීන රතු ක්‍රෙසන්ට් වෙත භාර දී තිබෙනවා.

මෙම පැකේජ ජෝර්දානයේ සිට ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ අතර ජෝර්දාන් හෂෙමයිට් පුණ්‍යායතන සංවිධානය විසින් කාණ්ඩ හයකට බෙදා හැරීමට නියමිතව තිබුණි.

එම පුවත මෙතනින්.

ඒ අනුව විදෙස් මූලාශ්‍රාවලට අනුව, චීනය ගාසා තීරයේ ජනතාවට ගොඩබිම් මාර්ගයෙන් පමණක් ආධාර ලබා දී ඇති බව අනාවරණය වන මෙම ආධාර ගුවන් මගින් ලබාදීමක් සිදුව නොමැත.

2024 වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශන වාර්තාව පහතින්.

Also Read :This Video Alleging That China Air-Dropped Food To Palestinians Is Misleading!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

චීනය යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට ගුවනින් ආහාර පැකේජ බෙදා හරින බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාර්රුවන වීඩියෝව 2024 ඔක්තෝම්බර් 17 වන දින Anadolu Agency හරහා ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම මඟින් පළ එකක් බව පෙනීයනවා.

තවද, පසුගිය පෙබරවාරි මාසයේදී චීනය යුද්ධයෙන් විනාශ වූ ගාසා වැසියන්ට ආහාර පැකේජ සැපයුවද, ඒවා ප්‍රවාහනය කර බෙදා හරිනු ලැබුවේ ගොඩබිම් මාර්ගයෙනි. එපමණක් නොව, චීන ආධාර ගාසා තීරයේ ජනතාවට ගුවනින් ලබා දුන් බවට කිසිදු නිල සාක්ෂියක් හෝ මූලාශ්‍රයක් නොමැත.

Avatar

Title:ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවනින් ලබාදුන්නා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply