දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කොළඹ පුරපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16) දින පැවැත් වූ අතර මේ සඳහා ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්ද 7කින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වුණා. මෙම ඡන්ද විමසීමෙන් පසු සමගි ජන බලවේගය මෙන් ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ සටහන් නිර්මාණය වූ අතර එක්සත් ජාතික පක්ෂය පිළිබඳ පළ වූ එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු වීම සම්බන්ධ” මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මාධ්‍ය වෙත ලිපියක් යොමු කර ඇති බවට හඟවමින් ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.
එහි සඳහන් කර තිබුණේ, කොළඹ මහ නගර සභාවේ බලය එකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත හා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කිරීමේ දී ඒ සඳහා විපක්ෂයේ කණ්ඩායම ක්‍රියාත්මක වූ ආකාරය අඥාන බවයි. එමෙන්ම පෙර සාකච්ඡා වලදී එකඟතාවය පළ කරන ලද ඇතැම් කරුණු කාරණා පිළිබඳවද විපක්ෂය ඇතැම කණ්ඩායම් තැකීමක් නොකළ බව පෙනෙන්නට තිබුණු බව ත්, කොළඹ නගරාධිපතිවරයා වශයෙන් මූලික සාකච්ඡාවට වලදී සාගල කාරියවසම් මහතාගේ නම යෝජනා කළ ද එය ප්‍රතික්ෂේප කිරීමද කොළඹ බලය ගිලීමට බලපෑ ප්‍රධානතම හේතුවක් බවට එහි සඳහන්.
එක්සත් ජාතික පක්ෂය විසින් තව දුරටත් වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමග ඒකාබද්ධවව ක්‍රියා නොකරන බවද, එසේ ක්‍රියා කිරීම පිළිබඳ පසුතැවීමක් ඇති බව ද එම ලිපියේ දක්වා තිබුණේ මේ අයුරින්.
මෙම ලිපිය WhatsApp ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මෙම ලිපියේ සත්‍යතාව පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ බවට දක්වා ඇති ලිපිය මාධ්‍ය නිවේදනයක් ලෙස මාධ්‍ය ආයතන වලට යොමු නොකොට තිබූ බැවින් අප ප්‍රධාන මාධ්‍ය ධාරා එම ලිපිය සම්බන්ධ පුවතක් වාර්තා කර ඇත්දැයි පරීක්ෂා කළා. නමුත් ඒ ආකාරයේ පුවතක් හෝ ලිපියක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වී නොතිබුණි.
අප මේ පිළිබඳව වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙවැනි ලිපියක් වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් නොකළ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපිය එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ත්, මෙහි සඳහන් වන කිසිදු කරුණක් එක්සත් ජාතික පක්ෂය විසින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර නොමැති බවත් ය.
මෙම ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ ද, සටහනක් පළ කරමින් සඳහන් කර තිබුණේ මෙම ලිපිය ව්‍යාජ බවයි.
වජිර අබේවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද , මෙම සටහන දැක් ගන්නට ලැබුණේ මේ අයුරින්.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති
පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට 50 ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු හෙයින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද(ජූනි 16) පැවැත්වුණා.
ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින්.
සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි.
ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත් වී තිබුණා.
නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ විසින් යෝජනා කර තිබුණා. ඒ සඳහා ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කර තිබෙනවා.
අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර විපක්ෂය විසින් නගරාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම කුමන ආකාරයෙන් සිදුකළ යුතු ද යන්න විමසීමේ රහස් ඡන්දය අවශ්‍ය නොවන බව සඳහන් කර තිබුණා.
පසුව කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීම රහස්‍ය ඡන්දයක් මඟින් පැවැත්වීමට විපක්ෂය විසින් යෝජනා කර ඇති අතර නගරාධිපති තෝරාපත්කර ගැනීම රහස් ඡන්දයක් හරහා සිදුකිරීමට සභිකයින් සියලුදෙනා ඒකමතිකව එකඟතාව පළ කර ඇති බවයි ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් පළ වන ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Also Read :
කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබ එකඟ වූ බවට එජාපයෙන් ලිපියක්?
කොළඹ නගරාධිපති ධුරයට මාලිමා මන්ත්‍රී පිරිසකගේ සහය සජබ අපේක්ෂකයට බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:සාගල කාරියවසම්ගේ නම යෝජනා කළ ද එය ප්‍රතික්ෂේප කිරීම කොළඹ බලය ගිලීමට බලපෑ හේතුව බවට වජිරගෙන් ලිපියක්?
Fact Check By: Pavithra SandamaliResult: False
