දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මොහොතින් මොහොත උග්‍ර අතට හැරෙමින් පවතින ඉරාන – ඊශ්‍රායල යුද ගින්න මේ වනවිට සමාජ මධ්‍ය තුළ ද උණුසුම් මාතෘකා නිර්මාණය කරමින් පවතින බවක් දැකගතහැකියි. Mossad එහෙමත් නැතිනම් ඊශ්‍රායල ජාතික බුද්ධි ඒජන්සියට, තමන් පහරදුන් බවට ඉරානය විසින් සඳහන් කරන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බහුලව සංසරණය වනු දැක ගත හැකි වුණා. ඒ අනුව මොසාඩ් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මොසාඩ් ගිනිගන්නා බව සඳහන් කරමින් එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන පෙළෙහි නිර්වද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවා මූලස්ථානය ඉරාන ප්‍රහාර හමුවේ දැවී විනාශ වෙමින් පවතී… යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව පළ කර තිබූණා. දර්ශන පෙළට අනුව දුමාරයක් ද සහිත උස් ගොඩනැගිලිවලින් සමන්විත ස්ථානයක විශාල ගින්නක් පැතිර යන ආකාරයක් දැක ගත හැකියි. තව ද ගින්නත් සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අසල මාර්ගයක් දිගේ ඇවිද යන ආකාරයක් දැකගත හැකියි.
සමාජ මාධ්‍ය ඔස්සේ, බහුලව සංසරණය වන ප්‍රහාරයෙන් පසු මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා ආකාරය බව කියමින් පළකර ඇති මෙම දර්ශන පෙළ මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ධාරා ඔස්සේ විකාශය කර තිබුණේ ද යන්න අප පරීක්ෂා කළේ ය. එහිදී නිරීක්ෂණය වූයේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළට සමාන දර්ශන පෙළක් ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය අසලට මිසයිල ප්‍රහාර යනුවෙන් සඳහන් කරමින් ඊයේ (17) ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක ද රාත්‍රී ප්‍රවෘත්ති තුළින් විකාශය කර ඇති බවයි.
නිවුස්ෆ්ස්ට් රාත්‍රී පුවත් හි එය වාර්තා කර තිබුනේ මෙලෙසින්.
මීට අමතරව හිරු පුවත් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා ආකාරය බව කියමින් සාමාජ මාධ්‍යයේ පළ වී තිබූ අදාළ දර්ශන පෙළ විකාශය කර තිබෙනු දැකගත හැකි වුණා. ඊශ්‍රායල – ඉරාන ගැටුම් උත්සන්න වෙයි. ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් යනුවෙන් සඳහන් කරමින් එය මෙලෙස වාර්තා කර තිබුණා.
මේ අතර විදෙස් රටවල සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් ඔස්සේ ද මෙම දර්ශන පෙළම බහුලව හුවමාරු වී තිබුනේ ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පසු මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා ආකාරය බව කියමින්.
තවත් X ගිණුම් ෙකිහිපයක් ඔස්සේ ප්‍රහාරවලින් පසු මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා බව කියමින් වීඩියෝව පළ කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්
YouTube ඔස්සේ ද මෙම දර්ශන පෙළ මොසාඩ් මූලස්ථානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගිනිගන්නා ආකරය බව කියමින් පල කර තිබුණු ආකාරය මෙතැනින් සහ මෙතැනින්
මේ අනුව සත්‍ය ලෙසම මෙම දර්ශන පෙළ ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා ආකාරය දැයි සොයා බැලීමට අප පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්‍රහාරය එල්ලවන ආකාරය දැක ගත නොහැකි නමුත් කිසියම් විශාල ගින්නක් සහිත මෙම දර්ශන පෙළ සැබෑ ලෙසම මොසාඩ් මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් පසු එම මූලස්ථානය ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් දැයි අප සොයා බැලුවා.
විදෙස් මාධ්‍ය වාර්තා
ඒ අනුව සජීව විකාශ පවා සිදු කරමින් කරුණු වාර්තා කරන ප්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය නාලිකා ඉරාන – ඊශ්‍රායල යුද්ධයට අදාළව මෙවැනි දර්ශන පෙළක් වාර්තා කර තිබේදැයි අප මුලින්ම සොයා බැලුවා. මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ බවට ඉරාන මූලාශ්‍ර උපුටා දක්වමින් ඇතැම් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබූ නමුත් ඊට අදාළව ඉහතින් දැක්වූ ආකාරයේ දර්ශන පෙළක් විකාශය කර තිබෙන ආකාරයක් දැකගත නොහැකි වුණා.
NDTV පුවත් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි මොසාඩ් මූලස්ථානය සහ ග්ලිලොට්හි හමුදා බුද්ධි සංකීර්ණය වෙත ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා. NDTV වැඩිදුරටත් සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) උපුටා දක්වමින් Tasnim news agency මෙය වාර්තා කර තිබූ බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශන තමන්ට තහවුරු කළ නොහැකි බව ද එහි සඳහන් වුණා. තව ද මොසාඩ් වෙත ප්‍රහාරයක් එල්ල වූ බවට ඊශ්‍රායල බලධාරීන් පිළිගත බවට ද එහි කිසිදු සඳහනක් නොමැත. වැඩිදුර තොරතුරු මෙතැනින්.
තව ද මොසාඩ් ඔත්තු ඒජන්සියේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත සාර්ථකව මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව තවත් ප්‍රමුඛ පෙළ විදෙස් මාධ්‍ය ධාරා විසින් වාර්තා කර තිබූ නමුත් එකී කිසිදු වාර්තාවක මොසාඩ් වෙත එවැනි ප්‍රහාරයක් එල්ල වූ බවට ඊශ්‍රායලය පිළිගත් බවක් හෝ ඉහත ආකාරයේ දර්ශන පළ කර තිබෙනු දැකගන්නට නොමැත. මෙතැනින් සහ මෙතැනින්
දේශීය මාධ්‍ය වාර්තා
තව ද නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පළකළ මෙම වීඩියෝව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයෙන් විමසූ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ, සත්‍යාපනය කරන ලද (verified accounts) X ගිණුම් කිහිපයක අදාළ දර්ශන පෙළ මොසාඩ් මූලස්ථානයට එල්ල කළ ප්‍රහාරයක් බවට පළ කර තිබූ බැවින් තමන් ද එය යොදා ගත් බවයි.
කෙසේ වෙතත් පසුව හිරු පුවත් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඊශ්‍රායල – ඉරාන ගැටුම් උත්සන්න වෙයි. ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් යන පුවත මේ අයුරින් නිවැරදි කර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකා දෙකක් ඔස්සේ ද විකාශය කර ඇති මෙම දර්ශන සැබෑ ලෙසම ඉරාන ප්‍රහාර හමුවේ මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා ආකාරය දැයි සෙවීම සඳහා මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කළා.
දින කිහිපයකට පෙර චීනයේ ඇතිවූ ගින්නක රූප රාමු පෙළක්
ඒ අනුව පැහැදිලි වූයේ, මෙම දර්ශන පෙළ ඉරාන මිසයිල ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා ආකාරයේ දර්ශන පෙළක් නොව, පසුගිය ජුනි 11 වනදා චීනයේ චොංකිං ප්‍රදේශයේ යතුරුපැදි නවතා තබන ගොඩනැගිල්ලක හටගත් ගින්නක දර්ශන පෙළක් බවයි.
එක ඉලෙක්ට්‍රික් බයිසිකලයකට ගිනි අවිලිමෙන් පසුව එම අංගනයෙන් නැවත තිබු අනෙකුත් බයිසිකලවටත් මෙම ගින්න පැතිර තිබු අතර බයිසිකල් සියයකට වඩා මෙහිදී ගින්නට හසූවූ බව වාර්තා වෙනවා. කෙසේවෙතත් ප්‍රදේශයේ ගිනිනිවීම් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුනොවූ බවත් මිනිත්තු 20 ක් වැනි කාලයක් ඇතුළත ගින්න නිවා දැමූ බවත් ය.
මෙම සිදුවීම ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය කිහිපයක් ද වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්
ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ අලුත්ම තත්ත්වය
පසුගිය නි 13 වැනිදා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව Operation Rising Lion මෙහෙයුම ආරම්භ කළේ ය. එදා සිට මේ දක්වා දෙරට අතර විශාල වශයෙන් යුද ගිනි ඇවිළෙමින් තිබේ. ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයට ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බවට ඇතැම් දෙස්විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු නමුත් සිය මූලස්ථානයට එවැනි ප්‍රහාරයක් එල්ල වූ බවට ඊශ්‍රායලය පිළිගත් බවට වන පුවතක් කිසිදු මාධ්‍යක් වාර්තා කර නොමැත. ඊශ්‍රායලයේ මොසාඩ් ප්‍රධාන මධ්‍යස්ථානයකට සාර්ථක මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC)උපුටා දක්වමින්Tasnim News Agency වාර්තා කර තිබුණා. ඡයාරූපයක්ද පළ කරමින් ඔවුන් වාර්තා කර තිබුණේ, ඉතා දියුණු ගුවන් ආරක්ෂක පද්ධතියකින් ආරක්ෂා කර තිබුණ ද ඉරානය මොසාඩ් වෙත මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි. එම පුවත මෙතැනින්
එවැනි වාර්තා කිහිපයක් මෙතැනින් සහ මෙතැනින්
තව ද ඊශ්‍රායල – ඉරාන ගැටුම්වලට අදාළව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සැබෑ අවසානයක් අවශ්‍ය බවයි. තව ද ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කරන ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, තමන් කිසි විටෙකත් කිසිදු අනුකම්පාවක් නොදක්වන බවත් ඊශ්‍රායලය සමග සම්මුතියක් ඇති කර ගනීමට සූදානම් නොමැති බවත් ය. වැඩි විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශන අනුව පෙනී යන්නේ, ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවා මූලස්ථානය ඉරාන ප්‍රහාර හමුවේ දැවී විනාශ වෙමින් පවතී… යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම වීඩියෝව ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායල මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා වීඩියෝවක් නොව පසුගිය සතියේ චීනයේ චොංකිං ප්‍රදේශයේ යතුරුපැදි නවතා තබන ගොඩනැගිල්ලක හටගත් ගින්නක දර්ශන පෙළක් බවයි.

Title:ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය ගිනිබත් වුණා ද?
Written By: Fact Crescendo TeamResult: Misleading
