දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කිරීම ත් සමග අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලැබුවා. එම පෝස්ට් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබූ අවස්ථාවක් පහතින්.
;
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“බන්ධනාගාරයේදී රනිල්ට ආහාර විශවීමක්…රනිල් දැඩි සත්කාර ඒකකයට….!” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණේ, රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කරන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින්.
මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර තිබුණා. වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා එහි ප්‍රතිකාර ගැනීමට සලස්ව තිබුණා.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කරන අවස්ථාව බවට පෙන්වා දී තිබූ ඉහත වීඩියෝව හෝ රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කරපු අවස්ථාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් පළ කරන ලද වීඩියෝ වලට සමාන නොවන බව දැක ගන්නට ලැබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට ගෙන ආ දර්ශන පහතින්.
එමෙන් ම ඉහත සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පෙනෙන පුද්ගලයා රෝහල් ගත කරන අවස්ථාවේ රෝහලෙ එක් රොක්ව සිටින පිරිස “සාදු.. සාදු” යනුවෙන් පවසන ආකාරයක් ඇසෙන අතර එම පුද්ගලයා අවට ස්වාමීන් වහන්සේලා ද, සිටින බව දැක ගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් මෙහි රෝහල් ගත කරනු ලබන්නේ ස්වාමීන් වහන්සේ නමක් ද, යන්න කාරණා මතු වන අතර කෙසේ වෙතත් අප මෙම වීඩියෝවේ සිටින්නේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
2019 වසරේ රතන හිමිගේ වීඩියෝවක්
ඒ අනුව මෙහි දක්වා තිබූ වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව දැක ගන්නට ලැබුණු අතර, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ 2019 වසරේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වීඩියෝවකි.
එම සම්පූර්ණ වීඩියෝවේ පහතින්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 2019 වසරේ ජූනි 31 වන දා මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියස දින 04 ක් පුරා ක්‍රියාත්මක කළ අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ආ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව ඇතුළත් රතන හිමිගේ උපවාසය අවසන් කිරීම හා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් පළ වී තිබූ තව ත් ප්‍රධාන මාධ්‍ය ධාරාවක් එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.
අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීමක් 4ක් මුල්කර ගනිමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබූ අතර හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ බව නිළ වශයෙන් දැනුම්දීමෙන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය අත්හැර දැමීමට තීරණය කර තිබුණා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ජාතික රෝහලේ විශ්වාසදායක ආරංචි මාර්ගයක් සඳහන් කළේ, රෝගියා සමීපව නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව මත එලෙස දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කළේ, ආහාර විෂ වීමක් හේතුවෙන් නොවන බව ට රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස කටයුතු කරන ලසන්ත ගුණවර්ධන මහතා අප කළ විමසීමේදී සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට ප්‍රථමයෙන් ඇතුළත් කර පසුව ජාතික රෝහලට මාරු කර යවා තිබුණා. ඇති වූ විජලන තත්ත්වයක් මත ජාතික රෝහලෙට ඇතුළත් කර ඇති බව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්. එමෙන් ම ඒ පිළිබඳ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බෙල්ලන ද, අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
Also Read : හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “බන්ධනාගාරයේදී රනිල්ට ආහාර විශවීමක්…රනිල් දැඩි සත්කාර ඒකකයට….!” යනුවෙන් සඳහන් කරමින් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කරන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් පළ වූ වීඩියෝව ඔහු සම්බන්ධ වීඩියෝවක් නොව 2019 වසරේ පූජ්‍ය අතුරලියේ රතන හිමි මහනුවර රෝහලේ, රෝහල් ගත කිරීමට ගෙන ආ අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම,විජලන තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව මත ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. නමුත් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ඔහුට ආහාර විෂ වීමක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ද, තහවුරු කරයි.

Title:රනිල් වික්‍රමසිංහ රෝහල් ගත කළ අවස්ථාවේ වීඩියෝවක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False
