දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ බොහෝ විදේශීය රටවල සහය නන් අයුරින් මෙරටට හමුවුණා. මේ අතර ඉන්දියාව විසින් එසේ ආපදාව ලක්වූ මාර්ගවල ඇති පාලම් ගමනාගමනය සඳහා සුදානම් කිරීම සඳහා බේලි පාලම් ඉදිකර දීම සඳහා අවශ්‍ය අදාළ පාලම් කොටස් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණා. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද අඩි 110 ක් දිග පාලම් 10 න් එකක් පහත් කරන දසුනක්….” යන තේමාවෙන් , හෙලිකොප්ටරයක් සිට පාලම් කොටසක් ගෙනඑන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය වේදිකාවල බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

එමෙන් ම මෙම ඡායාරූප සත්‍ය බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබූ බවට එම සටහන් වල දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යනවා.
මේ හේතුවෙන් මෙම ඡායාරූප සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ආපදා තත්වයෙන් පසුව දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් මෙරටට බේලි පාලම් කොටස් (Bailey Bridge Units) ලැබුණු බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණත්, ඉහත සඳහන් ආකාරයේ එම කොටස ගුවනින් ප්‍රවාහනය කරන බවට දක්වා තිබූ ඡායාරූප දැක ගන්නට නොලැබුණි.
ආපදාවෙන් පසු දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහනට සහාය වෙමින් බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය මණ්ඩලය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයක් ඊයේ (04) දහවල් මෙරටට ළගා වූ බවත්, මෙම ගුවන් යානය මගින් රැගෙන ආ බේලි පාලම් වල කොටස් මෙහෙයුම් අවශ්‍යතා අනුව භාවිතා කළ හැකි අතර පාලම් ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම, බලපෑමට ලක් වූ ප්‍රදේශවල ක්ෂණිකව යෙදවිය හැකි අඩි 110ක් දිග ද්වි-මාර්ග බේලි පාලම් සැකැස්මක් ද මීට අයත් බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර තිබුණේ මෙලෙසින්.
කෙසේ නමුත් මෙලෙසින් ගුවනින් බේලි පාලම් කොටස් ගෙන ආවත් ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයෙන් නොව C-17 ගුවන් යානය ඇතුළත මෙලෙසින් පාලම් සහ අවශ්‍ය ද්‍රව්‍ය මෙරටට රැගෙන පැමිණ තිබේ.
ගුවන් යානය තුළ මෙරටට රැගෙන ආ බේලි පාලම් කොටස් අසුරා තිබූ ආකාරය පහතින්.

ඒ බවට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය විසින් ද, මෙම අවස්ථාව සම්බන්ධයෙන් ඡායාරූප සහිතව පළ කළ සටහනින් ද, තහවුරු වේ. Facebook | Archived Link
ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලය
මේ පිළිබඳව අප කළ විමසීමේදී ඉන්දියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය, තොරතුරු සහ සංස්කෘතික කටයුතු පිලිබඳ ප්‍රධානි සඳහන් කළේ, මේ වන විට C-17 ගුවන් යානා දෙකක් මගින් ටොන් 130 ක් පමණ බේලි පාලම් ඒකක ලංකාවට ගෙනැවිත් ඇති බවත් තවත් එවැනි යානයක් ද පැමිණීමට නියමිත බවයි. ඒ අනුව ලංකාවට පැමිණි බේලි පාලම් කොටස්වල සම්පුර්ණ දිග අඩි 230 කින් යුක්ත බවත්, ඒ අනුව අවශ්‍යතාවය පරිදි මේවා ලංකාවේ හානියට පත්ව ඇති පාලම් සකස්කිරීමට උපයෝගී වනු ඇති බවත් ඇය පෙන්වා දුන්නා.
තවද මේ ගැන වැඩිදුර පැහැදිලි කරමින් ඉන්දියානු තානාපති කාර්යාලය පැහැදිලි කර තිබුනේ මාර්ග අවහිරතා ඇති ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සම්බන්ධතාවය, හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඔස්සේ මෙසේ බේලි පාලම් ස්ථාපනය කිරීම සිදු වෙන බවයි.
බේලි පාලම් යනු මොඩියුලර් ක්‍රමයට එකතු කළ හැකි යකඩ පාලම් කොටස් වන අතර, ඒවා පැය කිහිපයකින් ස්ථාපනය කළ හැකි අතර එමඟින් සැපයුම් ඇණහිට ඇති ප්‍රදේශවලට ළඟා වීමට හැකි වන බවත්, මෙම ශක්තිමත් ව්‍යුහයන්, ස්වභාවයෙන්ම තාවකාලික වුවද, අදාළ ස්ථානයේ නව පාලමක් ඉදිකරන තෙක් සාර්ථකව ක්‍රියා කළ හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ
අප මේ පිළිබඳව තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, ඉන්දියාවෙන් මෙරටට පාලම් ලැබී ඇති බව සත්‍ය වූවත් ඉහත ඡායාරූපය අසත්‍ය බවයි. මේ වන විට එලෙසින් රැගෙන ආ පාලම් ඉරණවිල පාලමේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැනටමත් ඉන්දීය හමුදාවේ ඉංජිනේරු කණ්ඩායමක් විසින් එහි තක්සේරු වාර්තාවක් සිදු කර ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති බව ද, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්රකාශක
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා ද, අප කළ විමසීමේදී සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබූ තොරතුරු සත්‍ය වූවත් එහි දක්වා තිබූ ඡායාරූපය අසත්‍ය බවයි.
Boeing CH-47 Chinook
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ දැක්වෙන්නේ, Boeing CH-47 Chinook හෙලිකොප්ටරයක් වන අතර චිනූක් එහි බාහිර ස්ලිං-ලෝඩ් පද්ධතිය භාවිතයෙන් ටොන් 10-12 දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සැලසුම් කරමින් නිෂ්පාදනය කර තිබේ.
එමගින් ද ඉහත පරිදි මොඩියුලර් පාලම් වැනි කොටස් වශයෙන් ගෙන යා හැකි අතර, චිනූක්ගේ ද්විත්ව රෝටර් සැලසුම සහ ත්‍රිත්ව කොකු පද්ධතිය දිගු හෝ විශාල බරක් ආරක්ෂිතව රැගෙන යාමට හැකියාව පවතී.
කෙසේ වෙතත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන ලද්දේ C-17 Globemaster ගුවන් යානාවෙන් වන අතර, එහි භාණ්ඩ ප්‍රවාහනය සඳහා ටොන් 77ක් දක්වා ප්‍රවාහනය කළ හැකි බර එසවුම් ගුවන් යානයකි. C-17 හරහා ප්‍රවාහනය කිරීම එවැනි ඉංජිනේරු උපකරණ විදේශයන්හි යැවීම සඳහා සම්මත සහ වේගවත් ක්‍රමය වේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.
ප්‍රවාහන අමාත්‍යාංශය
මේ සම්බන්ධයෙන් අප ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ද විමසු විට, ඔවුන් පැවසුවේ රට පුරා හානියට පත් පාලම් නැවත හැකි ඉක්මණින් ගොඩනැගා දැනට ඇණහිට ඇති ගමනාගමන ප්‍රශ්න විසඳිමට, බේලි පාලම් අඩි 1500 ක් අවශ්‍ය බවත්, රජය සතුව දැනට මෙවැනි පාලම් අඩි 400 ක් ඇති බවත්, ඉතිරිය විදේශ රටවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.
මෙම පාලම් තාවකාලික වුවද, ස්ථිර පාලම් පසුව ඉදිකරන තෙක්, ගමනාගමනය සම්බන්ධතාවය ඇති කිරීම සඳහා භාවිතා කරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය ද පැවසීය.
බේලි පාලම් (Bailey Bridges)
බේලි පාලම් ප්‍රධාන වශයෙන් විනාශ වූ පාලම් සඳහා තාවකාලික විසඳුම් ලෙස කටයුතු කරනවා. ගංවතුර හෝ භූමිකම්පා වැනි හදිසි අවස්ථා වලදී ප්‍රවේශය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීමට මෙම පාලම් ඉඩ සලසයි. වේගයට ප්‍රමුඛත්වය දෙන මොඩියුලර් සැලසුම වන මෙම බේලි පාලම් නිසා ඒවා දිගු කාලීන ආදේශක ලෙස නිර්මාණය කර නොමැති වුවද ස්ථිර ඉදිකිරීම් ප්‍රායෝගික නොවන, විශේෂයන්ම දුරස්ථ ප්‍රදේශවල, නිසි නඩත්තු කිරීමත් සමඟ ඒවා වසර ගණනාවක් භාවිත සඳහා යොදා ගත හැකිය
මීට පෙර 2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී ද මේ ආකාරයෙන්ම බිඳ වැටි ඇති ගමනාගමන පද්ධතිය නගා සිටුවීමට බේලි පාලම් යොදාගෙන තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube
Title:ඉන්දියාවේ සිට මෙරටට ගුවණින් පාලම් ගෙන් වූ අයුරුද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


