මැති ඇමතිවරුන් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස දක්වමින් හුවමාරු වූ නොමග යවන සුලු සටහන් පෙළක්!

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Claim 1

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ශ්‍රී ලංකාවේ ජනතාව වැසිකිළි කඩදාසි පාවිච්චි කිරීමට අකැමැති නිසාවෙන් ජලය අපතේ යන බවත්, සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර විය යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook

ඒ අනුව මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රජයේ අමාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් බොහෝ අවස්ථාවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තා කිරීම සිදු වන බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ මෙවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප ප්‍රථමයෙන් කටයුතු කළා. නමුත් එවැනි කිසිඳු නිල මූලාශ්‍රයක් ඔස්සේ අමාත්‍යවරයා විසින් එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවට වාර්තා කර තිබුණේ නැහැ.

අදාළ සමාජ මාධ්‍ය සටහනෙහි අන්තර්ගත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූපය ශ්‍රී ලංකාවේ කාර්මික වර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Access to Finance for SMEs: Understanding Government Concessional Loan Facilities” දැනුවත් කිරීමේ වැඩසටහනෙහි ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වී ඇති අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවෙහි ඒ සම්බන්ධයෙන් දක්වමින් අදාළ ඡායාරූපය පල කර තිබුණේ මෙලෙසින්

එම අවස්ථාවේදී හෝ වෙනත් අවස්ථාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෑත කාලීනව සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළා. නමුත් මෙවැනි ආකාරයේ අදහස් දැක්වීමක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ බවට කිසිඳු මූලාශ්‍රයක් හරහා තහවුරු වුනේ නැහැ. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෑත කාලීනව සිදු කළ ප්‍රසිද්ධ අදහස් දැක්වීම් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ 

නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සටහනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව අප කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවත් තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ය.

Claim 2

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අනවශ්‍ය ලෙස ජලය රැස් කරන්නන් වටලන්න යැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook Facebook 

ඒ අනුව මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ මෙවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. නමුත් කිසිඳු නිල මූලාශ්‍රයක් අමාත්‍යවරයා විසින් එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවට වාර්තා කර තිබුණේ නැහැ.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෑත කාලීනව සිදු කරන ලද ප්‍රකාශයන් පරීක්ෂා කරමින් මෙවන් ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර ඇත් ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා. ඒ අනුව එම කිසිඳු අවස්ථාවක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අනවශ්‍ය ලෙස ජලය රැස් කරන්නන් වටලන්න යැයි පොලිසීයට උපදෙස් දුන් අවස්ථාවක් දැකගන්නට ලැබුණේ නැහැ.කෙසේ නමුත් පවතින ගෝලීය ඉන්ධන අර්බුදයත් සමග නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නීති විරෝධීව ඉන්ධන රැස් කරන ස්ථාන කොන්දේසි විරහිතව වැටලීම සඳහා පොලිසියට උපදෙස් ලබා දී ඇති බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ වීඩියෝව මෙතනින්.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුව තුළ සටහනක් තබමින් අමාත්‍යවරයා විසින් තහවුරු කර ඇත්තේ අදාළ ප්‍රකාශය තමා විසින් සිදු නොකළ බවත් එය අසත්‍ය සටහනක් බවත් ය. 

Facebook

මාධ්‍ය ලේකම් – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල

එසේම අප විසින් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් තහවුරු කර සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ අන්තර්ගත වන ආකාරයේ ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වැසිකිළි කඩදාසි භාවිතයට අකමැති වීම හේතුවෙන් ජලය අපතේ යන බව සඳහන් කරන අකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බව‍යි.  

එසේම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් ද අනවශ්‍ය ලෙස ජලය රැස් කරන්නන් වටලන්නැයි පොලිසියට උපදෙස් ලබා දෙන ආකාරයේ ප්‍රකාශයක් ද සිදු කර නොමැත.

Result Stamp

Title: මැති ඇමතිවරුන් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස දක්වමින් හුවමාරු වූ නොමග යවන සුලු සටහන් පෙළක්!

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *