Archives

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද ?

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය, මුල්‍ය ගනුදෙනු සහ අපරාධ යනාදිය  ඇතුළත් බව පැවසෙන පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් වී තිබීමත් සමඟම ඇය රාජපක්ෂ පවුලේ ඥාතිවරියක්ද බැවින් ඒ පිලිබඳ විශාල කතිකාවතක් සමාජයේ ඇතිවී තිබෙනවා.  මෙවන් පසුබිමක දේශපාලනයට සම්බන්ධ රාජපක්ශ පවුලේ සාමාජිකයින් ගේ කිර්තිනාමයට […]

Continue Reading

අවුරුදු 300ක් වසසැති ලොව වයස්ගතම කාන්තාවගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.  එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය එවැනි කාන්තාවන් පිළිබදව  සමාජ ජාලාවල පළවූ සටහන් පෙළක් පිළිබදවයි. සමාජ මාධ්‍ය සටහන්:  Claim […]

Continue Reading

FACT CHECK: ට්‍රිගර් ෆිෂ් මත්ස්‍යයින්ට මිනිසුන්ට සමාන දත් තිබේද?

පෘථිවියේ ජෛව විවිධත්වය පිළිබදව සලකා බැලීමේදී මත්ස්‍ය ප්‍රජාව, ඉතා වැදගත් පාර්ශවයක්. මිරිදිය, කරදිය ආදී බොහෝ පරිසර පද්ධති වල ව්‍යාප්තියක් පෙන්වන ජීවීන් කාණ්ඩයක් ලෙස මත්ස්‍යයින් සැලකිය හැකියි. මත්ස්‍ය විශේෂ එකිනෙක අතර ද සැලකිය යුතු විවිධත්වයක් දැක ගන්නට පුළුවන්. මේ එක්තරා මත්ස්‍ය වර්ගයක්  පිළිබඳව පළවූ නොමගයවන සුලු  සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමසුමක්. සමාජ ජාලා […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බවට අභිෂේකා පැවසුවාද?

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

FACT CHECK : මේ දිනවල පවතින වර්ෂාව සමග රාවණා ඇල්ලේ තත්ත්වය පිළිබඳව ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ වල ඇත්ත කතාව

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලට විශාල වශයෙන් වර්ශාව සහිත කාලගුණයක් පවතින බව දැකගන්නට පුලුවන්. කඳුකර ප්‍රදේශ වලට වර්ෂාව අධික ලෙස ලැබීමත් සමග ගංගා වල මෙන්ම දිය ඇළි වල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහල ගිය අතර ඇතැම් අවස්ථාවල ගංගා ඇල දොල ජල පහරවල් නිසා මිනිසුන් අනතුරට ලක්වූ අවස්ථාද අපට දැකගන්නට හැකියි. මේ දිනවල පවතින වර්ශාව […]

Continue Reading

FACT CHECK: පියවරු අට දෙනෙකුට දාව ඉපදුනු පිරිමි දරුවන් අට දෙනෙකු හදන මවක්?

දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහිකරගත් කාන්තාවක් පිළිබඳ පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “තාත්තලා අට දෙනෙක් […]

Continue Reading

FACT CHECK: යොහානි පිළිගැනීමට ඉන්දීය ජනතාව දිල්ලි ගුවන්තොටු පොළට රැස් වූ අවස්ථාවක්ද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා මුළු ලොවකගේ අවධානය, ආදරය දිනාගත් ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා, විදේශීය රටක ආරාධනය මත පැවැත්වෙන සිය මංගල සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා පසුගිය දා ඉන්දියාව බලා පිටත් වුණා. ඇයව පිළිගැනීමට ඉන්දියාවේ දිල්ලියේහි ගුවන්තොටු පොළ වෙත අති විශාල සෙනඟක් රැස් වූ බවට ඡායාරූප දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: කොරෝනා පාලනය වී ඇත්තේ රජය හරි තීන්දු ගත් නිසා බවට රෝසිගෙන් මෑතක දී ප්‍රකාශයක්?

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිර යාමේ මුල් අවදිය තුළ එය විශාල වශයෙන් පැතිරී යාම පාලනය කිරීමට 2020 වසරේ මැද භාගයේදී රජය සමත්වුණු අතර එය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. එම් අවධියේ දී විදෙස් වලින් පැමිණෙන පිරිස් අතරින්, නාවික හමුදා පොකුර යනාදී හැරුණු විට රට තුළින් කොරෝනා රෝගීන් මතුවීම ඉතා අවම අගයක තිබු අතර කොවිඩ් ආසාදිත […]

Continue Reading

8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?

පාසලක 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ පාසල් සිසුවා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතා බහට ලක්වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබා ගෙන අ.පො.ස (සා.පෙළ) පත්‍ර විභාගය සමත් වී තිබු බවට සටහන් පළවීමත් සමඟයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියාවේ ආහාර හිඟයක්… ජනතාව ආහාර සලාක ක්‍රමයට ගැනීමට පෝලිම් වල …..?

පසුගිය සති කිහිපය තුළ ඇතැම් අවස්ථාවල දී  කිරිපිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව පෝලිම් වල සිටින ආකාරයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ මෙය ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලද මේ දිනවල පවතින තත්ත්වයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පළව තිබූ සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: විශ්ව විද්‍යාල සිසුන් හා කොවිඩ්19 එන්නත්කරණය හා සම්බන්ධ ව්‍යාජ සටහන් පෙළක්!

කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබු බව වාර්තා වුණා. මෙම පසුබිම යටතේ විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයේද?

ආහාර සුරක්ෂිතතාවය සහ මන්දපෝෂණය යනු ලෝකයේ බොහෝ කාලයක සිට නිරතුරු කතාබහට ලක්වන මාතෘකාවක්. ගෝලිය සංවිධාන පවා , ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය යන කරුණු කෙරෙහි නිරතුරුවම සිය අවධානය යොමු කරනවා. ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛ ගෝලීය සංවිධානයක් වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම  සංවිධානයයි. එම සංවිධානය විසින් මීට වසර කිහිපයකට පෙර නිකුත් කරන ලද […]

Continue Reading

ඇමෙරිකානු නායකයින් කංසා ශාකයක් රෝපණය කරද්දී ලංකවේ එම ශාකයට නීතිය ක්‍රියාත්මක වෙන අයුරු?

ඖෂධීය කංසා සඳහා පවතින විදෙස් ඉල්ලීම පිලිබඳ පසුගිය කාලයේ දී කතාබහට ලක්වුණද නීත්‍යානුකුල ලෙස මෙම වගාව සුළු මට්ටමක පවතින අතර ලංකාවේ ප්‍රදේශ රැසක නීති විරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලෙස ගංජා වගා කර තිබීම හේතුවෙන් එම වගාවන් පොලීසිය මඟින් වටලන අවස්ථා පිළිබඳව මාධ්‍ය වාර්තා නිරතුරුව දකින්නට පුලුවන්. මෙවන් පසුබිමක අත්අඩංගුවට ගත් කංසා ශාකයක් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායාම 2007 වසරේදී දෙමෝදර පාලමේ දී ලබාගත් ඡායාරුපයක්?

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව සුන්දර ස්ථාන බොහොමයක් පවතිනවා. ඒ අතරින් කඳුකර ප්‍රදේශ ඔස්සේ දිවෙන දුම්රිය මාර්ගය අවට දර්ශනීය ස්ථාන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට නිරතුරුවම ලක්වෙනවා. ඇල්ල ප්‍රදේශයේ පිහිටි එවැනි එක් ස්ථානයක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරුපයක් ලෙස ව්‍යාජ අර්ථකතනයක් සහිතව හුවමාරු වූ සටහනක් පිලිබඳ අපගේ කරුණු විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයාමත් සමගම  බටහිර වෛද්‍ය ක්‍රම අනුගමනය කරන විද්‍යාඥයින් ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම  සදහා වෙහසුනු අතර මේ මොහොතේදීත් ඔවුන් ඒ සඳහා විවිධ උත්සාහ ගනිමින් පවතිනවා. කෙසේ වෙතත් ඒ සදහා 100% සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වුවද රෝග ව්‍යප්තිය පාලනය කිරීම සදහා වඩාත් ම සුදුසු ක්‍රමය ලෙස […]

Continue Reading

FACT CHECK: එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජනාධිපති ගෝඨාභයගේ කතාව අතරතුර සභා ගැබේ සිටි පිරිසක් ඉන් ඉවත්වුණා ද?

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පවත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිසක් ඉන් ඉවත් වූ බව හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් නිරවද්‍ය කරුණු සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී මංකොල්ලකරුවන්ට හසුවුවහොත් PIN අංකය ආපස්සට(Reverse) ඇතුල් කර පොලීසිය දැනුවත් කළ හැකිද?

ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමගම බැංකුකරණය සාම්ප්‍රදායික ක්‍රම වලින් ඉවත්වී නව මංමාවත් සොයා ගියා. එහි එක් සුවිශේෂී පියවරක් ලෙස ස්වයංක්‍රීය මුදල් හුවමාරුකරණ යන්ත්‍ර (ATM) භාවිතය සඳහා ජනතාව හුරුවීම සැලකිය හැකියි. ATM යන්ත්‍ර පදනම් කරගනිමින් සමාජ ජාලාවල පැතිරුණු අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ ගවේෂණයකුයි මේ. සමාජ ජාලා සටහන් : දැනට දින කිහිපයකට පෙර ෆේස්බුක් සමූහයකට එක්කර තිබුණු […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර නායකත්වයෙන් ඉවතට? නව නායක බිමල් රත්නායක?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. සමාජ ජාල සටහන් : “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු […]

Continue Reading

FACT CHECK: ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වාට සංස්කෘතික තානාපති ධුරයක්?

ශ්‍රී ලංකා නාමය මෙන්ම සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යන්නට ශ්‍රී ලංකාවේ ගීතයක් මේ වන විට සමත් වී තිබෙනවා. ඒ, ඉන්දියානුවන් ඇතුළු නොයෙකුත් විදේශිකයින් පවා ගීත කොටස් මුමුණමින් ආදරයෙන් වැළඳ ගත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහායි. මෙම ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ගායනය කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ වන විට විශේෂයන්ම ඉන්දියානුවන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වී […]

Continue Reading

FACT CHECK: ගංගාරාම විහාර භුමියේ දී ගංගා ඇතින්න මේ දිනවල හිරිහැරයට ලක්වන ආකාරයක් ද?

සත්ත්ව හිංසනය , වන ඇලි ඇතුන් හීලෑ කර ගැනීම හා ඒ ආශ්‍රි ගැටලු පිළිබදව ලොව පුරා මෙන්ම ලංකාවේ ද පරිසරවේදීන් සහ පරිසරය පිළිබදව සැලකිල්ලක් දක්වන ජනතාව බොහෝ අවස්ථාවල හඬක් නැඟූ අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. ඒ නිසාම හීලෑ අලි ඇතුන් පිළිබඳව මාධ්‍ය සහ සමාජ ජාල තුළ විවිධ පුවත් මුල් කර ගනිමින් විටින් විට පුළුල් කතිකාවන් […]

Continue Reading