Archives

බෞද්ධ කොඩිය නිර්මාණය වුයේ 1885 පෙබරවාරි 14 වෙනි දිනයේ ද ?

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය ශ්‍රී ලාංකියන් ඇතුළු ලොව පුරා රටවල පෙම්වතුන් සමරති. ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් සුභපැතුම්, මල් සහ වෙනත් තෑගී ද හුවමාරු කර ගනිති. මේ අතර පෙබරවාරි 14 දිනයේ බෞද්ධයින්ගේ ඓතිහාසික වැදගත් කමක් තිබෙන දිනයක් යන තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මිය දුරකථනයකින් අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් පරික්ෂා කරන අවස්ථාවක් ද?

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් ඇයට පක්ෂව මෙන්ම විපක්ෂව ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණා. ඇය හා සම්බන්ධ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේදී සිදු කළ කරුණු විමර්ශන දෙකක් මෙතනින් සහ මෙතනින්. මේ අයුරින්ම හුවමාරුවන සටහන් පෙළක පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දේවානි […]

Continue Reading

FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Update 12/07/23 මහත් ආන්දෝලනයට තුඩු දුන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූවා. මෙලෙසින් මෙම ශාකය ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් ?

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීමක් මුලික වී තිබුණා. එම අදහස් දැක්වීමෙන් පසුව, […]

Continue Reading

FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. […]

Continue Reading

FACT CHECK: ඡායරූප පෙළින් දැක්වෙන්නේ පසුගිය දා පොළොන්නරුව ප්‍රදේශයේ සිදුවූ වන විනාශයක් ද?

වන විනාශයන් හා ඒ ආශ්‍රිත තේමා යටතේ පසුගිය දින කිහිපයේම විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර නොයකුත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් ද වාර්තා වෙනවා. අප පසුගිය දා පිදුරුතලාගල වන විනාශයක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන වන විනාශයන් ඇතුළු විවිධාකාරයේ නීති විරෝධී කටයුතු පිළිබඳව පසුගිය […]

Continue Reading

FACT CHECK: කැළණිය විශ්ව විද්‍යලයේ ආචාර්ය උපාධිය හිතවත්කම මත ලබා හැකිද?

විද්‍යාලංකාර පිරිවෙන ලෙස ඇරඹි පසු කාලීනව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් ද හැඳින්වූ වත්මන් කැලණිය විශ්ව විද්‍යාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. වෛද්‍ය, විද්‍යා අතුළු පීඨ ගණනාවකින් සමන්විත කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් ද සමන්විතය. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනීමට එහි කථිකාචාර්යවරයකුට හිතවත් විය යුතු බවත්, ඔහු පෞද්ගලික අංශයේ ආයතන වලින් පැමිණෙන සිසුන්ගෙන් අයථා අන්දමින්, වක්‍රාකාරව […]

Continue Reading

FACT CHECK: 73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අභිමාන පූර්වක සමරනු ලැබීය. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීන් සිටි වේදිකාවේ පසුබිම් සැකසුමේ “73 වන නිදහස් උළෙල” යනුවෙන් දිස්වෙන අයුරු ද නිරීක්ෂණය විය. එම ඡායාරුපය යොදාගනිමින් හුවමාරු වූ සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ එහි “උළෙල” නමැති වචනය සඳහා යොදාගෙන තිබු අක්ෂර […]

Continue Reading

FACT CHECK: පිදුරුතලාගල රක්ශිත කලාපයේ වන සංහාරයක් සිදුවන බවට පලව ඇති ෆේස්බුක් පුවත සත්‍ය එකක්ද?

පසුගිය වසර පුරාම පාගේම පරිසර විනාශයන් හා සම්බන්ධ විවිධාකාරයේ පුවත් අසන්නට ලැබුණු අතර බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් විරෝධතා පළකර තිබු බවක් දැකගනන්ට ලැබුණා. මේ අතර පරිසර සුරැකීමේ සංවිධාන ප්‍රධාන තැනක් ගෙන කටයුතු කර තිබුණා. මේ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත් ද නිර්මාණය වී තිබු අතර අප එබඳු සටහන් පිලිබඳ මීට පෙර සිදුකරන ලද […]

Continue Reading

FACT CHECK: අලිසබ්‍රිට ඔහුගේ පලමු කසාදය, කාති උසාවි පිහිටෙන් ඉතාමත් පහසුවෙන් කටුගාදමා දැමුවා ද?

ලාංකික මුස්ලිම් ප්‍රජානායකයකු වන අලි සබ්‍රි මහතා වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය හොබවයි. කාති උසාවි පිහිටුවීම පිළිබඳව ඔහු අළලා පසුගිය වකවානුවේ ෆේස්බුක් ජාලයේ විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වී තිබෙණු නිරීක්ෂණය විය.  අලිසබ්‍රි මහතා කති උසාවියේ පිහිටෙන් පළමු බිරිඳ දික්කසාද කර, සුප්‍රසිද්ධ ආභරණ ව්‍යාපාරයක් වන Stone & String හිමිකරුගේ දියණිය විවාහ කරගත බවට ඉදිරිපත්ව ඇති සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය. පසුගිය වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වූ බොහෝ සටහන් පිළිබඳව අප සිදුකළ කරණු විමර්ශනයවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව අනාවරණය විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම […]

Continue Reading

FACT CHECK: ඡායරුපයේ දැක්වෙන පරිදි සැබවින්ම ඈත අහසේ සම්බුදු රුව දර්ශන වූනා ද?

සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනා ගැනීම පිණිස, සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් මාතෘකා යටතේ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. මේ අතර පුදුම සහගත දසුන් පිලිබඳ පළවූ සටහන් ද කලින් කලට හුවමාරු වෙනවා. මේ ආකරයෙන් වසර කිහිපයක් පුරා හුවමාරු වෙමින් පැවති ඈත අහසේ දර්ශනය වූ බුදු රුවක් දෙස වෙරළක සිට ඡායාරුප ගත කරන පිරිසකගේ සේයාරුවක් නැවත වරක් හුවමරු වී […]

Continue Reading

FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

 ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම […]

Continue Reading

FACT CHECK: නිදහස් දින ජාතිය අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව මෙවර සමරන්නේ 63 වන නිදහස් උත්සවය යනුවෙන් පැවසුවා ද?

පෙබරවාරි මස 4වැනි දින ශ්‍රී ලංකාව සිය 73වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීය. නිදහස් සමරු උළෙලේදී සම්ප්‍රදායානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය. නිදහස් උළෙල පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවී තිබු අතර ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ මඟ දෙපස බෞද්ධ කොඩි යොදා ගැනීම පිලිබඳ ව පළවූ අදහස් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. නිදහස් සමරු […]

Continue Reading

FACT CHECK: නිදහස් චතුරශ්‍රයේ පරිශ්‍රයේ නිදහස් දින උත්සවයට පෙර බෞද්ධ කොඩි වලින් සරසා තිබුණේ කුමන හේතුවකට ද?

ශ්‍රී ලංකාවේ 73වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය අද දින උදැසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සමරන ලදි. සාම්ප්‍රදායික හමුදා ආචාර පෙළපාලි , සංස්කෘතික අංග  සහ සර්ව ආගමික වැඩ සටහන් ද මෙම උත්සවයට සමගාමීව දැක ගණනට ලැබුණි. ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ජාතික ධජය වෙනුවට බෞද්ධ ධජයෙන් සරසා ඇති බවට ට්විටර්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට පසුගිය දා වෙඩි තැබූ සිදුවීමක් ද?

පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීගේ NLD පක්ෂය මුල්කරගත් රජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබුනේ පෙබරවාරි පළමුවැනිදාය. කෙසේනමුත් පසුගිය මැතිවරණයේදී අක්‍රමිකතා රැසක් සිදුවූ බවට විපක්ෂය සහ හමුදා නායකත්වය පසුගිය මාස කිහිපයේම චෝදනා නඟමින් සිටියා. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ දින උදෑසනම අවුන්සාන් සුකී ඇතුළු රාජ්‍ය නායකයින් මියන්මාර් ආරක්ෂක අංශ භාරයට ලබා […]

Continue Reading

FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනීකා (Oxford-AstraZeneca) එන්නත් ඒකක ලක්ෂ පහක ප්‍රදානයක්, ඉන්දීය රජයෙන් ලංකාවට ලැබිණි. ඒ හා සමගම ලංකාවේ එන්නත් ක්‍රියාදාමය ආරම්භවු බවට මාධ්‍ය වාර්තා කළේය. රජයෙන් ලබා දෙන කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වසරක් තුළ දී ශරීරය දුර්වල වී මිය යන බවත්, කොරෝනා යනු මැලේරියාව වැනි වෛරස් රෝගයක් බවත්, මස් මාංශ අනුභවයෙන් වැළකී […]

Continue Reading

FACT CHECK: මෙරට සංචාරය කල යුක්‍රේන ජාතිකයන්ට මෙවැනි හමුදා ආරක්ෂාවක් ලබා දුන්නා ද?

සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුක්‍රේන සංචාරකයින් පිරිසක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වීමට වර්තමාන රජය පසුගිය කාලයේ දී කටයුතු කරන ලදී. ජෛව බුබුළක ආකාරයට අන් අයගෙන් වෙන්ව යුක්‍රේන සංචාරකයන් මෙරට සංචාරය කිරීමට කටයුතු සපයා තිබූ බව වාර්තා වූව ද එම ක්‍රියාදාමය විවේචනය කරමින් ද බොහෝ අදහස් දැක්වීම් පලවී තිබුණි. මේ අතර යුක්‍රේන සංචාරකයින්ට විශේෂ හමුදා […]

Continue Reading

FACT CHECK: බහුතර මුස්ලිම් ඡන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පැවසුවා ද?

වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය, මුස්ලම් සම්භවයක් ඇති අලි සබ්‍රි මහතාට හිමිවී ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල අලි සබ්‍රි මහතා පිළිබඳව සටහන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර අප සිදු කළ කරුණු විමර්ශනයේදී ඒවායින් කිහිපයක් ම අසත්‍ය සටහන් බව සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලන්න. මේ අතර “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් […]

Continue Reading

FACT CHECK: නිරෝශන් දික්වැල්ල පන්දු 26කදී ලකුණු 89ක් වාර්තා කළා ද?

කොරොනා වසංගත තත්වය හමුවේ නවතා දමා තිබූ ක්‍රිකට් තරඟාවලි නැවතත් ක්‍රමයෙන් අරඹා ඇති අතර දේශීය තරඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි ද පසුගිය කාලයේ සංවිධානය කර තිබුණා. මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එල්.පී.එල් ක්‍රිකට්  තරඟාවලිය ද පැවැත්වුණු අතර මෑතකදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා මෙරටට පැමිණියා.  මේ දිනවල අබුඩාබි T10 නමින් පන්දුවාර දහයේ […]

Continue Reading