Archives

FACT CHECK : සිංහලයකු සමඟ විවාහවීම නිසා මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ මෑතකදී ඇදගෙන ගියා ද?

විවිධ අන්තවාදී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන්, විශේෂයෙන්ම සුළුතර ප්‍රජාවන් මුල් කරගනිමින්, ඇතිවූ ගැටුම් පිළිබඳව පසුගිය කාලය පුරාවටම විටින් විට දැක ගන්නට ලැබුණා. මේ ආකාරයට, සිංහල තරුණයෙකු හා විවාහ වූ මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් ඉරා දමමින් බණ්ඩාරගම ප්‍රදේශයේ මහ පාරක ඇදගෙන ගොස් තිබු බවට සිද්ධියක් පසුගිය දිනෙක සිදුවූ බව අරුත් ගන්වන්මින් පුවතක් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. […]

Continue Reading

FACT CHECK: මෑතකදී පැමිණි යුක්‍රේන සංචාරකයින් සමඟ නිශ්ශංක සේනාධිපති විනෝදවන අවස්ථාවක් ද?

කොවිඩ් වසංගතය ලංකාව තුළ ව්‍යාප්ත වීමෙන් පසුව යුක්‍රේනයේ සිට සංචාරකයන් මෙරටට පළමු වරට පැමිණි සංචාරක පිරිස පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් කතාබහට ලක්වී තිබුණි.  මෙවන් පසුබිමක ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා, එසේ මෑතකදී දිවයිනට පැමිණි යුක්‍රේනියානු කාන්තාවන් පිරිසක් සමග විනෝදවන බව හැඟවෙන, සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වීඩියෝ පටය, වැරදි අර්ථකතනයක් සහිතව […]

Continue Reading

FACT CHECK: කොරෝනා සමඟ සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි වූ බැව් ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළාද?

කොරෝනා දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉමහත් වෙහෙසක් දරමින් සිටියි. මෙම සේවාවන් අගයමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. එහෙත් මින් සමහරක්  සාවද්‍ය සටහන් බව කරුණු විමර්ශනවලදී තහවුරු විය. හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද […]

Continue Reading

FACT CHECK: ෆේස්බුක් හරහා වෛරී සහගත ප්‍රකාශ නිකුත් කල පුද්ගලයෙකුගේ අත්අඩංගුවට ගැනීම පිලිබඳ නොමඟ යවන සුළු පුවත් පෙළක්!

සමාජ මාධ්‍ය තුළ වෛරී සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලද අවස්ථා පිලිබඳ පුවත් විටින් විට දකින්නට ලැබෙනවා.  වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කරමින්, එතුමාව අපකීර්තියට පත්වන අයුරින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් පලකළ පුද්ගලයෙකු, අත්අඩංගුවට පත් වූ පුවත පිලිබඳ අපගේ විමර්ශණයේදී අනාවරණය වුයේ එය නොමඟ යවන සුළු පුවතක් බවයි. […]

Continue Reading

FACT CHECK: දුලීකා මාරපන රංගන ශිල්පිනිය පාස්කු ප්‍රහාරය හා හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝ පටයකට පෙනී සිටියාද?

පාස්කු ප්‍රහාරය සිදුවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණද, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන්ට නිසි දඬුවම් නොලැබුණු බව දේශපාලන වේදිකාවේද නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන සටහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ද නිරන්තරයෙන් ම දක්නට ලැබෙනවා. මෙලෙසින් නිර්මාණය කරන ලද වීඩියෝවක, හරීන් ප්‍රනාන්දු මහතාගේ මව ලෙස පෙනී සිටින කාන්තාවක් විසින් […]

Continue Reading

FACT CHECK: නැවත උපත ලද කිතුණුවෙකු (Born again Christian) ලංකාවේ ජනාධිපති විය හැකි බවට ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවා ද?

විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුල  වරින් වර විවිධ සටහන් ඉදිරිපත්වේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අළලා ද මෙවැනිම සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනු දැකීමට හැකිවිය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. එම […]

Continue Reading

FACT CHECK: සිය වියදමෙන් නැවත වන වගාව කරන ලෙස රිෂාඩ් බදීයුදීන් මහතාට නියෝග වූ ප්‍රදේශයේ, යුද හමුදාව විසින් නැවත වන වගාව ආරම්භ කළාද?

විල්පත්තු අභයභූමියේ පරිවාර වනාන්තර කොටස් එළි කරමින්, අවතැන් වූ පිරිස් නැවත පදිංචි කරවීමට එරෙහිව පසුගිය කාලයේ විශාල මහජන මතයක් ගොඩ නැගුණි.   පරිසර යුක්ති කේන්ද්‍රය නමැති සංවිධානයක් මෙම වන සංහාරයට විරුද්ධව නීතියේ පිහිට පැතූ අතර, තීන්දුව ලබා දීම කිහිපවරක් ප්‍රමාද වුවුද, අවසානයේදී නීති විරෝධි ලෙස වනය එළි පෙහෙළි කල කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම්වල වන වගාව, […]

Continue Reading

FACT CHECK: ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?

ලොව අපුර්ව ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වේ. ඉන් සමහරක් සත්‍ය ඒවා වුවද බොහොමයක් සටහන් වැරදි අර්ථකතන සහිතව හුවමාරු වන බව අප සිදුකළ කරුණු විමර්ශනයන්හි දී තහවුරු විය. එබඳු වාර්තා කිහිපක් මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම ගංගාවක ඉවුරේ පිහිටි ගලක් මත සිටින ඇතෙකුගේ හැඩැති නිර්මාණයක පිටමත ඇති කඳුගැටයක් මුදුනේ බුදු රජාණන් වහන්සේගේ […]

Continue Reading

FACT CHECK: මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක් ?

ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමිදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ අදහස් දැක්වීම් කෙරෙහි ද පසුගිය දිනවල බොහෝ දෙනා අවධානය යොමු කර තිබුනා.  මෙවන් පසුබිමක, කොරෝනා වෛරසය හේතුවෙන් […]

Continue Reading

FACT CHECK: දෙරණ අරුණ වැඩසටන ඉදිරිපත් කල පසුබිමේ තිබෙන චිත්‍රය මේ වන විට විනාශ වී ඇත්ද?

දැනට වසරකට පමණ පෙර ලංකාව පුරා බිත්ති වල සිතුවම් ඇඳීමේ  කලාව පැතිර ගිය අතර ලංකාව පුරාම පොදු ස්ථානවල ඇති තාප්ප පුරාවට අලංකාර ලෙස විවිධ වූ සිතුවම් චිත්‍රණය කරන අයුරු අපට දැකගන්නට ලැබුණා. තරුණ පිරිස් එකමුතුවෙන්, බොහෝ පිරිසකගේ සහයෝගයෙන් සිදු කෙරුණු මෙම ක්‍රියාකාරම් සඳහා ප්‍රධාන පෙලේ මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අයුරු ඒ දිනවලම දැකගන්නට […]

Continue Reading

FACT CHECK: බදුල්ල මහ රොහලේ ගැබිනි වාට්ටුවේ ඇඳන් නොමැතිව ගැබිනි මව්වරුන් දැඩි පිඩාවක?

ලංකාවේ රොහල්වල තදබද තත්වයන් පිලිබඳ අතීතයේ විවිධ අවස්ථාවලදී පුවත් වාර්තා වී තිබෙනු දක්නට ලැබේ. බදුල්ල ප්‍රාදේශීය මහ රෝහලේ ගැබිණි වාට්ටුවේ තදබදයක් ඇති බව අඟවමින් බිම නිදා සිටන කාන්තාවන්ගේ ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නේ 2019 බදුල්ල රෝහලේ දී ලබාගෙන තිබු ඡායාරුපයක්. ශල්‍යාගාරයක ඇතිවු තාක්ෂණික දෝෂයක් නිසා, එක්තරා දිනකදී ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ තදබදයක් ඇතිවී රෝගින්ගෙන් […]

Continue Reading

FACT CHECK: වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව මා මුලින්ම දැනගත්තේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් හරහා – මහාචාර්ය චන්න ජයසුමන?

ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ඇතුළත් සටහන් රැසක් විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සමයේ අපට දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් සාෆි ෂහබ්දීන් වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකළ බව චන්න ජයසුමන මහතා මුලින්ම දැන ගත්තේ නාථ දෙවියන් සහ විපස්සක දෙවියන් මාර්ගයෙන් යන බවක් පුවත්පතක පළවූ […]

Continue Reading

FACT CHECK: සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේදී පාඨලී චම්පික රණවක මහතා පිහිටුවීමට අදහස් කරන සංවිධානයක් පිළිබඳව දැඩි විරෝධයක්?

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත. පාඨලී චම්පික රණවක මහතා  එහි ප්‍රබල සාමාජිකයෙක්. සමාජ මාධ්‍ය ජාලයේ ඔහු අළලා විවිධාකාරයේ සටහන් කලින් කලට ඉදිරිපත් වන අතර පසුගිය කාලයේදී එවැනි සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. මේ අයුරුන්ම සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී […]

Continue Reading

Explainer: සාජා නුවර පාලක සුල්තාන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයින් ආදාහනය කිරීමට නිල අවසර ලංකාවේ මෙතෙක් නොලැබීම පිළිබඳව මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් පැන නැගී ඇත.  මෙවන් පසුබිමක සජා නුවර සුල්තාන්වරයා විසින් කෝවිඩ්-19 ආසාදනයෙන්  මියගිය තැනැත්තන්ගේ සිරුරු භූමිදානය කිරීම තහනම් කර ඇති බැවින් ලංකාවේ මුස්ලිම් නායකයින්ට  එවැනි තීන්දුවක් ගැනීමට නොහැකි මන්ද යන්න හඟවමින් සටහන් රැසක් හුවමාරු වී තිබුණා. කෙසේ වෙතත් […]

Continue Reading

FACT CHECK : මෙහි සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි බෞද්ධ පන්සල ඉදිකිරීමට අනුග්‍රහය ලබාදුන් රජතුමා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ භක්තිකයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉදිකර තිබෙන පන්සලකදී ලබාගත් ඡායාරුපයක් පසුගිය දා සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් අතර හුවමරු වී තිබුණා.   පන්සලේ වැඩ වසන ස්වාමින්වහන්සේ දෙනමක් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එම ආශ්‍රමය ගොඩනැගීමට දායක වූ රජතුමා බව හඟවමින් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම වැරදි විස්තරයක් සහිත […]

Continue Reading

FACT CHECK: සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු විමල් කැටපේආරච්චි ද?

Wimal Katapearachchi does not own the vehicle in the viral video

Continue Reading

FACT CHECK: කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතාගේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ද?

කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය වශයෙන් විවිධ ඖෂධ වට්ටෝරු පසුගිය කාලයේදී නිර්මාණය වූ අතර කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින් නිපදවන ලද බෙහෙත් පැණිය පිලිබඳව බොහෝ ප්‍රචාරයක් ලැබුණා.  මෙවන් තත්වයක් හමුවේ ඉහත බෙහෙත් වට්ටෝරුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව ඇති ඇති බවට පුවතක් හුවමාරැ වී තිබුනේ නොමඟ යවන සුළු සාවද්‍ය පුවතක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය. […]

Continue Reading

FACT CHECK: පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබා දෙන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව බව ජනපති නත්තල් දින පණිවුඩයෙන්?

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයට මුල්වූ අය සොයා ඔවුන්ට දඬුවම් පැමිණවීමට ප්‍රමාද වීම, දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන බොහෝවිට කතාබහට ලක්වන කාරණයක්.  2019 වසරේ පාස්කු ඉරුදින ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට පළාත් සභා මැතිවරණයෙන් පසු දැඩි දඬුවම් ලබා දෙන බවට ජනාධිපතිතුමා විසින් නත්තල් දිනයේදී කතෝලික ජනතාවට පොරොන්දුවක් ලබාදුන් […]

Continue Reading

FACT CHECK: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව පොර ක්‍රීඩක කබීබ් නුර්ගමදෝ හුවමාරු කරගත් ක්‍රීඩා ජර්සියක් ද?

ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය නොකර ආදාහනය කිරීම ගැන මුස්ලම් ප්‍රජාව විශාල හඬක් නඟන අතර පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සංවිධානය කළ විරෝධතා දැක ගන්නට ද ලැබුණි. මෙම විරෝධතා සඳහා පක්ෂව සහ විපක්ෂව ද බොහෝ අදහස් ඉදිරිපත් වී තිබුණි. මේ තේමාවෙන් ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව […]

Continue Reading