Archives

වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!

වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි.  Link Archived Link මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සඳහන් කර තිබුනේද මෙම සමත්කම දැක්වුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොවන බවයි. […]

Continue Reading

අටලුගම මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වූ 2018 වසරේ ඡායාරුපයක්!

අටලුගම යනු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ගම්මානයකි. පසුගිය දිනක බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයක පිරිසක් පහර දුන් සිද්ධියක් ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වාර්තා කර තිබුණි.  එසේ පහරදුන් පිරිස සොයා මෙහෙයුම් සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත් බවටද මෙසේ […]

Continue Reading

ගව ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අළලා සිදුකල සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කළ බවට පසුගිය දා වාර්තා විය. මේ හා සමගම ජාතික ජන බලවේගයෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ගව ඝාතනයට විරුද්ධ බව හඟවන සටහන් ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අනුර කුමාර දිසානායක සහ දීපානි සිල්වා […]

Continue Reading

පොලිස් නිලධාරීන්ට බලපාන නෛතික කරුණු පිලිබඳ සාවද්‍ය සටහන් පෙළක්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර එකසිය පනස් හතරක් පිරුණේ පසුගිය සැප්තැම්බර් තුන් වෙනි දිනටය. පොලිස් නිලධාරීන්ට අයත් නෛතික බලතල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම සමාජයේ බොහෝ දෙනා අතරේද විවිධාරයේ අදහස් හුවමාරු වේ. එලෙසින් වසර ගණනවක් පුරා හුවමාරු වූ සටහනක් පිලිබඳ අප විමර්ශනයක් සිදු කළා.  Free Democracy Freedom නමැති ෆේස්බුක් පිටුවක් පොලිස් නිලධාරියෙකු සතු […]

Continue Reading

දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ […]

Continue Reading

මාධ්‍යවේදී තිසංක ගමගේ මියගිය බවට සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

විවිධ අවස්ථාවල ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් හදිසියේ මිය ගිය පුවත් අපට නිතර අසන්නට ලැබේ. සමාජ ජාලා අතර හුවමාරු වන මෙම පුවත් සමහරක් ඒවා සත්‍ය වන අතර අසත්‍ය ලෙස හුවමාරු වන පුවත්ද අපට විටින් විට දකින්නට  හැකියි. සමහර අවස්ථාවලදී මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සඳහා රංගනයේ යෙදෙන අවස්ථාවන්ද යොදාගන්නා අතර එසේ පේෂල මනෝජ් මියගිය බවට මීට මාස […]

Continue Reading

අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත […]

Continue Reading

W.D.ආරියසිංහ මහතා දැඩි ලෙස රෝගාතුරව අසරණව සිටින බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ලංකාවේ කලාකරුවන් පිලිබඳව පලවන පුවත් කෙරෙහි බොහොමයක් අය විමසිල්ලෙන් පසුවන අතර ඇතැම් අවස්ථාවලදී අසරණ වූ කලාකරුවන් සම්බන්ධව පලවන පුවත් වෙනුවෙන් බොහෝ දෙනෙක් අදහස් පළකරනු දැකගන්න පුලුවන්. පසුගිය කාලය පුරාවටම බොහොමයක් කලාකරුවන් රෝගාතුරව සිටින පුවත් සහ ඡායාරුප සටහන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා පලවුනු විට බොහෝ දෙනෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබුනු අයුරුද අපට දැකගනන්ට ලැබුණා. […]

Continue Reading

බෞද්ධ කොඩියට සමාන සාරිවලින් තරුණියන් ගමන් ගත් පුවත විවාහ උත්සවයකට සම්බන්ධ සිද්ධියක් නොවේ!

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව සඳහන් වේ.  බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් පස්දෙනෙකු සහිත ඡායාරූපයක “බෞද්ධ කොඩියෙන් වෙඩින් හෙලු වසාගැනීම.  වෙන රටක මෙහෙම උනානම් දුකක් නෑ.” වදන රෝපණය කර “ඔබ මේ පිලිබද කුමක් සිතන්නේද”තේමාවෙන් සකුරා නැමැති […]

Continue Reading

ජනපති වෙත පරිසරවේදීන්ට විරුද්ධව හඬක් නැගුවේ ලංකාගම වැසියෙකු නොවන බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

නිවර්තන වැසි වනාන්තරයක් සහ ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වන රක්ෂිතය සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය දෙනියායට සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පරිසරවේදීන් මෙම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට දැඩි විරෝධයක් දැක් වූ අතර අවසානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම සහ නිරීක්ෂණයන් මත පරිසරයට හානි නොවන අන්දමින් මෙම  මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට […]

Continue Reading

Fact-Check :ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇත

ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දුන් බව පවසමින් පුවත් සහ සටහන් (Posts) සමාජ ජාල තුල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. තවදුරටත් එම සටහනෙහි දක්වා ඇත්තේ, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා එය බවයි. “ලොව […]

Continue Reading

මින්නේරියේ නිවුන්නු යනුවෙන් හුවමාරු වූ අප්‍රිකානු ඇත් පැටවුන් දෙපළක්!

ලක් ඉතිහාසයේ වාර්තා වී ඇති අන්දමට මුල්ම වරට නිවුන් ඇත් දරු උපතක් සිදු කර තිබෙන බවට පුවත් වාර්තා රැසක් සෑම ප්‍රධාන මාධ්‍යකම පාහේ මීට මාස දෙකකට පමණ දැකගනන්ට ලැබුණා. මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී තිබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් සටහන් පෙළක් පසුගිය දා හුවමාරු වෙනු අපට නිරීක්ෂණය වුනේ මෙලෙසින් Link Archived Link Link […]

Continue Reading

ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

රටේ සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන් පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඉදිරිපත් වෙනු දක්නට ලැබුණේය. මෙම සටහන් බොහොමයක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් උපහාසාත්මක කෝණයකින් පළව ඇති සාවද්‍ය සටහන් බවය. ජාතික ජන බලවේයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු කේ.ඩී. ලාල්කාන්ත අළලා “රතු තරුවේ කණ්ඩායම් යන […]

Continue Reading

පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට ක්‍රමයක් වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Update: 4/23/26 මීට වසර කිහිපයකට පෙර පිලිකා සෛල හඳුනාගෙන ඒවාට පහරදිය හැකි, අනාගතයේ දී ඖෂධ බවට පත්විය හැකි සංයෝග (Drug Candidate) නිපදවමින් සිටින බවත් ඒවා දීර්ඝ ඖෂධ නිෂ්පාදන ගමන් මගෙහි ඊට අදාළ පර්යෙෂණවලට ලක් වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් අප සිදු මීට පෙර සිදු කළ කරුණු විමර්ශනයට අදාළව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහාචාර්යවරයා […]

Continue Reading

වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක් යනුවෙන් ආනන්ද සාගර හිමි පැවසු බවට පළවූ ව්‍යාජ සංස්කරණයක්!

පරිසර විනාශයන් පිලිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වෙන අතර මේ හා සම්බන්ධ සත්‍ය මෙන්ම අසත්‍ය හා තහවුරු නොකරන ලද පුවත් සහ විවිධාකාරයේ මත සමාජ ජාලා අවකාශය තුල සැරිසරනු අපට දැකගත හැකියි. පසුගිය කාලයේ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන අවස්ථා වලදී නොයෙකුත් පාරිසරික සංවිධානවල ක්‍රියාකාරීන් මේ සඳහා මැදිහත්වෙමින් හඬක් නඟන බවද දැකගන්නට ලැබුණා. මෙම කටයුතු වලදී සක්‍රීයව […]

Continue Reading

වසරකට පෙර ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පළවූ නොමඟ යවන සුළු සටහනක්!

මුස්ලිම් මව්ලවිවරයෙකු විසින් පැවසු සටහනක් යයි දක්වමින් පළවූ සටහනක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුනා. “ජනාධිපතිට අගමැතිට ඕන විදියට සෙල්ලම් බෑ..ඉස්ලාමීය නීතිය ඊට ඉහළයි.. ලගදීම පාඩමක් උගන්වනවා..” යනුවෙන් ඉස්ලාමීය මව්ලවිවරු පවසා සිටි බවට පළවූ එවැනි එක් සටහනක් පහතින්. Link Archived Link මෙම සටහන් සඳහා වෛරී ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණු අතර […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජන බලවේගයට ලබාගත හැකි වූයේ ආසන තුනක් වුවත්, එම සන්ධානයේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ, උපහාසාත්මක කෝණවලින් සාවද්‍ය සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තුව ආසනයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය‍ෙගේ සේයාරුවකට “අද පාර්ලිමේන්තුවේ කන්න […]

Continue Reading

සරත් වීරසේකර මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු සහ වියත්මග ආරම්භක සාමාජිකයකු වන රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා  මනාප වලින් පළමු ස්ථානය හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීය.  පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විශේෂයෙන්ම  ජාතික ප්‍රශ්න ඉදිරියේ තම ස්ථාවරය නොපැකිළව ඉදිරිපත් කරන […]

Continue Reading

වාහන දුම් සහතිකය අහෝසි කිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැත!

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවීමට යන විවිධ වෙනස්කම් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ සටහන් ඉදිරිපත් වන බව දක්නට ලැබුණේය. මේ අතර රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් සහතික පත්‍රය ද අහෝසි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ වාර්තා පළවීමට පටන් ගෙන තිබුණි. ෆේස්බුක් ජාලයේ ඒ පිළිබඳව විවිධ අයුරින් සටහන් ඉදිරිපත් වී […]

Continue Reading

2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!

ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පි‍ටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පුලුවන් හැමෝම ඉක්මන් සුව පතා යන්න” ලෙස දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු අතර […]

Continue Reading