Archives

මුකලම් බස්සා යනුවෙන් හුවමාරු වූ මත්ස්‍යයෙකුගේ ඡායාරුපයක්!

අපව අවට ඇතිදෑ ගැන සහ දුලභ සත්ත්ව වර්ග පිලිබඳ දැණුවත් කිරීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරයි. මෙවැනි ඇතැම් සටහන් උපහාසාත්මක කෝණවලින් පලවන අතර ඇතැම් සටහන් කරුණු සොයා බැලීමකින් තොරව පලකරනු දැකගත හැක. “මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුවක් සහිත සටහනක්, […]

Continue Reading

විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

හොන්ඩා ආයතනය මගින් සාංවත්සරික දිනුම් ඇදීමකින් හොන්ඩා සිවික් රථ 10ක් නොමිලේ දෙන බවට ව්‍යාජ පුවතක්!

කාලයෙන් කාලයට ලංකාවේ ඇතැම් ආයතන තමන්ගේ භාන්ඩ හා සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ ආකාරයේ වැඩසටහන් වල නිරත වන බව අපට දැකගන්න පුලුවන්. ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගනිමින් විවිධ ආකාරයේ තෑගි පිරිනමන අවස්ථා අපට බොහෝ විට දැකගන්නට පුලුවන්. තම නිල ෆේස්බුක් පිටු උපයෝගී කරගනිමින් බොහොමයක් ආයතන මෙවැනි ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර නිල ආයතන ලෙස පෙනී […]

Continue Reading

රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

අනූරාධපුර පූජනීය නගරයේ පිහිටා ඇති රුවන්වැලි මහා සෑරදුන් බෞද්ධයන් නිරන්තරයෙන් වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙසේ පැමිණෙන සැදැහැවතුන් ඒ අවට පිහිටි විශාල වෘක්ෂයන් සෙවනේ විවේක ගැනීමද සුලබ දසුනකි. මෙවන් පසුබිමක රුවන්වැලි මහා සෑරදුන් පරිශ්‍රයේ ඇති මාර ගසක් කපා දැමීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. සමාජ මාධ්‍ය […]

Continue Reading

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට යනුවෙන් පළවූ පුවතක්!

ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ  කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා,  මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය. මෙවන් පසුබිමක “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණේය. “කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා […]

Continue Reading

සාගම චෛත්‍යය ඩෝසර් කිරීමේ සිද්ධිය සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමැති සමයේ සිදුවූ බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල, කුරුණෑගල මහ නගර සභාව විසින් බිඳ දැමීමට කටයුතු කර තිබීම, රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීම සමඟම පුරා වස්තු විනාශ කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වීමට පටන් ගත් බව නිරීක්ෂණය විය. “පස්කන්දක් ද […]

Continue Reading

පර්චස් 1ක හදපු ගෙදරක් යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

විවිධ ආකාරයෙන් නව්‍ය නිර්මාණ යොදාගනිමින් නිවෙස් ඉදි කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන බව අපට දැකගන්නට පුලුවන්. කුඩා ඉඩ ප්‍රමනයන්හි ඇති ඉඩ කඩ ඉතා හොඳින් උපයෝගි කරමින් අඩු වියදමකින් අලංකාර නිවෙස් ඉදි කිරීමට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වයි.මේ අයුරින් අඩු ඉඩක ඉදිකල අලංකාර නිවසක් පිලිබඳව තොරතුරක් Ceylon  නම් ෆේස්බුක් සමාජ ජාලා පි‍ටුවක සටහන්ව තිබුනා.ලංකාවේ සුන්දර ස්ථාන පිලිබඳව පින්තූර […]

Continue Reading

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටි වාරුවෙන් ඇවිදින බව පෙන්වීමට යොදාගත් සාවද්‍ය ඡායාරුප සටහනක්

මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතයේ පශ්චිම භාගය ගත කරන වයස්ගත පුද්ගලයින්ය. මෙවැනි පසුබිමක Ananda Samarawickrama නැමැත්තෙකු “සැරයටියෙන් මම යනෙන තුරා …” තේමාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක වාරුවෙන් ඇවිදිනසේ සැකසුණු ඡායාරූපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. Link Archived Link මෙම සටහනම විවිධාකාරයේ තේමා යටතේ තවත් බොහෝ දෙනෙකුද හුවමාරු […]

Continue Reading

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, දෙවන වරටත් කොරෝනා යයි සැක පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා ගොස් තිබේද ?

Viral fake posts claiming that coronavirus suspected patient escaped from Colombo IDH Hospital for the second time in consecutive days.

Continue Reading

ජාතික ජන බලවේගය සහ සාමාජිකයින් අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්නයටම පැමිණ ඇත. කොරොනා වෛරස් ආසාදනය මධ්‍යයේ වුවත්, සෑම පක්ෂයක්ම ඉතා උනන්දුවෙන් මැතිවරණ ක්‍රියාදාමයෙහි නිරතව සිටී. එමෙන්ම මෙම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අළලා සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත.‍ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුනු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් වල අඩුවීමක් පසුගිය සතියේද […]

Continue Reading

යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය මියගිය බවට සාවද්‍ය පුවත් පෙළක්

සංවර්ධන සහ වගා කටයුතු වලට කැලෑ එලි කිරීම සහ අවිධිමත් ලෙස ජනාවාස ඉදි කිරීම යනාදී හේතු නිසා අලි මිනිස් ගැටුම් පිළිබඳව නිරන්තරයෙන්ම වාර්තා වෙනු දක්නට ලැබේ.  මෙවන් පසුබිමක “Campus Set Eka/කැම්පස් අපේ පිටුව” නමැති ෆේස්බුක් පිටුවක “ඊයේ රාත්‍රියේ වන අලියෙකු පහර දීම හේතුවෙන් යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන කැලණිමුල්ලෙ ප්‍රදේශයේ ගයත්‍රි […]

Continue Reading

බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්

පෙර රජ දරුවන් මෙන්ම පසුකලක දිවයින පාලනය කළ යටත් විජිත පාලකයින්ගේ ඉතිහාසගත ස්ථාන රාශියක් නගර ආශ්‍රිතවද දක්නට ලැබේ. බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සංරක්ෂණය වී තිබුණත්, සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සමහර පුරාවට පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන විනාශ වූ බවට පසුගිය දිනවල වාර්තා විය.  මෙවන් පසුබිමක කුරුණෑගල නගරයේ මාර්ග පුළුල් කිරිමේ කටයුත්තක් අරභයා 13 […]

Continue Reading

රවුෆ් හකීම් , ඊෂාක් රහුමාන් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින විවිධ දේශපාලන සහ පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් තේමාවන්ගෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ.  Ramesh Perera නමැත්තෙකු “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” තේමාවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්  පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් […]

Continue Reading

දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්

මව්වරුන්ගේ දිනය දවසේ ඉන්දීය සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වූ ඡායාරූප පෙලක් උපුටා දක්වමින් සංජීව මනතුංග නම් ලාංකික ෆේස්බුක් ගිනුම් හිමියෙක් මුහුනුපොතට සටහනක් එක් කර තිබුනා. එහි දැක්වුනේ එල දෙනක් සහ දිවියෙක් ඉතා කුලුපගව එකට සිටින ආකාරයේ පින්තූර පෙලක්.ඉන්දීය සමාජ මාධ්‍ය හරහා බොහෝ වශයෙන් හුවමාරු වූ මේ පුවතේ කතාව පිලිබඳ මෙම පුද්ගලයා සටහනක් පහත පරිදි […]

Continue Reading

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ සමයකදී සෑම දේශපාලන පක්ෂයක්ම සහ සමහර අපේක්ෂකයින්, විවිධ ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් පසුබිමක Sisila Ranawana නමැත්තෙකු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සේයාරුවකට “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” වදන් රෝපනය කර ඉදිරිපත් කර […]

Continue Reading

ජනපති විසින් ආරක්ෂක රථ 18ක් යොදාගන්නා බවට සාවද්‍ය ප්‍රකාශයක්!

2019 වසර අවසානයේ ජනපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය පරිවාර රථ සංඛ්‍යාව තුනකට සීමා කමින් දුන් ආදර්ශය රටවැසි සැමගේ ප්‍රසාදයට හේතුවිය. මෙවන් පසුබිමක Mayuri Roshini නමැත්තියක SPG 2020 Media Unit නම්වු ෆේස්බුක් පිටුවකට “ජනාධිපති වෙලා සති 2ක් වාහන 3ක් පාවිච්චි කරපු නන්දසේන “ස”   දැන් ආරක්ෂාවට තර්ජනයක් හින්දා වාහන 18ක් පාවිච්චි කරනවා”  යන වදන අන්තර්ගත […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුණු නොමඟ යවන සුළු සංස්කරණ පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙත්ම දේශපාලන පොරපිටිය උණුසුම් වී ඇත. දේශපාලන පක්ෂ මෙන්ම ක්‍රියාකාරින්ද අළලා සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් නිර්මාණය වෙමින් පවතින අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා සැකසුණු, වැඩිපුර හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් කෙරෙහි අපගේ අවධානය නැවත වරක් යොමුවිය. මෙවන් පසුබිමක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මියගේ සේයාරුවක් සහිතව […]

Continue Reading

කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳ අවදානම යන තේමාවෙන් පළවූ සාවද්‍ය සිතියමක්!

ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කර පුනරුත්ථාපනය කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය. මෙම මධ්‍යස්ථානයේ සිටිය රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයේ සැලකිය බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම දිවයින පුරා නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිලිබඳ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි. […]

Continue Reading

අනුර කුමාර දිසානායක අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු ලෙස තරග වදියි. ඔහු අලලා සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබු සටහන් පෙළක් අපට පසුගිය දින කිහිපයේදී  ආයුබෝවන් ලක් මවුනි ගරු නමැති ෆේස්බුක් පිටුවක් “ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” තේමාවෙන් “ණය අර්බුදය විසඳන්න සැබෑ අවශ්‍යතාවයක් තියනව […]

Continue Reading

සජිත් සහ පාඨලී අතර මතභේදයක් පිළිබඳ පළවූ නොමඟ යවන සුළු පුවතක්!

ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල පවතින අභ්‍යන්තර ගැටුම්කාරී අවස්ථා යයි දක්වමින් පළවන ප්‍රකාශ වැඩිවීමේ ප්‍රවණතාවයක් දැකගන්නට ලැබී ඇත. එවන් පසුබිමක “චම්පිකට මනාප දෙන්ඩ එපා, සජිත් කෙලින්ම කියයි, ගැ‍ටුම උග්‍ර වෙයි” සිරස්තලයෙන් පහත ඇති කථාංගය Lanka News App නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබෙණු දක්නට […]

Continue Reading