ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.

මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත්ව තිබු සටහන් කිහිපයක් සහ පක්ෂයේ ක්‍රියාකාරි මතයන් ලෙස දක්වා තිබුණ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අපගේ කරුණු විමර්ශන වලින් ඒවා ද අසත්‍ය සටහන් හා සංස්කරණ බවට තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන්:

“කොරෝනා හෙල ඔසුව සහ කොමිස් එක” තේමාවෙන් දීර්ඝ කථාංගයක් සහිත සටහනක් Dulip Di නමැත්තකු විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කර තිබූ අන්දම නිරීක්ෂණය විය.

“සෞඛ්‍ය අමාත්‍යංශයට මී පැණි සහ සාදික්කා සැපයීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇවන්ට්ගාඩ් ආයතනයට ලබා දීලා” යන සිරස්තල සහිතව පළවූ ලිපියක ආකාරයක් එහි දක්වා තිබුණි.

එසේම Dulip Di ෆේස්බුක් ගිණුම විසින්ම “රාජපක්ෂලගෙ කොන්ත්‍රාත් එකට මිනී මරණ එක ආයෙ මෙයාල පුරුදුවෙන්න කරන එකක් යැ” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයක් බව පෙන්වන සටහනක් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණා.

එම සටහන් දෙක පහතින්

FacebookArchived LinkFacebookArchived Link

“2000 පසු ඉපදුන පාසල් දරුවන් රේස් පැදීමට යොමු කළේ නාමල් රජපක්ෂ, යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල්රත්නායක මහතා පුවත්පතකට පැවසු ලෙසදැක්වෙන සටහනක් Sadali Anutthara Rajapahksha II නමැති ෆේස්බුක් ගිනුමක දක්නට ලැබුණා.

FacebookArchived Link

“උසාවි තීන්දුව නොතකා උතුරේ කොටි ඉහළින්ම සමරයි කෝ මහ ලොකු නන්දසේනගේ  ජාතික ආරක්ෂාව ..??” තේමාවෙන් Yasith Dilshan නමැත්තකු ඡායාරූප රාශියක් සහිතව උතුරු ලංකාවේ කොටි සැමරුම සිදුකළ ආකාරය කියවෙන සටහනක් ඉදිරිපත් කර තිබුණා. එම ගිණුම විසින්ම “ආන්ඩුවේ මිලිටරි ජුන්ටාවේ සෞඛ්‍ය සේවකයන්ට කෙළ ගැසූ අටලුගම ජනතාවට විප්ලවීය ආචාරය - ජනතා විමුක්ති පෙරමුණ” ලෙස වදන් කළ සටහනක් ද පළකර තිබුණා.

FacebookArchived LinkFacebookArchived Link

එසේම ශ්‍රී ලංකාවේ රතු තරුවේ දේශීය වෛද්‍ය විජිත කරුණාරත්න සහෝදරයා විසින් කොරෝනා නසන පෙත්තක් නිපදවා ඇත” යන තේමාව යටතේ පළවූ පහත ඡායාරුපයක් ද සහිත සටහනින් දක්වා තිබුනේ මුලික සායනික පරීක්ෂණයට අනුව එය 97% ක් සාර්ථක බවය.

FacebookArchived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වුයෙමු. අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක යන තම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවන් පිළිවලින් මව්බිම, සිළුමිණ සහ ලංකා පුවත්පත් සමඟ පැවත්වු සාකච්ඡා අන්තර්ගත කර එම පුවත්පත්හි පළවු වාර්තා ව්‍යාජ ලෙස සංස්කරනය කර ෆෙස්බුක් ජාලයේ එම සටහන් සකස්කර ඇති බව පවසා සිටියා.

තම පක්ෂයේ නායකයින් මෙවැනි පහත් ප්‍රකාශ මාධ්‍යයට නොපවසන බවද අප හා එකවෙමින් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පැවසීය. මෙහි සත්‍ය සටහන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකන්ගේ ෆෙස්බුක් පිටුවල හුවමාරුවී ඇති බවත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසනායක මහතාගේ අළලා ඉදිරිපත් කර තිබු සටහනේ සේයාරුව අප reverse image සෙවීමකට යොමු කළෙමු. ඔහු මව්බිම පුවත් පතට කළ සාකච්ඡාව රැගත් සත්‍ය සටහන් අන්තර්ජලයේ දක්නට ලැබුණි. අනුර කුමාර දිසනායක මහතා මව්බිම පුවත්පතට පැවසු අදහස් එම පුවත්පතේ 2020 නොවැම්බර් මස 4 දින 09 වන පිටුවේ “ජාතික ව්‍යසනයක් වළක්වා ගැනීම පක්ෂ විපක්ෂ කාගෙත් වගකීමක්” සිරස්තලයෙන් පලකර තිබු වාර්තාවේ සේයාරුවක් බිමල් රත්නායක මහතාගේ  නිල ෆේස්බුක් පිටුවේ දක්නට ලැබුණි

FacebookArchived Link

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සංස්කරනයේ සේයාරුවක් සහ බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ ඇති මවිබිම පුවත්පතේ පළවූ ලිපියේ සේයාරුවේ සංසන්දනයක් පහත ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපලන මණඩල සමාජක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ඔහු විසින් පුවත්පතකට පැවසු අදහස් 2020 නොවැම්බර් මස 23 වැනි දින “ඇමරිකාවේ අලුත් ජනාධිපති සහ ශ්‍රී ලංකාව.. අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිවල වෙනසක් වන එකක් නැහැ” යන සිරස්තලයෙන් පලවු සටහනක සේයාරුවක් නිරීක්ෂණය විය.

FacebookArchived Link

මේ පිලිබඳ පරීක්ෂා කිරීමේදී එය සිළුමිණ නොවැම්බර් 21 පුවත්පතේ 28 වැනි පිටුවේ “ඇමරිකාවේ අලුත් ජනාධිපති සහ ශ්‍රී ලංකාව” යන තේමාවෙන් දේශපාලකයින් කිහිප දෙනෙක් දැක්වූ අදහස් අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක්වූ අදහස් සහිත කොටස බව තහවුරු විය. එම සිළුමිණ ලිපිය මෙතනින්. ලිපිය සහිත පිටුවේ සේයාරුවක් මෙතනින්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සංස්කරනයේ සේයාරුවක් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ෆේස්බුක් පිටුවේ ඇති සිළුමිණ පුවත් සේයාරුවේ සංසන්දනයක් පහත ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අළලා ඉදිරිපත් කර තිබු සටහනේ සේයාරුව අප reverse image සෙවීමකට යොමු කළෙමු. ඔහු ලංකා පුවත් පත සමග පසුගිය අගෝස්තු මස 16 වැනිදා පළවූ ලිපියක කොටසක් බව බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ම මෙසේ හුවමාරු කරගෙන තිබුණි.

FacebookArchived Link

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සංස්කරනයේ සේයාරුවක් සහ බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ඇති සත්‍ය සටහනේ සේයාරු සංසන්දනයක් පහත ඇත.

Yasith Dilshan ගේ ෆෙස්බුක් ගිණුමේ ඡායාරූප රාශියක් සහිතව උතුරු ලංකාවේ කොටි සැමරුම යන සටහනේ අනතර්ගත ඡායාරූප කිහිපයක් අප reverse image සෙවීමකට යොමු කළෙමු. මහ බ්‍රිතානයයේ සිටින ඊලාම් හිතවාදීන් විසින්, මහ බ්‍රිතාන්‍යයේදී මහවිරු සැමරුම පැවත්වු අයුරු Tamil Guardian වෙබ් අඩවිය “British Tamils commemorate Maaveerar Naalසිරස්තලයෙන් ඉදිරිපත් කර තිබුණා.

“තවමත් මිය නොගිය L T T E මහවිරු සැමරුම ශ්‍රී රිලංකාවේ අධිකරණ කිහිපයකින්ම තහනම් කර තිබුණා, එහෙත් විදේශයන්හී මහවිරු සැමරුම් පවත්වා තිබුණේ මේ අයුරින් (Photos) යනුවෙන් NethFM බැලුම්ගල ෆේස්බුක් පිටුවේ ද එම ඡායාරුප මෙසේ පළකර තිබුනා

එම වාර්තාවල ඇති ඡායාරූප කිහිපයක් සහ Yasith Dilshan ගේ ෆෙස්බුක් පිටුවේ ඡායාරූප සංසන්දනය කිරීමෙදී ඒවා එකම ඡායාරප බවට තහවුරු විය.

අටළුගමදී සෞඛ්‍ය සේවකයන්ට කෙළ ගැසීම පිළිබඳව සංසරණය වන ෆේස්බුක් ජාලයේ සටහන් ද දේශීය වෛද්‍ය විජිත කරුණාරත්න සහෝදරයා විසින් කොරෝනා නසන පෙත්තක් නිපදවා ඇති බවට පළවන පුවත් ද සම්පුර්ණයෙම අසත්‍ය සහ සාවද්‍ය බවට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක තුමා අප සමඟ පවසා සිටියා.

තවදුරටත් කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරියෙක් වන විජිත කරුණාරත්න මහතා හොරණ ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක බවයි. ඔහුගේ ෆේස්බුක් පිටුවේ විස්තර ද අපට මෙසේ ලබාදුන් අතර එය ක්‍රියාකාරී ගිණුමක් නොවන බවද පෙනී ගියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා පුවත්පත් ලිපි ව්‍යාජ ලෙස සංස්කරණ කරමින් සහ ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත් කර තිබුනේ අසත්‍ය සටහන් පෙළක් බවය.

Avatar

Title:ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

Fact Check By: Nelson Mani

Result: False