ගුවන් යානා සංදර්ශන සඳහා බොහෝ දෙනා උනන්දුවක් දක්වන අතර පසුගියදා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ගුවන් සංදර්ශන සඳහා බොහෝ දෙනාගේ උනන්දුවක් යොමුවී තිබෙනු අපට දැකගන්නට ලැබුණා

මෙවන් පසුබිමක එම සංදර්ශනය සඳහා යොදා ගන්නා ගුවන් යානා උඩුගුවනේ සිට ඡායාරූපගත කරන අවස්ථාවක් බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. නමුත් අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වුනේ එම දර්ශන පෙළ ලංකාවේ රුගත කිරීමක් නොවන බවයි

සමාජ මාධ්‍ය සටහන්:

පිටරටක නෙවෙයි මේ ලංකාවේ ..” යන තේමාවෙන් පළවූ පහත වීඩියෝවෙන් පෙන්වීමට උත්සාහ ගෙන තිබුණේ ලංකාවේ මේ දිනවල පැවැත්වෙන ගුවන් සංදර්ශන වල ඡායාරූප ගත සහ වීඩියෝ කරන අවස්ථාවක් යනුවෙනි.

https://vimeo.com/519397181

Facebook | Archived

ගුවන් හමුදා සංදර්ශනයේ ඔබ නොදුටු දසුන්” යන තේමාවෙන් හුවමාරු වී තිබූ පහත සටහනෙන් ද එම අදහසම පෙන්වාදී තිබෙනවා ඔබට දැකගන්නට ලැබුණා

Facebook | Archived

Youtube හරහා ද ඇතැම් අය “sri lanka air force 70th anniversary” යන තේමාවෙන් මෙම දර්ශන මෙලෙසින් හුවමාරු කරගෙන තිබුණා

මෙම දර්ශන පෙළ ලංකාවේ දර්ශන නොවන බවට කිහිප දෙනෙක් ම ප්‍රතිචාර දක්වා තිබු ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණා. මෙම වීඩියෝවේ ඇතුලත් ප්‍රදේශය ගුවන් සංදර්ශන පැවැත්වෙන ගාලු මුවදොර වෙරළ තීරය නොවන බවක් ද අපට පෙනී ගියා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ සම්බන්ධයෙන් කරුණු පරික්ෂා කිරීම සඳහා අප මුලින්ම ඉහත වීඩියෝවේ දර්ශන Reverse Image සෙවුමක් හරහා පරීක්ෂාකර බැලීමේදී එය 2020 වසරේ සෞදි අරාබියේ සිදු වූ උඩුගුවනේ රූගත කිරීමක් බව අනාවරණය වුනා ලැබුණා. මේ හා සම්බන්ධ පුවත් වාර්තා පහතින්

PetaPixel | Archived

මෙහි සඳහන් කර තිබෙන්නේ C130 යානයක සිටිමින් එම රුගත කිරීම සිදුකළ බවත් රුගත කරන්නේ F15 ප්‍රහාරක යානා බවත්ය. සෞදි අරාබියේ 90 වන ජාතික දිනය වෙනුවෙන් රාජකීය සෞදි ගුවන් හමුදාව ගුවන් සංදර්ශන පෙරහුරුවකදී සිදුකළ ඡායාරූප රූගත කිරීමක් බව එහිදී තවදුරටත් සඳහන් වී තිබුනා.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම සිදුවීම බොහෝ දෙනා අතර හුවමාරු වී තිබූ අතර එම මුල් වීඩියෝ දර්ශන ඇතුළත් ට්විටර් සටහන් පෙළක් පහතින්

https://twitter.com/ENAD_Alotaibi/status/1308408005747183616

එම වීඩියෝවල සහ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එකම දර්ශන පෙළක් බව මේ අනුව පෙනී යනවා. එබැවින් ඉහත දර්ශන වර්තමාන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රූගත කිරීමක් නොවන බව පැහැදිලිය.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා අප එම වීඩියෝව ගුවන් හමුදාවේ මාධ්‍ය අංශය ප්‍රධානී තුමා වෙත යොමු කළා. එහිදී එතුමා පවසා සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද මෙවැනි උඩුගුවනේ ඡායාරූපගත කිරීමේ මෙහෙයුම් මීට පෙර සිදුකර තිබුණද, Transport Carrier වර්ගයේ (C130 වැනි) මෙවැනි පහසුකම් සහිත යානාවක් දැනට නොමැති බැවින් එම කාර්යය මේ මොහොතේ සිදුකල නොහැකි බවයි. එසේම මෙය ලංකාවේ දර්ශන පෙළක් නොමැති බවත් එතුමා පැහැදිලි කර සිටියා

Fighter Jet (ප්‍රහාරක ගුවන්යානයක) වේගයෙන්ම ගමන් කර හැකියි Transport Carrier ගුවන් යානයක් මගෙන් මෙවැනි උඩු ගුවනේ රූගත කිරීමක් සිදුවන බව එතුමා තවදුරටත් පහදා දුන්නා

මාර්තු මස තුන් වැනිදා සිට පස් වැනිදා දක්වා ශ්‍රී ලංකා ඉන්දියා ඒකාබද්ධ ගුවන් සංදර්ශනය පැවැත්වෙන අතර ඒ පිළිබඳ වාර්තාවක් පහතින්.

Sri Lanka Air Force

ශ්‍රී ලංකා ගුවන්හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් සිදුකළ ගුවන් සංදර්ශනය ඇතුළත් කෙටි වීඩියෝවක් පහතින්

https://youtu.be/pgynamut1qs

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව ලංකාවේ රුගත කිරීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන පෙළ සෞදි අරාබියේ 90-වන ජාතික දිනය වෙනුවෙන් රාජකීය සෞදි ගුවන් හමුදාව විසින් 2020 සැප්තැම්බර් මාසයේදී සිදුකරන ලද ගුවන් සංදර්ශන පෙරහුරුවකදී සිදුකළ ඡායාරූප රූගත කිරීමක් බව පැහැදිලිය. ලංකාවේ මෙවැනි උඩුගුවනේ රූගත කිරීම් මීට පෙර සිදුකර තිබුණද වර්තාමානයේ රූගත කිරීම් සඳහා අවශ්‍ය වන C130 වැනි Transport Carrier වර්ගයේ ගුවන් යානයක් නොමැති බැවින් මෙය සිදුකල නොහැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:පසුගිය දා ලංකාවේ උඩුගුවනේ සිදුකළ ඡායරුපගත කිරීමේ මෙහෙයුමක් ද?

Fact Check By: Sahan Perera

Result: False