Fact Check: අරාබිකරයේ බොදු උරුමයක ඡායරූප පෙළක් ද?

International Misleading

ඉතිහාසය පිළිබඳව විශ්මයජනක පුවත් දැනගැනීමට බොහෝ පිරිස් උත්සුක වෙනවා. එවන් කරුණු පිළිබඳව සමාජ මාධජ ඔස්සේ සටහන් කිරීම මගින් දැනුම බෙදා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ අනුව ඇතැම් සටහන් ඉතා කෙටි කාලයක දී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. 

කෙසේ නමුත් ආගම, ඉතිහාසය වැනි කරුණු මිනිසුන් සංවේදී කරන කරුණු පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කිරීමට පෙර ඒවායේ නිරවද්‍යතාවය පිලිබඳ විමර්ශනයක් කිරීම යහපත් පුරුද්දක්. එයට හේතුව නොසැලකිලිමත්කම නිසා හෝ හිතා මතාම මෙබඳු සංවේදී කරුණු පිලිබඳ අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත් පළකිරීම තුළින්  ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී ඇතැම් අවස්ථාවල සමාජීය ගැටුම් දක්වා වර්ධනය විය හැකි බැවින්. 

පසුගිය දා අරාබිකරයේ සඟවා දැමු බොදු උරුමය යන තේමාවෙන් හුවමාරු වී තිබු එවන් සටහනක් අප නෙත ගැටුනා. ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

දැනුම සයුර නම් ෆේස්බුක් පිටුවේ දැක්වුනේ පහත විස්තරය සහිත සටහනක්.

සගවා දැමූ අරාබිකරයේ බොදු උරැමය.

මක්කම කියන්නෙ බෞද්ධ පුදබිමක්.එකල මේ දේශය හදුන්වල තියෙන්නෙ “සුනාපරන්ත දේශය” නමින්.මෙහි තිබුනු විහාරය තමයි”මකුලාටා විහාරය”මේ නගරයේ පැරනි නම තමයි “මකුලාටා” නුවර.මෙහි වැඩ විසූ “පුණ්ණ”නම් තෙරුන් වහන්සේගේ ආරාධනාව අනුව සම්බුදු හිමියන් එහි වැඩම කොට එකල එහි සිටි බෞද්ධයන්ට වන්දනා කිරීම සදහා සිරි පතුල පිහිටවූ බවයි කියවෙන්නෙ.ඒ වගේම මුසල්මානුවන් “ශුද්ධ වූ ලිඳ” යනුවෙන් අදටත් පාවිච්චි කරන්නෙ අප බෝසතුන් වහන්සේ වෙළෙද නායකයෙක්ව සිට කාන්තාරයේදී ජලය නොමැතිව සිටියදී “ඊතන පඳුරක්”දැක තම නුවනින් එම ස්ථානයේ ජලය ඇති බව අනුමාන කොට තම පිරිස සමග කනින ලද ලිඳයි.

උපුටා ගැනීමකි. 

ඒ හා සමඟ ඡායාරුප පෙළක් ද හුවමාරු කරගෙන තිබුනේ ඉහත කරුණු සඳහා සාක්ෂි බව ඒත්තු ගැන්වීමටයි

D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Arabian\-2-දැනුම්-සයුර-–-Posts-Facebook.png

Facebook | Archived

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සටහන් රැසක් ද අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුනේ මෙම නටඹුන් අයත් වන්නේ සවුදි අරාබියාවේ ඇති මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ නගරය වන මක්කම නොව ඇෆ්ගනිස්‌ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 130ක්‌ පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500කට ආසන්න ඉතිහාසයක් තිබෙන, යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කර ඇති බාමියන් බුදු පිළිම ආශ්‍රිත දර්ශන බවයි. බාමියන් බුදු පිළිම සහ ඇෆ්ගනිස්ථානයේ බුදු දහම පිළිබඳ විස්තර මෙතනින්, මෙතනින්.

හයවැනි සහ හත්වැනි ශතවර්ෂවල දී මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ වාසය කරන ලද බෞද්ධයන් හා බෞද්ධ භික්ෂූන් විසින් බාමියන් මිටියාවතේයි මෙම සුවිශේෂී නිර්මාණ සිදුකර තිබුණා. මෙම මිටියාවත පැරණි චීන සේද මාවතේ නැගෙනහිර හා බටහිර රටවල් යා කරන මාර්ගයේ පිහිටා තිබෙනවා.

2001 වර්ශයේ තලේබාන් ත්‍රස්තයන් විසින් බොහෝ රටවල විරෝධය මධ්‍යයේ වුවද ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම ස්ථානය සෑහෙන දුරකට විනාශ කළා. එම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරවලින් වසර විස්සකට පසුව ඒ පිළිබඳව පළවූ වීඩියෝ වාර්තාවක් මෙතනින්

“Buddha of Bamyan , Archaeological sites Afghanistan” ලෙස ඔබට Google ඔස්සේ සෙවීමක් කළ හැකි නම් මෙම භූමියේ විහිදී ඇති පිළිම දැකගන්නට පුළුවන් කම ලැබෙනවා.

සමාජ මාධ්‍ය සටහන් වල යොදාගෙන තිබු පළමු ඡායරුපයේ මුල් හිමිකරුගේ පලකිරීම පහතින්.

GettyImages

“මක්කම” ලෙස සටහන් කළ ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක භුමියේ ඡායාරූප ඇතුළත්  වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. 

2015 වසරේ Huffpost හි පළවූ ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික නහරය බේරා ගැනීමේ වැඩපිළිවෙල පිලිබඳ වාර්තා වේ ද මෙම ඡායාරුප ඇතුළත්. ඒ සම්බන්ධව සක්‍රීයව කටයුතු කළ Brent E. Huffman ගේ ෆේස්බුක් ගිණුමේ ද එක ඡායාරුපයක් පලකර තිබුනේ මෙලෙසින්

Facebook

Saving Mes Aynak නම් ස්වාධීන වාර්තා චිත්‍රපටය ද මෙම ඓතිහාසික භුමිය මුල්කරගනිමින් නිර්මාණය වී තිබු අතර එහි නිෂ්පානදය සහ අධ්‍යක්ෂක කටයුතු සිදුකලේ ඉහත Brent E. Huffman විසින්. මෙම චිත්‍රපටය දිගහැරෙන්නේ ඉපැරණි ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යා භූමියක් කඩා බිඳ දැමීමෙන් බේරා ගැනීම සඳහා සටන් වදින ඇෆ්ගනිස්ථාන පුරාවිද්‍යාඥයෙකු ගේ සාර්ථක මෙහහෙයුමක් පිළිබඳවයි. මෙහි ඇති වීඩියෝ දර්ශන වලද ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වලට යොදාගත්  ඡායාරූප දැක ගන්නට පුළුවන්. එම වීඩියෝව මෙතනින්.

නොයෙකුත් ඡායාරුප එකතූන් වල ද මෙම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුප වල මුල් සේයාරූ දැක බල ගන්නට ලැබුණේ මෙලෙසින්. ඒ සියල්ලක් ම ඇෆ්ගනිස්ථානයට සම්බන්ධයි

Adobe Stock | Wikimedia | Getty Images

කෙසේ වෙතත් මෙහි එක් ඡායාරුපයක් මොන්ගෝලියාවෙන් බව ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා 

මීට පෙර මෙවැනි ම ඇෆ්ගනිස්ථානයේ ඡායාරුප එකතූන් ඉන්දියාවේ අයෝධ්‍යාවේ පැරණි බෞද්ධ නටඹුන් ලෙස හුවමාරු වී තිබු අතර ඒ පිලිබඳ ඉන්දියාවේ කරුණු විමර්ශන කණ්ඩායමක් ඉංග්‍රීසි බසින් සිදුකල අනාවරණය මෙතනින් 

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයට අනුව සඳහන් කළ හැක්කේ අරාබිකරයේ බොදු උරැමය යනුවෙන් සඳහන් කර ඇති සටහනේ දක්වා ඇති ඡායාරූප වල ඇත්තේ සවුදියේ, මක්කම ඡායරූප නොව ඇෆ්ගනිස්‌ථානයේ බාමියන් බුදු පිළිම හා ආශ්‍රිත නටඹුන් බවයි. 

ඒ අතර මොන්ගෝලියාවේ එක් ඡායාරුපයක් ද තිබුණද අරාබියට සම්බන්ධ බෞද්ධ උරුමයක් පිලිබඳ සඳහන් වන ආකරයේ ස්ථානයක දර්ශන දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

මේ අනුව බොහෝදුරට ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික බෞද්ධ භුමිය සහ ආශ්‍රිත ඡායාරුප යොදාගනිමින් ඒවා සෞදියේ බෞද්ධ උරුමයන් අබව පෙන්වීමට උත්සාහ කල අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැක.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:අරාබිකරයේ බොදු උරැමයක ඡායරූප පෙළක් ද?

Fact Check By: Sara Gunarante 

Result: Misleading


Leave a Reply