
මෙරටේදී හෝ ජාත්‍යන්තරව සිදුවන ඕනෑම විශේෂ සිදුවීමක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එමෙන්ම එවැනි සිදුවීම් වලට ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය කෙරෙන උපහාසාත්මක සටහන්ද අපට නිතර ඇස ගැටෙනු ලබනවා. මෙවනි සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
තිළිණ ජූඩ් නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ, නියමිත “එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න පුළුවන් විදියට හයිවේ හදන හැටි” පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් අප්‍රේල් 16 වන දා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිත බවයි. තිළිණ ජූඩ් නමැත්තා විසින් සිය ෆේස්බුක් සටහනේ ශීර්ෂයට සඳහන් කර තිබුණේ, “යන්නම ඕනි එකක්” ලෙසයි.

Sithija Pothupitya නම් අයෙක් විසින් සඳහන් කර තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත විසින් අවුරුදු සමයේදී තැබෑරුම් වසා තැබීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවූ ලිපයක් ලෙසයි. එමෙන්ම එහි සටහනේ ශීර්ෂ පාඨය ලෙස දක්වා තිබුණේ,
“මරු ඩයල් එකක් උපදෙස් දීලා තියෙන්නේ ඌම බීමතින් ගිහිල්ලා වාහනේ හැප්පුවා ඌට මතක නෑ
” යනුවෙනි. එම ලිපිය පහතින්.

නිශායා-Mag යන ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා විසින් ලංකාගම පාලම සෑදීම සඳහා සිය මෝටර් රථය විකුණා ලක්ෂ 25ක් පරිත්‍යාග කරයි ස්තූතියි සහෝදරයා යනුවෙන් සටහන් කළ පෝස්ටුවකි. එම පෝස්ටුව පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජනතා විමුක්ති පෙරමුණ විසින් අප්‍රේල් 16 වනදා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සූදානම් කර ඇත්දැයි අප ජවිපෙ මාධ්‍ය අංශයෙන් විමසීමක් කර සිටියා. එහිදී ඔවුන් පවසා සිටයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එදින කිසිදු ස්ථානයක සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු නොදා ඇති බවයි.
එමෙන්ම ඉහත සම්බන්ධ ලිපිය පිළිබඳ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, එවන් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලාල් කාන්ත මහතා හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් ලිපියක් යොමු නොකළ බවයි. එමෙන්ම මේ ලිපිය සඳහා භාවිතා කර ඇති ලිපි ආකෘතිය ජනතා විමුක්ති පෙරමුණේ ලිපි සඳහා භාවිතා කරන ආකෘතිය නොවන බවයි. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩය රැගත් ලිපිය මෙතනින්.
අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළා එහිදී ඔවුන් සඳහන් කළේ, මෙවන් ලිපියක් ජනාධිපති වෙත ජනතා විමුක්ති පෙරමුණෙන් නිකුත් නොකළ බවයි.
එමෙන්ම නිහාල් ගලප්පත්ති මහතා විසින් සිය මෝටර් රථය විකුණා ලංකාගම පාලම සෑදු බවට හුවමාරු වූ සටහන් පිළිබඳව අප ඔහුගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ, තමන් එම පාලම සෑදීම සඳහා මුදල් වැය නොකළ බවත් තමුන්ට අපහාස කිරීම සඳහා මෙලෙස මඩ ප්‍රහාර දියත් කරන බවද ඔහු සඳහන් කළා.
පසුගියදා ලංකාගම සහ නිල්වැල්ල ගම් යා කරමින් ඉදිවූ පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාවිකා හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවූ බවට “අද දෙරණ” ප්‍රවෘත්ති වාර්තා කළ තිබූ අයුරු මෙතනින්.
ඒ අනුව මෙම සටහන් සියල්ල අසත්‍ය බව තහවුරු වෙයි.
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශන අනුව පෙනී යන්නේ, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළ කර ඇති ඉහත සටහන් හුදෙක් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සිදු කරන ලද ව්‍යාජ සටහන් බවයි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }