ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අළලා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා සම්බන්ධයෙන් එවැනි සටහන් රැසක් පළවී තිබූ අතර එම අනාවරණ මෙතනින්

සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් ද මීට පෙර අවස්ථාවලදී ද යොදාගෙන තිබු නොමඟ යවන සුළු කෝණයෙන් පළවන ඡායාරුපයක් යොදාගනිමින් ව්‍යාජ සටහන් පෙළක් නැවත වරක් හුවමාරු වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

Padmasiri Dasanayaka යන අයෙකු විසින් “දේශපාලනය කුමක් වුවත් හිටපු මන්ත්‍රීතුමාට ඉක්මන් සුවය පතමු.. තෙරුන්වන් සරණයි” යන තේමාවෙන් හුවමාරු කරගෙන තිබු ෆේස්බුක් සටහනකින් දක්වා තිබුනේ “අද දින කොවිඩ් රෝගය පොසිටිව් වීම නිසා මා අයිඩීඑච් රෝහල වෙත ඇතුලත් වූ බව පාක්ෂික සහෝදර සහෝදරියන් වෙන දැනුම් දෙමි. සියලු දෙනා පරිස්සම් වෙන්න” යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළවූ ආකාරයක්

Facebook | Archived

මෙසේ හුවමාරු වී තිබූ තවත් සටහන් පෙළක් පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් පිළිබඳ සුනිල් හඳුන්හෙත්ති මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනින් දක්වා තිබුනේ පහත විස්තරයයි.

මා කොවිඩ් ආසාදනයවී IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවට වු අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ ජාල මාධය තුළ සංසරණ වේ. රටතුළ මෙවැනි බරපතල ව්‍යසනයක් මතුව ඇති මොහොතක පවා ඒ පිලිබදව පොදු සමාජයක් ලෙස අප එකාමෙන් ක්‍රියාකළ යුතු තත්වයක් තුළ ආණ්ඩුවට හිතවත් සහ ආණ්ඩුව මගින් මෙහෙයවන කණ්ඩායම් විසින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරිම දැඩි පිලිකුලෙන් හෙලාදකිමි.

එමෙන්ම මේ අසීරු මොහොතේ ඔබ මෙන්ම ඔබගේ ඥාතීන්, හිතවතුන් මෙන්ම අන් සියලුදෙනාගේ ආරක්ෂාව පිලිබදව අවදානය යොමු කරන ලෙසත් නියමිත සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් කොරෝනා ව්‍යසනය පරාජය කිරීම සදහා ගතහැකි ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනුම් දෙමි

එම සටහන පහතින්

https://www.facebook.com/SunilHandunnetti/posts/1896127623867958?__cft__[0]=AZW5RnZjeH1XievV8erZYiq5HcJ0pDrFZGRjtNd0BInF6xAJwb3hHCFR2UobCCZOV1dxFRx-D5z4OaZJNCSfq3zDTe8ceSQuqJQd2Kaei6WqThlRM8nVQpMPSPuQYr0OHQeXZlzP6gcse7aK7bpZBrLO&__tn__=%2CO%2CP-R

Facebook | Archived

මීට පෙර ද මෙම ඡායරුපයම යොදා ගනිමින් ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබු අතර එසේ 2020 වසරේ සැප්තැම්බර් මස පළවූ සටහන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සුනිල් හඳුන්හෙත්ති මහතා පවසා සිටියේ මෙය ඊට ද පෙර ඔහු රෝහල්ගත ව සිටි අවස්ථාවක දී ලබාගත් ඡායාරුපයක් අවභාවිතා වූ අවස්ථාවක් ලෙසින්. එම සටහන පහතින්.

https://www.facebook.com/SunilHandunnetti/posts/1700288960118493?__cft__[0]=AZU4ntrmQkTbjueYFhMGvZcjbhQ44Mw3iya_Lwa8BGui-m4zmzVOj7SpTGBDAAi-DBpxgdxvkcJdjGqZ2gKHrB0M1cdMAfWiSuTxsf1508Oxn6qeBUUI3JUDC8Ewak-vKh14d-jb3bD014CEjQlTwXKw&__tn__=%2CO%2CP-R

Facebook | Archived

එම අවස්ථාව පිළිබඳව අප හඳුන්හෙත්ති මහතාගෙන් සිදුකළ විමසීමේ දී පවසා සිටියේ එම ඡායාරුපය, ඔහු පසුගිය වසරේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේ, යම්කිසි අයෙකු විසින් ලබාගත් ඡායාරුපයක් බවත් එය යොදා ගමිනින් වරින් වර මෙසේ ව්‍යාජ සටහන් නිර්මාණය වන බවත්ය.

මේ පිළිබඳව අප ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ (IDH) විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ මහතාගෙන් සිදුකළ විමසීමේ දී ද තහවුරු කර සිටියේ මෙය ව්‍යාජ පුවතක් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා කොවිඩ් පොසිටිව් වී එම රෝහල ට ඇතුලත් නොවූ බවත්ය.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2020 වසරේ සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේ යම්කිසි අයෙකු විසින් ලබාගත් ඡායාරුපයක් යොදාගනිමින්, ඒ මහතා IDH රෝහලේ කොවිඩ් පොසිටිව් වී ප්‍රතිකාර ලබන බවට පළවූ සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහන් පෙළක් හුවමරු වී තිබු බවයි.

Avatar

Title:කොවිඩ් පොසිටිව් වී සුනිල් හඳුන්නෙත්ති මහතා IDH රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා ද?

Fact Check By: Sahan Perera

Result: False