දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සෑම මසකම පාඩු ලබන තත්වයක් හමුවේ, මහව සමුපකාරයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් මතුව ඇති බව බවක්, මහව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා පැවසූ බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ , ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

මහව සමුපකාරය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් මතුව ඇති හේතුවෙන් ඉදිරියේ දී මේ පිළිබඳව තීරණයක් ගැනීම පිළිබඳව මහව සමුපකාර සමිතියේ සභාපති පැවසු බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මේ ආකාරයට හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් මෙලෙසින්.

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එසේම මෙම සටහන් සමාජ මාධ්‍ය පරිශිකලයින් රැසක් විසින් අසත්‍ය බවට ද පවසා තිබු අතර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම සොයා බැලුවේ මහව සමුපකාරයේ සභාපතිවරයා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන කරුණයි. නමුත් එවැනි වාර්තා දක්නට ලැබුණේ නැහැ.

මහව සමුපකාර සංගමය පිලිබඳ පසුගිය කාල වකවානුවේ දී පළවී ඇති පුවත් පිළිබඳව ද අප පරීක්ෂාවක් සිදුකළ අතර, එහිදී පසුගිය මැයි මස පළවූ පුවතක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඉන්ධන හිඟයක් තිබුණු පසුගිය වසරේදී සිදුවුවා යයි පැවසෙන ඉන්ධන වංචාවක් පිලිබඳ මහව සමුපකාර වර්තමාන සභාපති ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න බණ්ඩාර වන්නිනායක පවසා තිබු කරුණු ඇතුළත් එම පුවත මෙතනින් | Archived.

නමුත් මහව සමුපකාර සභාපතිගේ වෙනත් ප්‍රකාශයක් පිලිබඳ ව පුවතක් අපට මෑතක දී දැක ගන්නට ලැබුනේ නැති අතර මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප මහව ප්‍රදේශයේ ප්‍රාදේශීය වර්තාකරිනියක් ද සම්බන්ධ කරගත්තා. ඇයද පවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පිළිබඳව තමන් දැනුවත් වී නොමැති බවයි.

ඉන් අනතුරුව අප මහව විවිධ සේවා සමුපකාරයේ සභාපති චන්ද්‍රරත්න වන්නිනායකගෙන් මේ පිලිබදව විමසා බැලුවා.

ඔහු අප සමග පැවසුවේ තමන් කිසිසේත් මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බව සහ ඉදිරියටත් සිය ධුරයේ කටයුතු , ජාතික ජන බලවේගය සහ සමීපව පවත්වාගෙන යන බවයි.

සමුපකාරයේ ලාභ පාඩු පිලිබදව සඳහන් කල සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ 2023 වසරේ මුල, බලය ලබාගත් මහව සමුපකාරයේ තාකෂණික වශයෙන් , විවිධ හේතු මස ලාභ ලබාගැනීමට නොහැකි වුවත් ,මැයි මාසයේ ලක්ෂ 17 ක ලාභයක් ලබාගත් බවයි.

ඔහු සමාජ මාධ්‍ය සටහන් වලට පිළිතුරු සපයමින් දැක්වූ අදහස් අදහස් පිළිබඳව මේ දිනවල හුවමාරු වන වීඩියෝවක් පහතින්.

එසේම මේ පිළිබඳව මහව සමුපකාර සමිතියේ වෙනත් ප්‍රර්ශවයන් ද සම්බන්ධ කරගනිමින් මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

2022 වසරේ දෙසැම්බර් මස අග පැවති නිලවරණයකින්, මහව සමුපකාර සමිතියේ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමිවීම පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

මහව සමුපකාර සමිතියේ සභාපතිවරයා විසින් මහව සමුපකාරය විසින් දිගින් දිගටම පාඩු ලබන බව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුව ඇති බව සඳහන් කළ බවට පවසමින්, සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය බව සභාපති ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න බණ්ඩාර වන්නිනායක පවසනවා. පසුගිය මාස කිහිපයේ දී මහර සමුපකාර සමිතියේ ලාභ පෙන්වූ බවත්, ජාතික ජන බලවේගයට හිතවාදීව ,ඉදිරියටත් තමන් සභාපති තනතුරේ කටයුතු කරන බවත් මහව සමුපකාර සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

Avatar

Title:මහව සමුපකාර සභාපතිවරයා පැවසූ දේ බවට පළවන අසත්‍ය සමාජ ජාලා සටහන් පෙළක්!

Written By: Fact Crescendo Team

Result: Misleading