2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි වශයෙන් අවධානය දිනා ගත් මාතෘකා කිහිපයක් පිළිබඳ සමාලෝචනයක් කිරීමටයි මේ සූදානම.

මැතිවරණ සහ දේශපාලනමය පසුබිම පිළිබඳව සිදුකළ කරුණු විමර්ශන

2023 වර්ෂය මුල් මාස කිහිපයේ දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ කටයුතු සුදානම් වී තිබුණ ද පසුව එය දින නියමයක් නොමැතිව කල්තැබීමක් සිදුවිය. නමුත් මැතිවරණයක් පැවැත්වීමේ උණුසුම පැවති සමයේ, ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ විවිධාකාරයේ නොමඟ යවන සුළු සටහන් පිළිබඳව අප විමර්ශන කිහිපයක්ම සිදුකළා.

2023 වසරේ පැවැත්වීමට සුදානම් කර තිබු පළාත් පාලන ඡන්ද දිනය ආසන්නයේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ද, ඉල්ලා අස්වීමේ රාවයක් සමාජ මාධ්‍ය ඔස්සේ නැගුණා. නමුත් ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක් ගෙන නොතිබුණු අතර ඔහු අදටත් එම ධුරයේ කටයුතු කරනවා.

පළාත් පාලන මැතිවරණයක දින නියමයක් නොමැතිව කල් දැමීමට පෙර, එම ඡන්ද විමසීම සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය හා නොමග යවන සුළු සටහන් පිළිබඳ අප සිදු කළ විමර්ශනයන් කිහිපයක් පහතින්.

එසේම 2024 දී පැවැත්වීමට නියමිත මැතිවරණ වන ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණයන් මූලික කොටගෙනද, අසත්‍ය සටහන් 2023 වසර අග භාගයේ දී සංසරණය වූ අතර ඇතැම් පක්ෂ සඳහා මැතිවරණ ප්‍රවර්ධනයන් සඳහා වාසි සහගත අයුරින් මෙන් ම අවාසි සහගත වන අයුරින් ද, මැතිවරණයට සෘජු සහ වක්‍ර අයුරින් සම්බන්ධ වන නොමග යන සුළු සටහන් නිර්මාණය වී තිබුණා. එවැනි කරුණු විමසීම් සහ කරුණු පැහැදිලි කිරීම් කිහිපයක් පහතින්.

2023 වසරේ සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක අළලා හුවමාරැ වූ සටහන් රැසකින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සුදානමක් පිළිබඳවයි. එවැනි සටහන් පිළිබඳ අපගේ කරුණු විමර්ශන මෙතනින් සහ මෙතනින්

එසේම ජාතික ජන බලවේගයට හිතවාදී සමුපකාර සමිති අළලා ඔවුනේ ක්‍රියාකාරම් පිළිබඳව අසත්‍ය මෙන්ම ඇතැම්විට උපහාසාත්මක කෝණයෙන් ද හුවමාරු වූ  ව්‍යාජ සටහන් රැසක් කිහිපයක් මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි නායකයින් අළලා ද නිර්මාණය වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳව අපගේ විමර්ශන මෙතනින් සහ මෙතනින්.

විශේෂයන්ම ජනපති රනිල් වික්‍රමසිංහ අළලා ද අසත්‍ය සටහන් පෙළක් පසුගිය 2023 වසරේ දී නිර්මාණය වූ අතර ඒ පිළිබඳව සිදුකළ කරුණු විමසුම් කිහිපයක් මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

අරගල ක්‍රියාකාරීන් ඉලක්ක කරගත් නොමඟ යවන සුළු සටහන්

මේ අතර 2022 අරගලය සමයේ ක්‍රියාකාරීන් රැසක්, ගාලුමුවදොර අරගලකරුවන් සියල්ල තනි පක්ෂයක් නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බවට හැඟවෙන පරිදි නොමඟ යවන්ස් සුළු සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. අරගලයට සහභාගි වූ ඇතමුන් තනි තනි පුද්ගලයන් තරඟ කිරීමට අදහස් කර තිබුණ ද  එම සටහන්හි දක්වා තිබූ බහුතරය තරඟ නොවදින බවත්, ගාලුමුවදොර අරගලයට පැමිණි සියල්ල තනි පක්ෂයක් ලෙස තරඟ වැදීමක් සිදු නොවන බවටත් අපට අනාවරණය කර ගත හැකි වුණේ මෙලෙසින්.

එසේම 2022 වසරට සමගාමීව අරගලය ක්‍රියාත්මක වූ අප්‍රේල් – අගෝස්තු මාසවල දී නැවත වරක් 2023 වසරේ දී එම පැරණි සිද්ධි පස්සේ අරගල ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්ම ඉලක්ක කරගනිමින් ව්‍යාජ සටහන් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ පිළිබඳ අපගේ විමසුම් පහතින්.

ආර්ථික තත්ත්වය හා බදු පැනවීම් සම්බන්ධයෙන් බැඳුණු අසත්‍ය සටහන්!

මෙරට පවතින ආර්ථික තත්ත්වය හා බදු පැනවීම් ආශ්‍රිතව ද, ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙරට පවතින ප්‍රබල සමාගම් මෙරටින් ඉවත් වන බවට ද, සඳහන් කළ අසත්‍ය පළ කිරීම් ද, නොයෙකුත් ගාස්තු වල මිල ඉහළ දැමූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර ඒවා පිළිබඳ අප සිදුකළ නිවැරදි කරුණු අඩංගු විග්‍රහයන් කිහිපයක් පහතින්.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

වර්තමාන විදුලි බිල ගණනය කිරීමක් ලෙස හුවමාරු වන්නේ, නව මිල සංශෝධනයට පෙර පළවූ සටහනක්!

ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත බවකින් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් පවසා නැහැ!

කටුනායක ගුවන් තොටුපළින් ගුවන් යානයෙන් පිටත්වන පුද්ගලයන්ට ඩොලර් 60ක නව අපගමන බද්දක්?

ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!

MAS ආයතනය මිහින්තලයේ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා දැමීමේ සුදානමක් නැහැ!මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව වසා දැමීමේ සුදානමකුත් නැහැ !!

Brandix සහ Hirdaramani ඇඟළුම් ආයතන, ලංකාව හැරයන බවට පළවන පුවත් අසත්‍යයි !

මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව, ඉදිරියේදී ලංකාවට අහිමි වේවිද ?

විවිධ ආයතන සහ සන්නාම සම්බන්ධ නොමග යවන සුළු සටහන් 

විශේෂයෙන්ම ලංකාවේ ඉන්ධන අලෙවි කටයුතු කරන සමාගම්, ගෑස් සමාගම් මෙන්ම ආහාර නිෂ්පාදන සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ පිළිබඳව අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී තිබුණා.

එසේම වංචනික ක්‍රම මඟින් පුද්ගලික තොරතරු ලබාගන්නා අරමුණින් විවිධ අවස්ථාවන්හි දී ව්‍යාජ සටහන් රැසක් හුවමාරු වුණා. ඒ පිළිබඳ කරුණු අනාවරණ කිහිපයක් පහතින්.

WhaleBoost මව් සමාගම ලෙස දක්වා තිබූ සිංගප්පූරු ආයතනය, එම ව්‍යාපෘතිය ගැන කියන කතාව!

එසේම ලෝකප්‍රකට මෙන්ම ලංකාවේ  විවිධ සමාගම්හි සන්නාම අවභාවිතා කරමින් හුවමාරු වූ වංචනික සටහන් පිළිබඳ විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් 

2022 T20 ලෝක කුසලානයට ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා ලෙස භාවිත කරමින් ජාතික විගණන වාර්තාවේ සඳහන් ඔස්ට්‍රේලියාව බලා පිටත් වූ පිරිස යනුවෙන් සඳහන් කරමින් පළවූ වාර්තාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතාවකට මුලපිරු අතර ව ගැන ඇතැම් අසත්‍ය සටහන් ද හුවමාරු වුණා. 

අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ නම් T20 ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ විගණන වාර්තාවේ ඇතුළත් ද?

එසේම 2023 එක්දින ලෝක කුසලානය අවසානයේ දී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව පැනනැගී තිබු අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කළ අතර එම වකවානුවේ දී නොමග යන සුළු සහ අසත්‍ය සටහන් පැතිරී තිබුණා. 

එමෙන් ම 2023 ලෝක කුසලානය අවසන් තරඟයෙන් පසුව ද, විශේෂයෙන්ම ඉන්දීය පිළ අළලා අසත්‍ය සටහන් කිහිපයක්ම ලංකාවේත් සංසරණය වුණා.

AI තාක්ෂණය (කෘතිම බුද්ධිය) මඟින් නිර්මාණය වූ සටහන්!

අද වන විට ලෝව පුරා බොහෝ පිරිස් විසින් කෘතිම බුද්ධිය (Artificial Intelligence (AI)) වැඩදායි අයුරින් තම කටයුතු පහසු කරගැනීම සඳහා යොදාගනු ලබනවා. කෙසේනමුත් කෘතිම බුද්ධිය යොදාගනිමින් සිදුකරන ඇතැම් නිර්මාණ, සත්‍ය ස්වරුපය හා බොහෝ සෙයින් සමාන වන බැවින්, ඒවා හඳුනා ගැනීමේ අසීරුතාවයකට බොහෝ පුද්ගලයන් පත් වී තිබෙනවා. විශේෂයන්ම එසේ නිපදවන ඡායාරුප හේතුවෙන් සමහර සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් තිබු අවස්ථා අපට ලංකාවේදීත් දැකගන්නට ලැබුණ නමුත් සමහර විදෙස් රටවල මෙන් බොහෝ බලපෑම් සහගත සහ හානිකර කෘතීම බුද්ධිය මගින් නිපදවූ අන්තර්ගතයන් සමාජ ජාලාවල සංසරණය වන බවක් අපට ලාංකික සමාජ ජාලා අවකාශය තුළ දක්නට ලැබුණේ නැහැ

අප ඇතුළු ලොව පුරා කරුණු විමර්ශන කණ්ඩායම්වලට ද, නවමු ක්‍රම ඔස්සේ AI තාක්ෂණයෙන් සැකසෙන ඡායාරූප, වීඩියෝ හඳුනා ගැනීම ඇතැම් අවස්ථාවන්හි දී අභියෝගයක් වූ අතර, ඒ පිළිබඳ අලුත් මෙවලම් සහ විධික්‍රම නිරන්තරයෙන්ම අත්හදා බලමින් සිටිනවා.

කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු

කොවිඩ් වසංගතය හා එන්නත් 

පසුගිය වසර කිහිපයට සාපේක්ෂව අඩු වුවත්, 2023 වසර පුරා විටින් විට කොවිඩ් වසංගතය හා එන්නත් සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් පැතිරුණු අතර ඒ පිළිබඳ අසත්‍ය තොරතුරු වලට එරෙහිව අප සිදු කළ විමර්ශන වාර්තා කිහිපයක් මේ.

ශ්‍රී ලංකාව තුළ නව කොවිඩ් ප්‍රභේදය පැතිර යනවාද? කොවිඩ් අවදානම නැවත රට තුළ වර්ධනය වනවාද?

කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

කොවිඩ් එන්නතේ භයානක ප්‍රතිඵල ඇති බවට පැවසූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බව, Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළා ද?

පිළිකා ඇතුළු රෝග සඳහා පිළියම් ලෙස හුවමාරු වූ සටහන්හි ඇත්ත තතු දැනගන්න

නොයෙකුත් රෝග සඳහා ප්‍රතිකාර වශයෙන් අත්බෙහෙත් ලෙස විවිධාකාරයේ එළවළු සහ පලතුරු වර්ග ඇතුළු විවිධ සහ ආහාර වර්ග මෙන් ම, නොයෙකුත් ප්‍රතිකාරයන්ද යොදාගත හැකි බවට නොයෙකුත් නොමග යන සුළු සටහන් හුවමාරු වූ අතර ඒවා පිළිබඳව අප දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයන් ඔස්සේ ලබාගත් පැහැදිලි කිරීම් ද සමඟින් කරුණු විමර්ශන කිහිපයක් ම සිදුකළා.

ව්‍යාජ සහ වංචනික සබැඳිවලින් ආරක්ෂාවීමේ වැදගත්කම පිළිබඳ දැනුම්දීම්

එසේම බහුල වශයෙන් ව්‍යාජ සහ වංචනික සබැඳි හරහා මුදල් වංචාවන් සිදු කරනු ලබන ක්‍රම පිළිබඳ සහ ඉන් ආරක්ෂා විය යුතු ආකාරය වැනි දැනුවත් කරමින් පළකළ සමාජ මාධ්‍ය සටහන් ද නිරන්තරයෙන්ම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. 

SCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

එසේම කලාකරුවන් , ක්‍රීඩකයින් ඇතුළු ප්‍රසිද්ධ චරිත යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝ ඔස්සේ මුදල් ඇතුළු තෑගී ලබාගත හැකි බවට සටහන් රැසක් 2023 වසර පුරාවටම හුවමාරු වුණා.

රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් ඇතුළු ජනප්‍රිය චරිත අළලා, මුදල් ත්‍යාග ලබා දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දුර්මත පිළිබඳ විශ්ලේෂණ

කාලයක් තිස්සේ සමාජයේ හුවමාරු වෙමින් පවතින සහ ඇතැම් කාලීන වශෙයන් හුවමාරු වූ දුර්මත පිළිබඳව විශේලේශණාත්මක කරුණු විමර්ශන කිහිපක්ම ඉදිරිපත් කළා.

සමාජයේ නිතර දක්නට ලැබෙන සහ නොලැබෙන සත්ත්ව විශේෂ පිළිබඳව පළවූ සටහන් පිළිබඳව ඇත්ත කරුණු අප පහදා දුන්නා. එවැනි විමර්ශන කිහිපයක් පහතින්.

එසේම විවිධාකරයේ ආහාර පාන ලබාගැනීම සහ වැදගත් සෞඛ්‍යට පුරුදු ලෙස හුවමාරු වූ සටහන් කිහිපයකම ඇත්ත තතු අප ගෙන ආවේ මෙලෙසින්.

තවද සමාජ මාධ්‍ය තුළ පමණක් නොව සමාජයේ කතාබහට ලක්වෙන ඇතැම් පුරුදු සහ ඒවායේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව ද අප කරුණු පැහැදීම් සිදුකළා. 

2023 වසරේ දී බොහෝ දෙනාගේ අවධානයට යොමු ව තිබු කරුණු කිහිපයක් පහතින්.

සමාජය තුළ අනිසි බියක් ඇතිකරවන ආකාරයේ ව්‍යාජ සහ තහවුරු නොකළ සටහන්

දරුවන් පැහැරගෙන යාමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව සමාජයේ බියක් ඇති කරමින් සටහන් කිහිපයක්ම පලවී තිබුණා. නමුත් ඒවා බොහොමයක් ව්‍යාජ සටහන් බව අප ශ්‍රී ලංකා පොලිසිය සහ අප විසින් ඒ සඳහා යොදාගෙන තිබු ඡායාරුප සහ වීඩියෝ ඔස්සේ පහදා දුන්නා. එවැනි විමර්ශන කිහිපයක් මෙතනින් , මෙතනින් සහ මෙතනින්

මීට අමතරව විවිධ සංවිධානාත්මක කල්ලි විසින් සිදුකරමින් සිටින මංකොල්ලයන් පිළිබඳව ද ව්‍යාජ සටහන් කිහිපයක් හුවමාරු වුණා. එම විමර්ශන මෙතනින්, මෙතනින්

එසේම අන්තවාදී අදහස් මතුකරමින් මෙවැනි අසත්‍ය සටහන් මෙන්ම  පාස්කු ඉරුදින ප්‍රහාරයට ආසන්න දිනයන් ආශ්‍රිතව ද ව්‍යාජ නිර්මාණය වුණා.

එසේම විදෙස් රටවල සිදුවූ ලංකාවේ ද උනන්දුවක් ඇතිකළ සිද්ධි පිළිබඳ අසත්‍ය කරුණු ලංකාවේත් හුමාරු වූ අතර ඒ පිළිබඳව අප කණ්ඩායම කරුණු විමර්ශන සිදුකළා. විශේෂයෙන්ම තුර්කිය ආශිත කලාපයේ මුල්කරගනිමින් සිදුවූ භූචලන මාලාව සහ ඊශ්‍රායල – හමාස් ගැටුම්කාරී තත්වය පිළිබඳ අප විමර්ශන රැසක් සිදුකළා. 

අපගේ කරුණු විමර්ශන කටයුතුවලට අමතරව අප Factcrescendo කණ්ඩායම විසින් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් 2023 වසරේදී සාර්ථකව සිදුකිරීමට සමත් වුණා.

විශේෂයන්ම මැතිවරණ වසරක් වන එළඹෙන වසරේ දේශපාලනයම කරුණු මෙන්ම, සමාජයේ කාලීන මාතෘකා ඔස්සේ පළවන නොමග යන සුළු අසත්‍ය සටහන් වල නිරවද්‍යතාවය සොයා ඒවායේ සත්‍ය කරුණු එළිකරමින් සමාජය දැනුවත් කරමින් අසත්‍ය තොරතුරු වලට එරෙහිව අපගේ සටන 2024 වසරේ දී ද මේ වසරේ මෙන්ම කැපවීමෙන් සිදුකිරීමට බැඳී සිටිමු. ඒ සඳහා ඉදිරි වසරේ දී ත් ඔබගේ නොමඳ සහය ද බලාපොරොත්තු වන අතර ඔබට මුණගැසෙන සැකසහිත ඡායාරුප, වීඩියෝ සහ වෙනත් වාර්තා අප වෙත +94771514696 ඔස්සේ WhatsApp කිරීමෙන් අපට ඒ පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීමක් සිදුකළ හැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

Written By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply