“දැන් ඇති !! ඉල්ලා අස්වෙන්න ”, රත්තරන්ටත් ආණ්ඩුව එපා වෙයි? (VIDEO)

Missing Context Political

පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී තත්වය හමුවේ, රජයේ කැපී පෙනෙන චරිත අළලා සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පැතිරෙනවා. රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා, 2019 වසරේ දී එවකට පැවති යහපාලන ආණ්ඩුව විවේචනය කල අවස්ථාවක වීඩියෝවක් වර්තමාන ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවක් ලෙස සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. 

සමාජ ජාලා සටහන් 

රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතන වීඩියෝවක් සමාජ ජාලා හරහා පැතිරෙන්නේ මෙලෙසින්. 

Facebook 

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර කිසිදු සමඟියක් නැති බවත්, ඔවුන් මාවත් දෙකක ගමන් ගන්නා බවත් පවසමින් මෙම වීඩියෝවේ දී රෝහිත අබේගුණවර්ධන පවසා සිටින්නේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

එම සටහන වට්ස් ඇප් හරහාද පැතිරුණේ මේ අයුරින් .

රත්තරං ඇත්ත කියයි..ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි” ශිර්ෂයන් යටතේ හුවමාරු වන මෙම වීඩියෝව සටහන් කිහිපයක් මෙලෙසින්.

ඇත්ත වශයෙන්ම පවතින දේශපාලන වාතාරණය තුළ රෝහිත අබේගුණවර්ධන මේ ආකාරයේ මෑතක දී ප්‍රකාශයක් සිදුකළා ද යන්න පිළිබඳ ගවේෂණයක් සිදු කිරීමට අප තීරණය කළා. 

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප විසින් මුලින්ම විමසා බැලුවේ මෙම වීඩියෝවේ මුල් වීඩියෝව කුමක්ද යන කාරණයයි. එහිදී අපිට හඳුනාගන්නට ලැබුණේ, 2019 වසරේ මැයි මාසයේ , එනම් පාස්කු ප්‍රහාරය සිදුවී සති කිහිපයකට පසුව (එවකට පැවති යහපාලන රජයට විරුද්ධව ප්‍රබල ජනතා විරෝධයක් හටගෙන තිබු සමයක) පැවැත්වූ මාධ්‍ය හමුවක වීඩියෝ කොටසක් බවයි.

එම වීඩියෝ කොටස මෙතනින් .

Archived

මෙහිදී රෝහිත අබේගුණවර්ධන පවසා තිබුනේ, 2019 මැයි මාසයේ දී රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ඔහුගේ රජයට රට තුල පැන නැගුණු අරාජික තත්ත්වය නිසා, ඉල්ලා අස්වී මහ මැතිවරණයක් පවත්වා, ජනතාවට කැමති පාලක පිරිසක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. 

තවද ඉහත සමාජ ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දී, 2019 වසරේ පළවී තිබු මුල් වීඩියෝවේ දේශපාලන පක්ෂ පිලිබඳ සඳහන් වන කොටස ඉවත්කර වර්තමානයේ සිදුකර ප්‍රකාශයක් සේ හැඟෙන අයුරින් සංස්කරණය කරමින් නිර්මාණය සිදුකර ඇති බව ද පෙනී යනවා.

එසේම රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා දින කිහිපයකට පෙර (අප්‍රේල් 19 වන දින) පාර්ලිමේන්තුවේ පැවැත්වූ කතාවක් මෙතනින්

මෙහිදී ඔහු පවසා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ උද්ගත වී ඇති තත්වය පිළිබඳව වගකිව යුතු බවත්, ආණ්ඩුව පමණක් නොව, සම්පුර්ණ පාර්ලිමේන්තු නියෝජනම මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්වයක් බවට පත්වී තිබෙන බවයි. එසේම මේ තත්වය සඳහා විසඳුමක් ලබාදීමට දේශපාලන පරිවර්තනයක් සිදුවිය යුතු බවත් නායකත්ව ගැනීමට ඕනෑම අයෙකුට ආරාධනා කරන බවත් මේ සියල්ලක්ම ප්‍රජාතන්ත්‍රවා දී රාමුවක් තුළ ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු බවත් පවසා සිටිනවා. කෙසේනමුත් පාර්ලිමේතුව විසුරුවා ජනතාවට අවශ්‍ය පාලන තන්ත්‍රයක් ගෙන ඒම ද අවශ්‍ය නම් සිදුවිය හැකි යෝජනාවක් ලෙස ද ඔහු පවසා සිටියා.

කෙසේනමුත්, වත්මන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර කිසිදු සමගියක් නැති බවත්, ඔවුන් මාවත් දෙකක ගමන් ගන්නා බවත්, එම නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යනුවෙන් රෝහිත අබේගුණවර්ධන පවසන ආකරයක් අපට මෑතක දී දැකගන්නට ලැබුනේ නැහැ.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වන කාරණය නම් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා විසින් වර්තමාන ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස මෑතකදී ප්‍රකාශ කර නැති අතර 2019 දී ඔහු විසින්, එවකට යහපාලන රජයේ අගමැති සහ ජනපති සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක කොටසක් නොමඟ යවන සුළු කෝණයකින් වර්තමාන ජනපති සහ අගමැති සහ රජය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් ලෙස සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වන බවයි.

Avatar

Title:“දැන් ඇති !! ඉල්ලා අස්වෙන්න ”, රත්තරන්ටත් ආණ්ඩුව එපා වෙයි? (VIDEO)

Fact Check By: Kalana Krishantha 

Result: Missing Context


Leave a Reply

Your email address will not be published. Required fields are marked *