
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු පසුගිය අප්‍රේල් 26 වන දින පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින්, ප්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවසන් කටයුතු සිදු කෙරෙන උත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය 25 වන දින වතිකානුව බලා පිටත්ව ගියා.අමාත්‍යවරයා මෙලෙස වතිකානුව බලා පිටත්ව ගිය ගමනේදී සිදුකළ කතාවක් බවට හැඟවෙන අයුරින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ බැවින්, අප ඒ පිළිබඳ කරුණු විමර්ශණයක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“ජනතාවගේ මුදලින් වතිකානුවට ගියාට මේ වගේ නාන්නනම් එපා ,මචෝ” යනුවෙන් සඳහන් කරමින්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ දිනවල වතිකානුවේ සිදුකර ඇති සංචාරය අතරතුර දී සිදුකළ ප්‍රකාශයක් වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.
එම වීඩියෝවේ විජිත හේරත් අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කරන්නේ , ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු පවසන අදහස සැකෙවින් සිංහලෙන් මෙසේ ය.
යුරෝපා රටවලදී ජාතිය අනුව යම් වරදකදී දඬුවම් නොකරන අතර කවුරුන් හෝ වේවා වරදක් සිදුකරන්නේ නම්, දඬුවම් ලබාදෙනවා. එනමුත් ශ්‍රී ලංකාවේ සිංහල පුද්ගලයෙක් වරදක් කර පොලිසියෙන් නැවැත්වූ විට ඔහුට දඬුවම් නොකර යම් මුදලක් ගෙන මුදා හරින බවත්, මුස්ලිම් අයෙක් නම් දඬුවම් කරන බවත් ,මෙම ක්‍රමය වෙනස් කළ යුතු බවත් ඔහු මෙම කතාවේදී පවසනවා.
ඒ අනුව මෙවැනි මෙරට ජාතීන් සම්බන්ධව කතාවක් වතිකානුවේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වතිකානුව බලා පිටත් වූ බවට පුවත් මෙරට මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඔහු අවසන් ගෞරව දැක්වීමේ ඡායාරූප ද මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.
එනමුත් වතිකානුවේදී මාධ්‍ය වෙත විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් දැක්වූ බවට කිසිඳු වීඩියෝවක් හෝ ඡායාරූප මෙරට කිසිඳු මාධ්‍යයක් වාර්තා කර තිබුණේ නෑ.
එවැනි පසුබිමක වතිකානුවේදී විජිත හේරත් අමාත්‍යවරයා සිදුකළ කතාවක් බවට හඟවමින් පළකර ඇති වීඩියෝව කුමක් ද යන්න සමබ්න්ධයෙන් අප පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව, එහි රූප රාමු Reverse Image සෙවුමකට යොමු කරමින්, එම වීඩියෝවේ මුල් දර්ශන පෙළ පිළිබඳව සිදුකළ පරික්ෂාවේ දී පැහැදිලිවම දැකගන්නට ලැබෙන්නේ, මෙය අමාත්‍යවරයා වතිකානුවේදී සිදුකළ කතාවක් නොව, මීට වසර ගණනාවකට පෙර කතාවක් බවයි.
ThamilViews නම් යූ ටියුබ් නාලිකාවක අදාළ වීඩියෝව ඇතුළත් දර්ශන දැක ගණනට ලැබෙන අතර එය පළකර තිබුනේ 2017 ජනවාරි 27 වනදා යි. එම කතාව කොටස් වශයෙන් පළකර තිබූ අතර එහි දෙවන කොටස, තෙවන කොටස මෙසේ ය. සමාජ මාධ්‍යයේ වතිකානුවේදී කළ කතාවක් බවට දක්වා ඇත්තේ ඉහත යූ ටියුබ් නාලිකාවේ 7 වන කොටස ඔස්සේ පළ කළ වීඩියෝවෙන් උපුටාගත් කොටසකි. එම අවස්ථාව පහතින්.
තවදුරටත් අප කළ සොයා බැලීම්වලදී මෙම අවස්ථාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ එවක පළ කළ වාර්තා කිරීම් ඔස්සේ සොයාගත හැකි විය. එම පළ කිරීම් මෙතනින් , මෙතනින් සහ මෙතනින්.
එවක විජිත අමාත්‍යවරයා සම්බන්ධව වූ මෙම අවස්ථාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අන්තර්ගත ලිපියක් හමු වූ අතර එම ලිපිය මෙතනින්.(Archive)
ඒ අනුව මෙම වීඩියෝව වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී පදනමේ වැඩමුළුවක ආරාධනාවක් මත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන අවධියේ විජිත හේරත් මහතා ලන්ඩනයට ගොස් තිබු අවස්ථාවක දී, 2017 ජනවාරි 27 වන දින ලන්ඩනයේ ඊස්ට් හැම් හි ට්‍රිනිටි ප්‍රජා ශාලාවේදී දෙමළ සහ මුස්ලිම් ඩයස්පෝරාව හමුවි සිදුකළ කතාවක කොටසක් ලෙස හඳුනාගත හැකි විය.
දෙමළ සහ සිංහල පුරවැසියන් යන දෙපිරිසටම සමාන ආර්ථික අයිතිවාසිකම් තිබිය යුතු බව මෙහිදී එවක විජිත හේරත් මහතා අවධාරණය කරනු ලබනවා.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්ගේ මාධ්‍ය ලේකම්
අමාත්‍ය විජිත හේරත්ගේ මාධ්‍ය ලේකම්ගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව අමාත්‍යවරයා මීට වසර ගණනාවකට පෙර සිදුකළ කතාවක් බවයි. මෙය මෙවර වතිකානුවේදී සිදුකරන ලද කතාවක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අතරතුර මාධ්‍ය වෙත කිසිඳු අදහසක් ප්‍රකාශ කිරීමක් සිදුකර නොමැති බවත් මාධ්‍ය ලේකම්වරයා අප වෙත සඳහන් කළා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ප්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා වතිකානුව බලා පිටත් වී ඇති අතර එහිදි අමාත්‍යවරයා සිදුකළ කතාවක් බවට හැඟවෙන ලෙස පළකර ඇති වීඩියෝව එහිදී සිදුකළ එකක් නොවන අතර එය විජිත හේරත් මහතා 2017 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන අවධියේ, එංගලන්තයේ සංචාරයක් අතරතුර දී මුස්ලිම් ඩයස්පෝරාව හමුවි සිදුකළ කතාවක කොටසකි.

Title:විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වතිකානුවේදී සිදුකළ කතාවක් ද?
Fact Check By: Piumika LakshaniResult: Misleading
