ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරඟ වදින්නේ ලොව රටවල් අතළොස්සක් පමණයි ද ?

Cricket Misleading Sports

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය, 2026 පෙබරවාරි 07 සිට ආරම්භ වී මාර්තු 8 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයෙන් අවසන් වීමට නියමිතයි. T20 ක්‍රිකට් ලෝක කුසලානය ගැන දැඩි උනන්දුවක් පවතින මේ සමයේ, ලෝව ඉතා සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් මෙම ලෝක කුසලානයට සහභාගී වන බව දක්වමින් හුවමාරු වූ නොමග යවන සුළු සටහනක් ගැන අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“ලෝකෙන්ම ඔච්චර නෙ ක්‍රිකට් ගහන්නෙ” යනුවෙන් සඳහන් කරමින් ලෝක සිතියමක ලෝක කුසලානයට තරග වදින කණ්ඩායමක් ලෙස දක්වමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ “මේකට ලෝක කුසලානෙ කියන එක හරිද මන්දා” යන පාඨය ද සමගින්.

Facebook | Archived Link

මෙම සටහන්හි දැක්වෙන ලෝක සිතියමේ, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගලදේශය ඇතුලු රටවල් කිහිපයක් පමණක් ඉස්මතු කර දක්වා, මෙම ලෝක කුසලානයට තරග වදින්නේ මෙම රටවල් කිහිපය පමණක් බව හඟවමින්, ඒ හේතුවෙන් ලෝක කුසලානය යනුවෙන් හැඳින්වීම ගැටලු සහගත බවයි ප්‍රශ්න කර තිබෙන්නේ. 

මේ සටහන් YouTube ඔස්සේ ද පළවී තිබුනේ මෙලෙසින්.

Youtube

මෙරට පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය වේදිකාවන්හි අදාල අන්තර්ගතය උපහාසාත්මක කෝණයෙන් බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

ඒ අනුව අප විසින් මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

2026 T20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ තිබෙන රටවල් ගණන 20ක්

ඒ අනුව ඉහත ඡායාරූප සටහනේ දැක්වෙන රවටලට අමතරව තවත් රටවල් කිහිපයක්ම මෙසේ ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා විවිධ සුදුසකම් ලැබීමේ කාණ්ඩ යටතේ තේරී පත් වී තිබෙනවා. 

ඒ අනුව, ඉහත ඡායාරූප සටහන්හි දැක්වෙන රටවලට අමතරව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, අයර්ලන්තය, ඉතාලිය, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ රටවල් ද ලෝක කුසලානයට තේරී පත්වුණා. ICC Cricket

මෙයින් බංග්ලාදේශය වෙනුවට, ස්කොට්ලන්තය අවසන් රටවල් 20 අතරට එක්වුණු අතර ඔවුන් A, B, C, D යනුවෙන් මුලික කාණ්ඩය 4ක් යටතේ තරග වැදුණු අතර එයින් රටවල් 8ක් දැනට සුපිරි 8 වටයට තේරී පත්වී තිබෙනවා. 

ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ කිරීම සඳහා තේරී පත්වීමට තරඟ කරන ලොව පුරා සියලු රටවල් මෙලෙසින් දැක්විය හැකියි.

wikipedia

T20 ලෝක කුසලානයට කණ්ඩායම තේරී පත්වන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය International Cricket Council (ICC)හි සාමාජික  සියලුම රටවල් සෘජුව අවසන් වටයට ඇතුළත් නොවන අතර, ස්ථර කිහිපයකින් යුතු නිල සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලියක් එහිදී ක්‍රියාත්මක වනවා. 

*ඉහත සිතියමේ නිල් පැහැයෙන් දැක්වෙන්නේ 2026 T20 ක්‍රිකට් අවසන් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ඇති රටවල් 12යි. එම රටවල් තෝරාගන්නේ මෙලෙසයි. සත්කාරක රටවල් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබනවා. 2024 T20 තරඟාවලියේ ඉදිරියෙන්ම සිටි, සුපිරි 8 වටයට තේරුණු කණ්ඩායම් (ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදය) ද සුදුසුකම් ලබනවා. ඉතිරි කණ්ඩායම් 3, T20I ශ්‍රේණිගත කිරීම් හරහා ඉහළින් සිටි කණ්ඩායම් ලෙස තොර ගැනෙනවා (පකිස්ථානය, නවසීලන්තය සහ අයර්ලන්තය). 

*කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟ හරහා සුදුසුකම් ලබා තිබු රටවල් 8 කොළ පැහැයෙන් දැක්වෙනවා. 

අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ ස්ථාන – කණ්ඩායම් 2: සිම්බාබ්වේ සහ නැමීබියාව

ඇමරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ ස්ථාන -කණ්ඩායම් 1: කැනඩාව

ආසියා/නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලැබීමේ ස්ථාන -කණ්ඩායම් 3: නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

යුරෝපිය කලාපීය සුදුසුකම් ලැබීමේ ස්ථාන -කණ්ඩායම් 2: ඉතාලිය , නෙදර්ලන්තය

*එසේම කහ පැහැයෙන් දැක්වෙන්නේ කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගී වූ නමුත් සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ රටවල්. 

*කළු පැහැයෙන් දැක්වෙන්නේ ඉල්ලා අස්වූ / අත්හිටවූ රටවල් වන අතර මෙවර තරගාවලියෙන් බංගලාදේශ කණ්ඩායම එසේ තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළා. ඔවුන් වෙනුවනට, ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළින්ම සිටි, එහෙත් කලාපිය තේරීම් තරගාවලි ඔස්සේ ද අවසන් තරගාවලියට තේරී පත් නොවූ කණ්ඩායමක් වන ස්කොට්ලන්තය මෙවරට අවසන් තරගාවලියට සහභාගී වුණා.

මේ ගැන සම්පුර්ණ විස්තර මෙතනින්.

රටවල් 100කටත් වඩා ICC (ජාත්‍යන්තරය ක්‍රිකට් කවුන්සිලයේ) සාමාජිකත්වය දරනවා

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය වන International Cricket Council (ICC) අනුව, 2026 වන විට එහි පුර්ණ සාමාජිකත්වය (Full Members) ලබා ගත් සාමාජික රටවල් 12ක් සහ පූර්ණ සාමාජිකයෙකු ලෙස සුදුසුකම් නොලබන නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ස්ථිරව ස්ථාපිත හා සංවිධානාත්මකව පවතින රටවල්, Associate Members 96 ක් ඇතුළුව සම්පූර්ණ රටවල් 108 ක් මේ වන විට ICC සමඟ සම්බන්ධ වී තිබෙන බව දක්වා තිබෙනවා. 

ICC නිල වෙබ් පිටුව තුළ අප්‍රිකානු කලාපය තුල ක්‍රිකට් ක්‍රීඩා කරන සාමාජික රටවල් 22ක් මේ වන විට සිටින බව දක්වා ඇති අතර ඇමරිකානු කලාපය තුළ සාමාජික රටවල් 17ක් සිටින බවත්, ආසියානු කලාපය තුළ ICC සාමාජික රටවල් 24ක් සිටින බවත් නැගෙනහිර ආසියා පැසිෆික් කලාපය තුළ සාමාජිකයන් 11 දෙනෙකු සිටින බවත් කලාපයක් ලෙස වැඩිම සාමාජික සංඛ්‍යාවක් සිටින යුරෝපය තුල සාමාජික රටවල් 34ක් සිටින බවත් සඳහන් වනවා. ඒ මෙලෙසින්.

එසේම ලොව ප්‍රචලිත තරග දෙකක් වන පාපන්දු සහ රග්බි සඳහා සාමාජික රටවල් සහ ලෝක කුසලාන සඳහා තරග වදින රටවල් සංඛ්‍යාව, ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සිදුකළ සංසදනයක් පහතින්.

ක්‍රීඩාලෝක කුසලාන කණ්ඩායම් (වත්මන්/ඊළඟ)ලෝක කුසලාන චක්‍ර උදාහරණයගෝලීය පාලන ආයතනයමුළු සාමාජික රටවල්/ආයතනපාලනය සඳහා භාවිතා කරන ප්‍රධාන කලාප
පාපන්දු (සංගමය)අවසන් තරඟාවලියට කණ්ඩායම් 48ක් (2026 සිට)2026 FIFA ලෝක කුසලානයFIFAසාමාජික සංගම් 211ක්සම්මේලන 6: AFC (ආසියාව), CAF (අප්‍රිකාව), CONCACAF (උතුරු/කළු ඇමරිකාව සහ කැරිබියන්), CONMEBOL (දකුණු ඇමරිකාව), OFC (ඕෂනියා), UEFA (යුරෝපය)
රග්බි සංගමයකණ්ඩායම් 20 (2027 සඳහා 24 දක්වා පුළුල් වේ)රග්බි ලෝක කුසලානය 2023 → 2027World Rugbyසාමාජික සංගම් 134 (පූර්ණ 118, සහකාර 16)කලාපීය සංගම් 6: ආසියා රග්බි, රග්බි අප්‍රිකාව, රග්බි යුරෝපය, ඕෂනියා රග්බි, රග්බි ඇමරිකාස් උතුර, දකුණු ඇමරිකාව
ක්‍රිකට්ICC පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් 20 (2024, 2026 චක්‍රය)ICC පිරිමි T20 ලෝක කුසලානය 2024/2026ICC (cricket)සාමාජිකයින් 110 (පූර්ණ සාමාජිකයින් 12, සහකාර සාමාජිකයින් 98)කලාපීය ආයතන 5: ආසියාව (ACC), අප්‍රිකාව, ඇමරිකාව, නැගෙනහිර ආසියා පැසිෆික් (EAP), යුරෝපය

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් කිහිපයක් පමණක් සිටින බවත්, ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානයට ‘ලෝක කුසලානය’ යනුවෙන් පැවසීම පිළිබඳව ප්‍රශ්ණ කරමින් පල කර ඇති සමාජ මාධ්‍ය සටහන නොමග යවන සුළු බවයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට අනුව 2026 වසර වන විට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාවරව පවතින රටවල් සියයකට වැඩි ප්‍රමාණයක් ඇති අතර එම රටවල් ICC සමග සම්බන්ධව විවිධාකාරයේ කලාපිය තරගාවලි සඳහා වසර පුරා සහභාගී වෙනවා. කෙසේ නමුත් වෙනත් පාපන්දු හෝ රග්බි වැනි ලෝක කුසලාන වල මෙන්ම, ක්‍රිකට් ලෝක කුසලානය සඳහා මෙම සියලුම රටවල් අවසන් වටයට තේරී පත් නොවන අතර, සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලියක් ඔස්සේ සුදුසකම් ලබන කණ්ඩායම් පමණක් අවසන් තරගාවලියට සහභාගී වෙනවා.

Avatar

Title:ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරඟ වදින්නේ ලොව රටවල් අතළොස්සක් පමණයි ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *