Archives

FACT CHECK: කසිප්පු නිෂ්පාදකයන් ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරන බවක් ප්‍රසන්න රණවීර පැවසුවා ද?

පුවත්පත් ලිපි සංස්කරණය කරමින් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම පළවනු අපට දැකගන්නට ලැබෙනවා. ඒවා අතර සූක්ෂම සංස්කරණ තිබෙන අතර ඇතැම් අවස්ථාවල පැහැදිලිවම සංස්කරණය කරන ලද සටහන් බවද පෙනී යනවා. පසුගිය කාලයේදී එසේ සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශන මෙතනින්. මේ ආකාරයටම පසුගිය දා දිවයින පුවත්පතට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසු බවට […]

Continue Reading

FACT CHECK: අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉදිරියේ දණ නමා සමාව ගත්තද?

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප කාටත් මතකයෙන් නොමියන සිදුවීමක් වනවා.  පසුගිය වසරේ මැයි 25 දින අමෙරිකාවේ මිනියපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකු හමුවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට අත්වූ අවාසනාවන්ත ඉරණමත් සමඟම වර්ණ භේද වාදය පිළිබඳව ලොවට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී තිබුණා.  ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී නිම වී තිබෙන මොහොතක නැවතත් ඔහුගේ […]

Continue Reading

ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?

කාලීන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශාපාලන චරිත අලලා විව්ධාකරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා. බොහෝවිට මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළවෙන අතර අප සිදුකල එවැනි කරුණු විමර්ෂණයක් මෙතනින්. මේ ආකාරයෙන්ම උපහාසාත්මක කෝණයකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා පළවූ සටහනකින් දක්වා තිබුනේ එතුමාගේ අවුරුදු කෑම මේසයට මුං කැවුම් තියන්න එපා යනුවෙන් ආරක්ෂක […]

Continue Reading

FACT CHECK: ලාල්කාන්තගෙන් ජනාධිපතිට ඉල්ලීමක්?

මෙරටේදී හෝ ජාත්‍යන්තරව සිදුවන ඕනෑම විශේෂ සිදුවීමක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එමෙන්ම එවැනි සිදුවීම් වලට ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය කෙරෙන උපහාසාත්මක සටහන්ද අපට නිතර ඇස ගැටෙනු ලබනවා. මෙවනි සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තිළිණ ජූඩ් නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් […]

Continue Reading

FACT CHECK: හසළක ගාමිණී යනු අරන්තලාවේ භික්ෂූ ඝාතනයේ දී දිවි බේරාගත් හිමිනමක්ද?

1991 ජූලි මස අලිමංකඩ හමුදා කඳුවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම හමුදා සගයින් බේරා ගැනීම සඳහා දිවි පිදු ‘හසළක ගාමිණී’ රණවිරුවාට ලක් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. එම වීර ක්‍රියාවට වසර 30ක් පිරීමට මාස කිහිපයක් ඇති අවධියක, මෙම වීරෝධාර රණවිරුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වනු දැකගන්නට ලැබුණා මේ අතර බොහෝ දෙනෙක් අතර වසර ගණනාවක් […]

Continue Reading

FACT CHECK: විෂ පොල්තෙල් ටිකක් කෑවට මැරෙන්නේ නෑ යනුවෙන් විමල් වීරවංශ පැවසුවාද?

පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ කතිකතාවක් ගොඩ නැගුණා. වත්මන් රජයට මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේද උපහාසාත්මක ලෙස නොයෙකුත් දේශපාලඥයන් අලලා අසත්‍ය සටහන් ද සංසරණය වුනා. පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධ කර ෆේස්බුක් ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුනේ “විෂ පොල්තෙල් ටිකක් […]

Continue Reading

FACT CHECK: නාමල් රාජපක්ෂගේ බලපෑමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් සේවයෙන් ඉවත් කළාද?

කෝවිඩ් වසංගතය චීනයේ, වුහාන් නගරය හරහා ව්‍යාප්ත වීම ආරම්භක අවධියේ ම එරට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යානය මෙහෙයවූ ප්‍රධාන ගුවන් යානා නියමුවා ඇතුළු පිරිසක් ගුවන් සේවයෙන් ඉවත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. එසේ ඉවත් කිරීමට හේතුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නීති විරෝධි […]

Continue Reading

FACT CHECK: ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?

වෙනත් භාෂාවකින් සඳහන් වන දෙයක් තමන්ගේ මව් භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇතැම්විට නොමඟ යවන සුළු අර්ථකතන ලබා දී තිබෙනු අපට දැකගනන්ට පුළුවන්. එවන් පරිවර්ථනයන් නිසා ගැටුම් කාරි වාතාවරණ වලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා ද සමාජයේ විටින් විට දැකගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය භාවිතයත් සමග එසැනින් තොරතුරු ව්‍යාප්ත වීම් හේතුකොට ගෙන විශේෂයෙන් බහු ආගමික ජනයා වෙසෙන ලංකාව වැනි රටක […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: භාග්‍යා, ජාතික ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගත්තා ද ?

පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ භාග්‍යා අබේරත්න දැරියගේ සමාජ ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඇය එම පක්ෂයට සම්බන්ධ බවත් දක්වමින් නොයෙකුත් ආකාරයේ සටහන් පසුගිය කාලයේ හුවමාරු වුනා. මේ අප එවැනි සටහන් පිලිබඳ සිදුකල කරුණු විමර්ශනයක්. “භාග්‍යා මාලිමාවට එක්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහන් වෙබ් අඩවියක පළවූ ලිපියක් ද සමඟින් සටහන් පෙළක් ම හුවමාරු […]

Continue Reading

Fact Check: මෙම ඡායාරූපයේ නිශ්ශංක සේනාධිපති සමඟ සිටින්නේ උවිඳු විජේවීරද?

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධනේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ, ඔහු නව කඳවුරක් හරහා දේශපාලනය අවතීරණ වීම පිළිබඳව ඇතිවී තිබෙන කතාබහත් සමඟයි. මීට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ විවේචනාත්මක සහ උපහාසාත්මක සටහන් උවිඳු විජේවීර ඉලක්ක කරගනිමින් නිර්මාණය වී තිබුණි. මේ අතර ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග […]

Continue Reading

FACT CHECK: රූ රැජිණගේ කිරුළ ගැලවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති පැවසුවා ද?

පසුගියදා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලියේ කිරුළ දිනාගැනීමට නිරූපණ ශිල්පි නිරූපිකා පුෂ්පිකා ද සිල්වාට හැකි වුණා. නමුත් ඇයට ඒ කිරුළ හිස දරාගෙන සිටීමට හැකිවූයේ සුළු කාලයක් පමණයි. ඒ, ඇයට කිරුළ පැළඳවූ,  2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලින් ජුරී විසින්, පුෂ්පිකා ද සිල්වා දික්කසාද කාන්තාවක් බවට පවසමින් ඇයගේ හිසමත පැළදි […]

Continue Reading

අරාබිකරයේ බොදු උරුමයක ඡායරූප පෙළක් ද? (PHOTOS)

ඉතිහාසය පිළිබඳව විශ්මයජනක පුවත් දැනගැනීමට බොහෝ පිරිස් උත්සුක වෙනවා. එවන් කරුණු පිළිබඳව සමාජ මාධජ ඔස්සේ සටහන් කිරීම මගින් දැනුම බෙදා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ අනුව ඇතැම් සටහන් ඉතා කෙටි කාලයක දී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.  කෙසේ නමුත් ආගම, ඉතිහාසය වැනි කරුණු මිනිසුන් සංවේදී කරන කරුණු පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත […]

Continue Reading

Explainer: ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?

Update : 07/06/22 වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සෑම පුද්ගලයෙක්ට හිමි  බවත්, නිරායුධ පුද්ගලයෙක්ට, එම පුද්ගලයාගෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් නොමැති අවස්ථාවකදී, රජයේ නිලධාරියෙකු විසින් එල්ල කරන මරණය දක්වා ළඟා විය හැකි පහර දීමක දී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එම අගතියට පත් පාර්ශවයට හිමි වන බව තල්දූව මහතා සඳහන් කරනවා. […]

Continue Reading

FACT CHECK: රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරගන්නවා යනුවෙන් සජිත් කිව්වා ද?

පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු පිලිබඳ වාර්තා රැසක් පසුගිය මැදින් පුන් පොහෝ දින ආශ්‍රිතව “කූරගල පුදබිම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි” යනාදී තේමා වලින් දැක ගන්නට ලැබුනා. මෙම භුමිය අන්තවාදී පිරිස් වල ග්‍රහණයට ලක්වීම පිළිබඳව වාර්තා රැසක් අපට පසුගිය වසර වල දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක, […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.  මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]

Continue Reading

Fact Check: හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ?

හදිසි මරණ පරීක්ෂකවරු පත් කිරීම සඳහා අයදුම් පත් කැඳවීමට අධිකරණ අමාත්‍යංශය විසින් පළකර තිබු නිවේදනයක කරුණක් මුල්කරගනිමින් සමඟම පසුගිය දින කිහිපයේදී ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල කතාබහක් කතිකාවතක් ඇතිවී තිබුණා. ඒ, හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුරක් සම්බන්ධයෙන්. මෙය නව තනතුරක් බවත් මේ සඳහා මුල් වී තිබෙන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා බවටත් […]

Continue Reading

Fact Check: ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

මේ දිනවල රට පුරා පරිසරයට හානිදායී වන අන්දමින් කටයුතු සිදුවන බවට කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මේ පිලිබඳව මහජනතාව සහ ඇතැම් පරිසර සංවිධාන විමසිලිමත්ව කටයුතු කරන බවත් පෙනී යනවා.ඒ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද පරිසරය සු‍රැකීමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අයුර මාධ්‍ය වල ද අපට දැකගන්නට ලැබුනා. මේ සම්බන්දව තරමක් වෙනස් පුවතක් ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි තීරුවේ පල […]

Continue Reading

Fact Check: උවිඳු විජේවීර සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් පැවසු බවට හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් පසුගිය දින කීපයේ දී වැඩියෙන් නිර්මාණය වී තිබුණා. ඒ, ඔහු  71 විප්ලවයට සම්බන්ධ වූ දෙවැනි පරපුර සම්බන්ධ කරගනිමින් නව කඳවුරක් නිර්මාණය කිරීමට සරසීමත් සමඟයි. මෙසේ නව සංවිධානයක් හරහා උවිඳු විජේවීර ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය වුවහොත් එමඟින් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන තර්ජනය පිළිබඳව බොහෝ […]

Continue Reading

FACT CHECK: අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ සටහන් පෙළක්!

Update : පසුගිය අප්‍රේල් 01 වන දා ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වුණා. දිවි සැරිය නිමා කළ අමරසිරි කලංසූරිය රංගවේදියා මියයන විට ඔහුගේ වයස අවුරුදු 82 පසු කරමින් සිටියා. ඔහුගේ අවසන් කටයුතු අද (03) 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් […]

Continue Reading