
ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබු අතර ඒ පිලිබඳව අප විසින් පසුගියදා සිදුකරන ලද කරුණු විමර්ශනයක් මෙසේය.
“කතෝලික අපේ සහයෝගය හංසයා දිනවන්නට කටයුතු කරමු උන්වහන්සේලා නොකියා කියන දේ පමණක් අවබෝධ කරගන්න” යනුවෙන් මංජුල ශාන්ත නිශ්ශංක නමැත්තෙකු තම ෆේස්බුක් පිටුවේ යෙදූ සටහනක් ෆේස්බුක් ගිණුම් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර හුවමාරු වෙනු දක්නට ලැබුණි.

ඊයේ පළවී තිබු තවත් එක සටහනක වීඩියෝ පටයක් සහිත සටහනකින් දක්වා තිබුනේ “අපරාධ නඩු නැති, මිනිසුන්ගේ ඡිවිත විනාශ නොකරන, සොරකම් නොකරන, එකාධිපති පවුල් පාලනයක් සඳහා යොමු නොවන… සෑම ජාතියකටම ගරැ කරන, පක්ෂ පාට ආගම් කුල භේදයකින් තොර වු දෑත් පිරිසිදු සාමාන්‍ය ජනයාගේ දුක හඳුනන, ජනහිතකාමි තරැණ නායකත්වයක් තුලින් රටේ ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධිත දේශයක් කරා ගෙන යා හැකි අපේක්ෂකයෙකු සඳහා මෙවර ඡන්දය ප්‍රකාශ කරන ලෙසට කිතිනු, බෞද්ධ, හින්දු, මුස්ලිම් ප්‍රජාවගෙන් ගරැ ශීරාල් පියතුමා ඉල්ලිමක් කරති….එසේනම් එම දෑත් සුපිරිසිදු ජනහිතකාමි නායකයා සජිත් ප්‍රේමදාස මහතා නොවේද? සිතන්න… බුද්ධිමත්ම මෙවර ඔබේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරිම සඳහා ලබා දෙන්නට ආරාධනා !!! යනුවෙනි.

මීට පෙරද මෙලෙසම දක්නට ලැබුණු සියළුම සටහන් සාවද්‍ය බව කාදිනල්තුමගේ මාධ්‍ය ප්‍රකාශකතුමා පවසා තිබූ නිසාත් මෙම සටහන පිළිබඳ සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මුලින්ම කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක අංශයේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. “තවත් අසත්‍ය ප්‍රවෘත්තියක්”යන මැයින් රදගුරු සමුළුවේ චායාරූපයක් උපුටා දක්වමින් “එදා කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී සිටි අපේ එඬේරාණෝ” යන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පවසන සටහන එහිදී අපට හමුවිය.

ලංකාවේ කතෝලික සභාව ජනාධිපතිවරණයෙදි කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බවත්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේද ස්ථාවරය මෙය බවත් එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක තුමා සිදු කරන ලද ප්‍රකාශයක් අපගේ ෆේස්බුක් ගිණුමේද මීට දින කිහිපයකට පෙර පළ කර තිබුණා.
“ව්‍යාජ පූජකවරුන්ට රැවටෙන්න එපා” යන මැයෙන් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක සහ කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය සම්බන්දීකාරක ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් විසින් නිකුත් කරන ලද තවත් ප්‍රකාශයක සඳහන්වී තිබුනේ පූජකවරුන් ලෙස පසුගිය දිනවල පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කරන ලද පුද්ගලයින් පූජකයින් නොවන අතර එවැන්නන් විසින් කරන ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසයි.
ඉහත පළකර තිබූ දෙවැනි වීඩියෝව සහිත සටහන සම්බන්ධයෙන් අදහස් දක්වනමින් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක තුමා පවසා සිටියේ එයද කතෝලික පියතුමන්ලා සම්බන්ධයෙන් කරන ලද ව්‍යාජ ප්‍රකාශයක් බවත් මෙම වීඩියෝවේ සිටින පියතුමා කිසි අයුරකින් කතෝලික සභාවට සම්බන්ධ නොවන අතර කතෝලික සභාවේ කිසිඳු පියතුමෙක් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නැති බවයි. අගරදගුරු නිල ෆේස්බුක් ගිණුමේ පහත වීඩියෝව සම්බන්ධයෙන් පළ වී තිබූ සටහනක් මෙසේ ය.
Conclusion: (අවසාන නිගමනය)
මේ අනුව අපට පෙනී යන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාවේ මතය සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර කිසිදු අපේක්ෂකයෙකු වෙත කතෝලික සභාවේ පක්ෂපාතීත්වයක් නොමැති බවයි. කිසියම් හෝ අපේක්ෂකයෙකු වෙත මෙම ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන ලෙස පැතිරෙන සියලුම සටහන් අසත්‍යය සහ සාවද්‍යයි.

Title:ජනාධිපතිවරණයේ දී කතෝලික සභාවේ මතය දක්වමින් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශ
Fact Check By: Sahan PereraResult: False
