Truth on SL nurse in Adelaide death

Fact Check : ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලාංකික හෙදිය මියගියේ කොරෝනා හේතුවෙන්ද?

Coronavirus International

ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලංකික හෙද මියගියේ කොරෝනා හේතුවෙන් නොවේ!

කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යන පසුබිමක ලොව පුරා ඇතැම් රටවල් වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ද මෙම මාරාන්තික වසංගතයට ගොදුරුවී ජීවිත අහිමි වූ පුවත් අපට මාධ්‍ය තුලින් වරින් වර අසන්නට ලැබුනා.එමෙන්ම ඇතැම් රට වල කොරෝනා රෝග පාලනය කර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරමින් වෛද්‍ය  වෘත්තියේ මෙන්ම හෙද සේවයේ නිරත පිරිස්වල සේවය අගයමින් සටහන් පෙළක් ම පසුගිය දින කිහිපයේදීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා

මෙවන් පසුබිමක් තුල දදකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි රෝහලක හෙද වෘත්තියේ නියලුන විහාරා ජයසේකර නම් කාන්තාවක් කොරෝනා රෝගය ශරීරගත වීමෙන් මරනයට පත්වී ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරනය වුනා. විශේෂයෙන්ම ඇය හෙද සේවයේ නියුතු කාන්තාවක් වීම නිසාවෙන් මෙම මරණය සම්බන්ධව විශාල ප්‍රචාරයක් ලංකාවේ සමාජ මාධ්‍ය අතර හුවමාරු වන බවක් දකින්නට ලැබුනි.

නිලන්ත පියරත්න නමින් හැඳින්වෙන අයෙකු ශෙයාර් කර තිබුනු මෙම පුවත 500කට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනා.එහි දැක්වුනේ “ඔස්ට්‍රේලියාවේ හෙදියක් ලෙස කොරෝනා වයිරසයෙන් අසරණ වූ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි ලාංකික තරුණියක් වන විහාරා ජයසේකර වයිරසය වැලඳීම නිසා මෙලොවින් සමුගනී. සොයුරිය ඔබට නිවන් සුව!” යනුවෙනි.

Original Link Archived Link

එමෙන්ම භානුක එදිරිසිංහ නමැත්තෙක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවන් සටහනක් තබා තිබුනා

“මහනුවර , මහාමායා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබ වැඩිදුර අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවේ , ෆිලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා දකුණු ඕස්ට්‍රේලියානු රෝහලක හෙදියක ලෙස සේවය කරමින් සිටිය දී මාරාන්තික කොවිඩි 19′ හෙවත් කොරෝනා රෝගය ආසාදනය වීමෙන් අප අතරින් සමුගත් අවුරුදු 26ක් වූ ඔබට සසර කිසිදා මෙවැනි අකල් මරණ සිදු නොවේවා…!!!”

Original Link    Archived Link

මෙම පුවත විවිධ වෙබ් අඩවි හරහා මෙන්ම YouTube නාලිකා හරහාද ප්‍රචාරය වී තිබුණා. ඇයගේ ඡායාරුප පෙළක් යොදාගනිමින් මෙම පුවත “Design Studio රසඳුන” නමැති YouTube චැනලය හරහා සංවේදී වීඩියෝවක් ලෙස පළකර තිබුනේ මෙලෙසිනි.

Link Archived

එම පුවත අන්තර්ජාල මෙන්ම සමාජ ජාල පළකිර තිබුනේ මෙලෙසිනි

කෙසේ වෙතත් මෙම පුවතට ප්‍රතිචාර දක්වමින් ඇගේ හිත මිතුරන් රැසක් මේ සාවද්‍ය පුවතක් තවත් මෙබඳු ප්‍රකාශ පළ කිරීමෙන් වළකින ලෙසත් ප්‍රතිචාර දක්වා තිබූ බැවින් මෙහි සත්‍ය කරුණු විමර්ශනයක් සිදු කිරීමට අප අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

විහාරා ජයසේකර තරුණියගේ අකල් මරණය පිළිබඳව  ඇඩිලේදි පිහිටි කොන්සියුලර් කාර්යාලය නමැති ගිණුමකින් ඇයට නිවන් සුව පතමින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. ඒ සමගම ඇයගේ පවුලේ අය විසින් මිතුරන් ඇතුලු සැමට ඇයගේ මරනය පිලිබඳව සහතික කර තිබෙනවා.එමෙන්ම එහි විශේශයෙන් දැක්වෙනුයේ විහාරා ජයසේකරගේ මරනය කෝවිඩ් 19 ශරීරගතවීමේන් සිදුවූ එකක් නොවන බවයි.ඇයගේ මරනය හඳුනා නොගත් ආසාදිත තත්වයක් බව මෙම පනිවිඩයේ ඔවුන් විශේශයෙන් සටහන් කර තිබෙනවා.

FB Link Archived

එම කරුණ තහවුරු කරමින් ඇගේ හිත මිතුරන් රැසක් ද ඇය මියයාමට හේතුව කොරෝනා වෛරසය නොවන බව අවධාරණය කර සිටියා. කෙසේ වෙතත් මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු ලබාගැනීම සඳහා අප ශ්‍රී ලංකාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සම්බන්ධ කරගත් අතර එහිදී ඔහු ද පවසා සිටියේ පසුගිය දින කිහිපයේදීම ඇඩිලේඩ් (Adelaide) නුවර අයත් දකුණු ඕස්ට්‍රේලියාවේ කිසිදු කොරෝනා වෛරසය ආශ්‍රිතව මරණයක් වාර්තා වී නැති අතර එහි නව රෝගීන් හඳුනා ගැනීමද ඉතා අඩු මට්ටමක පවත්නා බවයි

එබැවින් මෙම කරුණ තහවුරු කරගැනීම සඳහා දකුණු ඕස්ට්‍රේලියානු රජය මගින් පළ කර ඇති නිල නිවේදන සඳහා අවධානය යොමු කළෙමු. මෙහිදී අප මැයි මස 09 වන දින දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය සම්බන්ධ දෛනික වාර්තාව පරීක්ෂාකිරීමේදී දැකගන්නට ලැබුණේ මේ වනතෙක් වෛරසය ආසාදිත සිදුවී ඇත්තේ මරණ හතරක් පමණක් බවයි. එම නිල ට්විටර් පණිවුඩය පහතින්

South Australia Health – May 9th Tweet

කොරෝනා වෛරසය හේතුවෙන් මරණයක් සිදු වුයේ නම් නිවේදනයක් දකුණු ඕස්ට්‍රේලියානු රජය විසින් මීට පෙරද නිකුත් කර ඇති බව අපට තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ දී දැක ගන්නට හැකි වුණා. එහිදී අපට පැහැදිලි වූයේ කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මෙම හතර මරණය සිදුවී ඇත්තේ අප්‍රේල් මස 12 වැනිදා රුබි ප්‍රින්සෙස් (Ruby Princess) නෞකාවෙන් වෛරසය අසදිතව සිටි 74 හැවිරිදි පුද්ගලයකු බවයි. එම නිවේදනය මෙසේය 

South Australia Health – April 12th (4th Death in SA due to COVID19)

එමගින් තහවුරු වන්නේ පසුගිය මසකට ආසන්න කාලයක් තුල ඇඩිලේඩ් අගනගරය වූ දකුණු ඕස්ට්‍රේලියාවේ කිසිදු COVID19 ආශ්‍රිත මරණයක් සිදු වී නැති අතර දකුණ ඕස්ට්‍රේලියානු රජය විසින් දෛනික ප්‍රෝටීන් හදුනා ගැනීම් පිළිබඳ සිදුකර ඇති වාර්තාවෙන්ද පෙනී යන්නේ බොහෝ දුරට තත්ත්වය පාලනය කරගෙන නව ලෝකයෙන් හඳුනා ගැනීමද සිදු වන්නේ නැති තරම් බවයි

South Australia Dashboard Archived

කෙසේවෙතත් කෙසේ වෙතත් මෙම සැහැල්ලුවට ගත යුතු නැති බව පවසන දකුණු ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි මයික් කූසාක් පැවසුවේ වෛරස් ආසාදන සංඛ්‍යාව ඉහළ යාම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය සහ වෙනත් ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. Sunday Morning Herald

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව අප සිදුකළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ  ඇඩිලේඩ් හිදී අකල් මරණයකට ලක්වූ හෙද සේවිකා විහාරා ජයසේකර නමැති ශ්‍රී ලාංකික කාන්තාවගේ මරනය සිදුව ඇත්තේ කොරෝනා රෝගී තත්වය නිසා නොවන බවයි. ඇඩිලේඩ් නගරයේ කොරෝනා වෛරසය හේතුවෙන් අවසන් මරණය සිදුවී ඇත්තේ අප්‍රේල් මස 12 වැනිදාය

එබැවින් ලංකාවේ සමාජ මාධ්‍ය අතර හුවමාරු වන පරිදි විහාරා ජයසේකර යන අයගේ මරනය කොරෝනා හේතුවෙන් යන පුවත සම්පූර්ණයෙන් සාවද්‍ය බව නිගමනය කරමු

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:Fact Check : ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලාංකික හෙදිය මියගියේ කොරෝනා හේතුවෙන්ද?

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply