
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම, වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා.
කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය වසංගත සම්බන්ධයෙන් යොදාගැනෙන එන්නත්කරණ වැඩපිළිවෙල් සම්බන්ධයෙන් ද නොයෙකුත් පාර්ශව ප්‍රශ්න කර තිබෙන අවස්ථා ලොව පුරා වාර්තා වෙනවා. එවන් පසුබිමක එනන්ත්කරණයේ සහ එන්නත්කරණය නොකළ බව පැවසෙන කුඩා දරුවන් දෙනෙකුගේ සංසන්දනයක් දැක්වෙන ඡායාරූපයක් පිළිබදව කිහිප දෙනෙකුම සිදුකල ඉල්ලීම මත අප සිදුකල විමසුමක් මෙලෙසින්.
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පිටුවක් මගින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙම සටහනද සමඟින්.
“එන්නතක වැදගත්කම පෙන්වන ලෝක ප්‍රසිද්ධ ඡායාරූපය”
මේ රූපයේ ඉන්න ළමුන් දෙදෙනාම වසූරිය රෝගය වැළඳුණු අයයි.
දහතුන් හැවිරිදි ඔවුන් දෙදෙනාටම රෝගය වැළඳී ඇත්තේ එකම වෙලාවක එකම ස්ථානයකින්.
වම් පස සිටින ළමයා වසූරිය එන්නත ලබා ගෙන නොතිබුණු අතර, දකුණු පස සිටින ළමයා කුඩා කාලයේදීම වසූරිය එන්නත ලබාගෙන තිබුණා.
මේ ඡායාරූපය ගන්නා වෙලාව වන විට වම් පස සිටින ළමයා රෝගයේ උපරිම අවස්ථාවට පත් වී සිටියත්, දකුණු පස සිටින ළමයාට තිබුණේ සුළු වසූරිය තත්වයක්.
මෙම රූපය ඇතුළත් වෙන්නේ 1901 දී ප්‍රකාශයට පත් කළ Atlas of Clinical Medicine, Surgery, and Pathology නම් වෛද්‍ය ජර්නලයේයි.
ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ වසූරිය පිළිබඳ ප්‍රමාණික විද්වතෙක් වන වෛද්‍ය Allan Warner විසින්. ඒ Leicester හි පිහිටි වසූරිය වැළඳුණු රෝගීන් වෙනුවෙන් සකස් කළ විශේෂ නිරෝධායන මධ්‍යස්තානයකදීයි.
එන්නත්කරණයෙහි ඇති වැදගත්කම පෙන්වන්න ඒ කාලයේ භාවිතා කරපු ප්‍රධානතම ඡායාරූපයක් වන්නේ මෙම ඡායාරූපයයි.

එම ඡායාරූපය ෆේස්බුක් අවකාශය තුල පැතිර තිබුණු ආකාරයයි මේ.

මෙය සත්‍ය සිදුවීමක් ද යනුවෙන් කිහිප දෙනෙකුම අපගෙන් සිදුකළ ඉල්ලීම් නිසා සහ මෙහි ඇති කාලීන වැදගත්කමත් හේතුකොටගෙන මේ පිළිබදව සොයා බැලීමට අප තීරණය කළා.
Also Read:
FACT CHECK: කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?
Do Not Fall for This Hoax of People Turning into Zombies Due to COVID-19 vaccine!
FACT CHECK: Misleading claims on Sinopharm Vaccine having 73 side effects!
කරුණු විමසා බැලීම :
අප ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූපය පදනම් කරගෙන Google Reverse Image Search එකක් සිදු කළා.
එහිදී මෙම ඡායාරූපය අන්තර්ජාලය තුල බොහෝ තැන්වල ව්‍යාප්තව පවතින බව නිරීක්ෂණය කිරීමට අපට හැකිවුණා. කෙසේ වෙතත් වඩාත් පැහැදිලිව මෙම ඡායාරූපය පිළිබදව සටහන්ව තිබූ ට්විටර් ගිනුමක් නිරීක්ෂණය කිරීමට අපට හැකිවුණා. ඒ, වසර 1796 දී වසූරිය රෝගයට එරෙහිව, පාලන තත්වයක් යටතේ, ලොව ප්‍රථම වරට සිදුකළ එන්නත්කරණය ලෙස සැලකෙන එන්නත්කරණයට මුල්වූ, එඩ්වඩ් ජෙනර් මහතා, ජීවත්ව සිටි නිවස සංරක්ෂණය කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානයකට සම්බන්ධ ට්විටර් ගිණුමකයි.

Twitter | Archived Twitter | Archived
අප මේ පිළිබදව තවදුරටත් කරුණු විමසා බැලීමේදී මෙම ඡායාරූපය මුලින්ම එක්කර තිබුණු ජර්නලය සම්බන්ධයෙන් කරුණු දැනගන්නට ලැබුණා. සමාජ ජාලා සටහනේ දැක්වෙන පරිදිම මෙම ඡායාරූපය මුලින්ම එක්කර තිබුණේ New Sydenham Society Atlas of Medicine,Surgery and Pathology නම් ජර්නලයකයි.ඒ 1901 වසරේදීයි.එහි එම ඡායාරූපය ඇත්තේ මේ ආකාරයෙනුයි. එහි මෙම ඡායාරූපය සමග පළකර ඇති විස්තරයෙහි මෙම දරුවන් දෙදෙනා 13 වියැති බවත් ,ඔවුන්ගෙන් එක් අයකු ළදරු සමයේදී එන්නත්කරණයට ලක්කර තිබු බවත් ,අනෙත් දරුවා එන්නත්කරණයට ලක්කර තිබුනේ නැති බවත් සදහන් වෙනවා. එමෙන්ම මෙම දෙදෙනාටම වසූරිය ආසාදනය වී ඇත්තේ එකම කාල සීමාවක් තුල ,එකම ආරම්භක ප්‍රභේදයකින් බවත් එන්නත්කරණයට ලක්වූ දරුවා සංකූලතා අඩුවෙන් දක්වද්දී ,එන්නත්කරණයට ලක් නොවූ දරුවා බරපතල සංකූලතා දක්වන බවත් එහි සදහන්.කෙසේ වෙතත් මෙම ඡායාරූපය කොතැනකදී ලබාගත් ඡායාරූපයක්දැයි එහි සදහන් වන්නේ නැහැ.
මේ පිළිබඳව තවත් සටහනක් පහතින්.

historyofvaccines.org | Archived
ජෙනර් පදනමේ ආචාර්ය Gareth Williams විසින් එන්නත්කරණය සහ එන්නත්කරණයට විරුද්ධ පිරිස් සම්බන්ධයෙන් කල දේශනයකදී ඉහත ඡායාරූපයේ දැක්වෙන දරුවෙකුගේ සේයාරුවක් භාවිතා කරන ආකාරයකුයි මේ. මීට වසර 10කට පෙර පළකර තිබු එම වීඩියෝව මෙතනින්.
The NewZealand Herald පුවත්පතේවෙබ් අඩවිය සදහන් කරන්නේද වසූරිය සෑදුණු මෙම කුඩා දරුවන් දෙදෙනාගේ ඡායාරූපය වෛද්‍ය Allan Warner විසින් ලබාගෙන 1901 වසරේදී ජර්නලයක මුල් වරට පලකර ඇති බවකුයි.එම වාර්තාව වෙත පිවිසීම මෙතනින්. Archived
වෙනත් තොරතුරු විමර්ශණ කණ්ඩායම් ද මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය සිදු කර තිබුණා. ඉංග්‍රීසි බසින් පළවූ එවැනි එක් වාර්තාවක් වෙත පිවිසීම මෙතනින්.Archived
වසූරිය (Smallpox) රෝගය සහ මෙලොවින් තුරන් කිරීම පිලිබඳ විස්තරයක්:
වසූරිය (Smallpox) යනු කුමන ආකාරයේ රෝගයක්දැයි අප මුලින්මසොයා බැලුවා. වසූරිය යනු වෛරසයක් මගින් පැතිරෙන රෝගයකුයි. Variola නම් වෛරසය මගින් මෙය ව්‍යාප්ත වෙනවා. ආසාදිත පුද්ගලයන්ගේ තුවාල වලින් පිටවන තරල මගින්, ආසාදිතයන් සමග මුහුණට මුහුණ කටයුතු කිරීමේදී ඔවුන්ගේ මුවින් පිටවන කෙල බිදිති ,කිවිසුම් යාමේදී ,කැස්ස යනාදිය සමග මෙම වෛරස අංශු නිරෝගී පුද්ගලයන්ට ඇතුලුවී ඔවුන් ආසාදිතයන් බවට පත්වී රෝගය පැතිර යා හැකියි. වසූරිය සෑදුණු රෝගීන් අධික සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන්ට මෙන්ම සමේ තුවාල ඇතිවීමේ තත්ත්වයන්ටත් මුහුණ පානවා .
කෙසේ වෙතත් මේ වන විට එන්නත්කරණය ඇතුලු රෝග වැළැක්වීමේ හා නිවාරණය කිරීමේ ක්‍රම අනුගමනය කිරීම මගින් වසූරිය සම්පූර්ණයෙන්ම ලොවෙන් තුරන් කිරීමට හැකිව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වසූරිය සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කල බවට වන නිවේදනය නිකුත්කලේ 1980 වසරේදීයි .මේ ඇතුළු වැඩිදුර විස්තර දැනගැනීමට ඇමරිකානු රෝග වැලැක්වීම හා නිවාරණය පිළිබද ආයතනයේ (CDC) වෙබ් අඩවියට පිවිසීම මෙතනින්. Archived.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Also Read :
FACT CHECK: කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?
Should Women Not Take Covid-19 Vaccine 5 Days Before and After their Periods? Here’s the truth

Title:එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!
By: Kalana KrishanthaResult: Explainer

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,