Archives

FACT CHECK: අනුර කුමාරට ඡන්දය ලබා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක්?

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ වන විටත් ඇතැම් ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සහ එහි ප්‍රධානීන් අළලා විවිධාකාරයේ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පළවෙනු දැක ගන්නට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙසේ පළ වූ නොමග යවන සුළු සටහනක් […]

Continue Reading

කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

Center of Universe ලෙස හැඳින්වෙන ඇමෙරිකාවේ ඔක්ලොහෝමාහි පිහිටි ස්ථානයක් පිලිබඳ හුවමාරු වන කරුණු සියල්ලම සත්‍යක් ද?

මිනිසුන් බොහෝ දෙනා විශ්වය පිළිබඳව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. විශ්වය තුල ඇති අනෙත් ග්‍රහලෝක වල ජීවයක් පවතීද? පෘථිවියට විශ්වය තුළ හිමිව ඇති ස්ථානය කෙබඳුද? මෙවැනි පහසුවෙන් පිළිතුරු සොයා ගැනීමට අපහසු ගැටළු බහුලයි. මෙවන් පසුබිමක් තුළ විශ්වය පිළිබදව බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. එසේම විශ්වයේ හරි මැද යනුවෙන් හැඳින්වෙන විවිධ ස්ථාන පිළිබඳව ද […]

Continue Reading

FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading

FACT CHECK: මහබාගේ අනතුරේ 16 හැවිරිදි තරුණයාගේ පියා ජාතික ජන බලවේගයේ ඉස්මයිල් ආබ්දීන් ද?

එක් පුද්ගලයෙකුට මරු කැන්දවමින් මහබාගේ ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 04 ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් එම ජීප් රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ ඔහුගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. මෙම පියා ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු වන ඉස්මයිල් ආබ්දීන් බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර […]

Continue Reading

FACT CHECK: ගිරිරාජ් කෞශල්‍ය අභාවප්‍රාප්ත වූ බවට අසත්‍ය සටහනක්!

Update : ගිරිරාජ් කෞශල්‍ය මහතා  මියගය බවට අද (03/22/2022) දිනය වන විටත් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි. ඔහුගේ දියණිය වන අමන්ද්‍යා ගිරිරාජ් මහත්මිය තහවුරු කළේ, ගිරිරාජ් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. Update : රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය මහතා මිය ගිය බවට බවට අද (02/21/2022) දිනය වන විටත් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන බවට […]

Continue Reading

FACT CHECK: ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන් සමුගනී ?

දමිළ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනැගූ සිනමා රංගන ශිල්පී රජිනි කාන්ත් සම්බන්ධයෙන් නොමග යවන සුළු අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමසුමයි. සමාජ මාධ්‍ය සටහන් : “ ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන්ම සමුගනී..”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived Link Facebook […]

Continue Reading

FACT CHECK: ස්ටීව් ජොබ්ස් සිය අවසාන මොහොතේදී ජීවිත යතාර්ථය ගැන කරුණු පැවසුවාද ?

ලෝකයේ විශේෂ පුද්ගලයන් ,සාර්ථක මිනිසුන් යයි බොහෝ දෙනා පිළිගන්නා අය, ධනයෙන් බලයෙන් ඉහලටම ගිය අය , විද්‍යාවේ තාක්ෂණයේ හිණි පෙත්තටම ගිය අය මරණයට මුහුණ දුන්නේ කෙසේද? ඔවුන්ගේ ජීවිතය අවසානය කෙබඳුද යන්න පිළිබදව දැනගැනීමට බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයක්. ඒ නිසාම එවන් අයගේ ජීවිත අවසානය පිළිබඳව වූ බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාල වල පැතිරෙනවා. […]

Continue Reading

FACT CHECK: ෆේස්බුක් සමාගමේ වෙළෙඳ නාමය වෙනස්වීම හා සබැඳි ව්‍යාජ සටහන් පෙළක් !

ෆේස්බුක් සමාගමේ වෙළද නාමය (Trade Mark) පසුගියදා වෙනස්වීමකට ලක්වුණා. එහි නව නාමය වන්නේ Meta යන්නයි. මේ ආකාරයට ෆේස්බුක් සමාගමේ වෙළඳ නාමය වෙනස්වීම හා සබැඳිව ෆේස්බුක් අවකාශයේ විවිධ ව්‍යාජ මත පළවුණා. මේ එවැනි නොමග යවනසුලු සහ ව්‍යාජ මත සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්  […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරට සහය නොදැක්වීම ගැන සිරිල් ගාමිණී පියතුමා පැවසුවාද?

පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගෙවී තිබියදීත් නීතිය ක්‍රියාත්ම නොවීම හේතුවෙන් අගරදගුරු ප්‍රමුඛ කතෝලික පියතුමන්ද ඒ වෙනුවෙන් රජයට දිගින් දිගට බලපෑම් කරමින් වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට කටයුතු කරනු ලබනවා. මෙම තත්ත්වය යටතේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා . එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර කුමාරට සහය […]

Continue Reading

FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?

සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට […]

Continue Reading

FACT CHECK: ගෝඨාභය රාජපක්ෂ ජනපතිට පුද්ගලයෙකු වන්දනා කරන ඡායාරූපයක්?

බොහෝ අවස්ථාවලදී අසත්‍ය පැතිර වීමට, ජනතාව නොමග යැවීමට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ජනතාව වෙත ළඟා විය හැකි මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයි. මේ හේතුවෙන් නොමග යවන සුළු සහ අසත්‍ය සටහන්, ඇතැම් අවස්ථාවන්හි දී උපහාසාත්මක ස්වරූපයෙන් සංස්කරණය කරමින් පළකරන ඡායාරූප ද යොදා ගනු ලබනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආවේ නායක මොහොම්ඩ් නබිගේ පුද්ගලික වියදමින්ද?

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන්වූ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මේ එවන් ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Notes) ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්. “ඔයා දැනගෙන හිටියා ද? තලේබාන් සංවිධානය #ICC #T20WorldCup2021 සඳහා ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය […]

Continue Reading

FACT CHECK: කෘතියක් සඳහා නීලා වික්‍රමසිංහට ජාත්‍යාන්තර සම්මානයක්?

විවිධ ක්ෂේත්‍ර වල ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකිකයන් පිලිබඳ කලින් කලට වාර්තා වෙනවා. ඇතැමුන්ට ඒ ඔස්සේ විවිධ ජාත්‍යන්තර සම්මානවලට පාත්‍ර වීමේ අවස්ථාවද උදාවී තිබෙනවා. මේ අතර මහාචාර්‍ය නීරා වික්‍රමසිංහට ලැබුණු සම්මානයක් පිළිබදව වැරදි සහ නොමග යවනසුලු තොරතුරු සමාජ මාධ්‍ය හරහා පසුගිය දා පැතිරී තිබුනා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ විමසුමක්. සමාජ ජාලා සටහන් : […]

Continue Reading

ආරක්ෂක නිලධාරියාට බැංකුවේ ඉහළ තනතුරක් ලබා දුන් පුවතේ සත්‍ය කතාව!

තමන් සමාජයේ කුමන තරාතිරමක ජීවත් වූවත් නිසි අධ්‍යාපන‍යක් ලැබීමේ වටිනාකම මනාව පිළිඹිඹු වන සිදුවීමක් විදේශීය රටකින් වාර්තා වී තිබෙනවා. එනම් මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු එහි කාර්ය මණ්ඩලයේ තනතුරුක රැකියාවක් ලැබීමට සමත් වීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ඇතැම් කරුණු නොමග යවන සුළු වූවා. ඒ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා අප කළ […]

Continue Reading

FACT CHECK: මහනුවර හන්තාන ප්‍රදේශයේ ඡායාරූපයක්ද ?

නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මේ හේතුව නිසාම වැරදි අර්තකථන ලබාදෙමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප ගණන අති විශාලයි. මේ එවන් එක් සිදුවීමක් පිළිබදව අප […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

Updated : 09/12/2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් […]

Continue Reading

FACT CHECK: බනිස් මිල ඉහළ දැමීම ගැන ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක්?

Factcresendo අපගේ කරුණු පරීක්ෂාවලින් බොහෝ අවස්තාවලදී පෙන්වා දී තිබෙන පරිදි පුවත්පත් ලිපි සහ සිරස්තල සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් බහුලව හුවමාරු වූ තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ බනිස් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් ”යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනය […]

Continue Reading

FACT CHECK: අබලන් වූ වැල් පාලමේ ඡායරුපයේ ඇත්ත කතාව!

ලොව දැක ගන්නට ලැබෙන විවිධාකාරයේ දුෂ්කර මාර්ග පිළිබඳ අපට නොයෙකුත් අවස්ථාවල දී පුවත් දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ වැල් පාලමක එල්ලී ඉතා භයානක ගමනක යෙදෙන සිසුන් පිරිසකයේ ඡායාරූපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අපගේ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ඇවිදින මංතීරුවක්. චුට්ටක් […]

Continue Reading

FACT CHECK: රත්මලානේ සිදුවූ මංකොල්ලකෑමක CCTV දර්ශන?

නොයෙකුත් ක්‍රම ඔස්සේ විවිධ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයන්, නොමඟ යවන සුළු ආකාරයෙන් අර්ථකතනයන් සමඟ හුවමාරු කර ගැනීම හේතුවෙන් ජනතාව නොමග යන අවස්ථා අපට සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රත්මලාන ප්‍රදේශයේ අවි ආයුධ වලින් සන්නද්ධ වූ ප්‍රධාන හොරු කල්ලියක් විසින් […]

Continue Reading