Archives

FACT CHECK: වාතය හරහා පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් මෑතකදී ලංකාවෙන් හඳුනාගත්තා ද?

කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාව තව තවත් බිය වැද්දීමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කටයුතු කරන අයුරු ද මේ දිනවල දැකගන්නට පුළුවන්.  නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම වෙනුවට කොවිඩ් පාලන අංශ සහ සෞඛ්‍ය අංශ විසින් තහවුරු නොවූ වාතය තුළින් බෝවන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මගින් […]

Continue Reading

සිනොවැක් එන්නත මෙරට සැබවින්ම නිපදවනවද?

කෝවිඩ් වසංගතය තත්ත්වය ක්‍රමයෙන් උත්සන්න වීම හේතුවෙන් මෙරට සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු අංශ මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහය ඇගයීමට ලක් යුතු කරුණක් වනවා. එමෙන්ම කෝවිඩ් මර්ධනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලවල් ද අඛණ්ඩව දිවයින පුරා සිදු කරනු ලබනවා.  මෙවන් පසුබිමක සිනොවැක් එන්නත ලංකාවේ දී ම නිෂ්පාදනය කෙරෙන බවට සඳහන් කරමින් පළවූ සටහන් පෙළක් හේතුවෙන් එහිදී සත්‍ය වශයෙන්ම […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති නැවේ අයිතිය ගැන කිව්වද?

යම්කිසි පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක් විකෘති කරමින් නැතහොත් වැරදි අර්ථකනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ජනතාව නොමග යෑමක් සිදුවන අතර එම පුද්ගලයාගේ කීර්ති නාමයටද ඉන් හානි වනවා අපට සුලබව දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන එවැනි සටහන් සම්බන්ධයෙන් Factcresendo අප නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර එවන් වැරදි නිවැරදි කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිමු. පසුගියදා ජනතා […]

Continue Reading

Explainer: ගම්පහ පස්කන්දක් ලඟ සිර වී සිටින සුනඛයින් දෙදෙනෙකු බේරා ගැනීමේ ඉල්ලීමක් සඳහා යොදාගත් ඡායාරුපයක් හේතුවෙන් ඇතිවූ වරදවා වටහා ගැනීමක්!

සමාජ මාධ්‍යයේ පළ කරන ඇතැම් කාරණා සටහන් සත්‍ය වූවත්, ඒ සඳහා යොදා ගැනෙන ඡායාරූප වීඩියෝ අසත්‍ය නම් නැතිනම් එම සටහනට අදාළ සත්‍ය ඡායාරූප වීඩියෝ නොවේ නම් ඒ ඔස්සේද ජනතාව මුලා වීමක්, නොමග යෑමක් සිදු වනවා අපට නිරන්තරයෙන් දක්නට පුළුවන්. ඇතැම් විට මෙම කරුණු හුවමාරු කරගැනීම තුළින් යපහත් පණිවුඩයක් ලබා දීමට අදහස් කර තිබුණ ද , […]

Continue Reading

FACT CHECK: මීගමු වෙරළ තීරයට දියකිඳුරියක් ගොඩ ගැසීමේ සැබෑ කතාව!

සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් දේවල් ප්‍රචාරය කිරීමට ඇතැම් විට යොදා ගන්නා මතභේදාත්මක ක්‍රම වේදයන් හේතුවෙන් විශාල කතිකාවතක් නිර්මාණය වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන්. අවශ්‍ය පණිවුඩය පෙන්වා දීමෙන් පසුව ද එම ප්‍රචාරය සටහන් යාවත්කාලීන නොකරන අවස්ථාවලදී ඒ ඔස්සේ ජනතාව දිගින් දිගටම නොමග යෑමක් සිදුවනවානම් එමඟින් පෙන්වීමට උත්සාහ කරන පණිවුඩයට වඩා ඉස්මතු වන්නේ වෙනත් කරුණක් විය […]

Continue Reading

FACT CHECK: One-Ring Scam මගින් ඔබගේ දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?

නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දැනුවත් කරන සටහන් අපට නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම කරුණු නිවැරදි තොරතුරුද යන්න බව  තහවුරු කර පළ නොකිරීමෙන් ජනතාව නොමග යන අවස්ථා ද අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලෙසට ඉල්ලමින් පළ කළ සටහනක නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: සමාජ […]

Continue Reading

FACT CHECK: සංචරණ සීමා අතරතුර අමාත්‍ය ජීවන් තොන්ඩමණ්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූවාද?

දිවයින පුරා සංචරණ සීමා පනවා පිරිස් ඒකරාශීවීම් තහනම් කර ඇති වාතාවරණයකදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වුණා.  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමණ් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම තුළින් මෙම අනවබෝධය ඇති වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රට […]

Continue Reading

FACT CHECK: මෙම වසරේ ජූලි මාසයේ සිට අදියර හතරකින් පාසල් විවෘත කරනවාද?

රට පුරා කොරෝනා තත්ත්වය වර්ධනය වීමත් සමග සියලු පාසල් කටයුතු  නවතාදැමීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබුවා. අවසන් වරට සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් නව ව්‍යාප්තිය හේතුකොට ගෙන නැවත වරක් පාසල් අප්‍රේල් අග භාගයේ දී ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට තීරණය කළා. මෙවන් පසුබිමක් තුල නැවතත් […]

Continue Reading

Fact Check : මෙරට නිපදවූ විශාලම නෞකාව පසුගියදා ජපානයට පිරිනැමූවා ද ?

කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා. නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය වැනි ආයතන විසින් ද සිදු කරන බවට වාර්තා වෙනවා. 2020 වසරේ හුවමරු වූ ලංකාවේ විශාලතම නැවක් […]

Continue Reading

FACT CHECK: බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම් පැමිණවුවා ද?

තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]

Continue Reading

FACT CHECK: X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණියේ ජ.වි.පෙ තොප්පියක් දමාගත් පුද්ගලයෙක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්. බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dulip Dee නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මංගල මහත්තය වගේම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් රනිල් වික්‍රමසිංහ […]

Continue Reading

FACT CHECK: පියුමි හංසමාලි පැමිණෙන බව සැලවී නර්තනයේ යෙදෙන බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ද?

කෝවිඩ් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. මෙම උත්සවයට සහභාගී වු නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ පියුමි හංසමාලි ෆේස්බුක් ඔස්සේ සිදුකළ සජීවී කතාව පිලිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. එම […]

Continue Reading

FACT CHECK: තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති භික්ෂුවක්ද?

ලොව විවිධ රටවල අපේක්ෂිත ආයූ කාලය වෙනස් වන අතර 2019 වසරේ දී සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ආයු කාලය අවුරුදු 72ක් පමණ වන බව මෙම වාර්තාවේ දක්වා තිබුණා. ශ්‍රී ලංකාව අපේක්ෂිත ආයූ කාල දර්ශකයේ ඉහලින් වර්ගීකරණය වන රටක්. මේ අතර තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති ආශ්චර්යමත් හිමි නමක් ජීවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය […]

Continue Reading

FACT CHECK: නර්ථන ශිල්පී කෙවින් නුගාර පසුගියදා covid උපන්දින සාදයකට ගියාද?

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට පනවා ඇති සංචරණ සීමා නොතකා ඇතැම් පිරිස් කටයුතු කරනු මේ දින වල ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. මේ අතර ඇතැම් පිරිස් අසත්‍ය පුවත් මවමින් ජනතාව නොමග යැවීමට සහ ඇතැම් පුද්ගලයන්ට අවමාන කිරීමට කටයුතු කරන අයුරු ද දැකගන්නට ලැබුණා. මුළු රටටම සංචරණ සීමා පනවා ඇති මොහොතක නර්ථන […]

Continue Reading

FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Image courtesy: Timeanddatde නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ  ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි. කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් […]

Continue Reading

Fact Check: අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

Update (2025–2026): 2021 වසරේදී අප සිදු කළ පෙර කරුණු පරීක්ෂාවෙන් පසු, ඇලිසා කාර්සන් අඟහරු වෙත මෙහෙයුමක් සඳහා නාසා ආයතනය විසින් තෝරාගෙන ඇති බවට ප්‍රකාශ කරන සටහන් මෑතකදීත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බැවින් මෙහි නවතම යාවත්කාලීන කරුණු අප විසින් පරීක්ෂා කළ අතර 2025–2026 වන විට, ඇයව කිසිදු අඟහරු මෙහෙයුම් කණ්ඩායමකට නම් කරන බවට නාසා […]

Continue Reading

FACT CHECK: යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භෂාව ඉවත් කළා ද?

මෙරට ඇතැම් ස්ථානවල සඳහන් නාම පුවරු වල සිංහල භාෂාව හෝ දෙමළ භෂාව ඇතුළත් නොවන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේද අවධානය යොමු කරමින් වරින් වර වාර්තා, සටහන්, ඡායාරූප සංසරණය වනවා අපට පසුගිය කාලයේදී දැකගන්නට ලැබුණා. මේ තේමාවෙන් විශේෂයෙන්ම වරාය නගරයේ  පුවරු කිහිපයක් පිළිබඳව මීට පෙර අප කළ විමර්ශයන් මෙතනින් සහ මෙතනින්. එමෙන්ම පල්ලියක […]

Continue Reading

FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

කෝවිඩ් මර්දන එන්නත්වල මිල සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වී තිබුණා. ඒ, ශ්‍රී ලංකාව එන්තත් මිලදී ගන්නේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි මුදලකට ද යන්න පිළිබඳව ඇති වී තිබෙන කතිකාවතත් සමඟයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කර ලිපියක් යවා ඇති බවට හැඟවෙන පරිදි […]

Continue Reading

FACT CHECK: X – Press Pearl නෞකාව හේතුන් මත්ස්‍ය සම්පතට ඇතිවූ හානිය පෙන්වන දසුන් පෙළක්?

පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම හේතුකොට ගෙන සිදුවූ දැවැන්ත සමුද්‍රීය පරිසරය දූෂණය පිළිබඳ සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. එම ව්‍යසනය නිසා මත්ස්‍ය සම්පතට ඇතිවී තිබූ හානිය පිලිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබුණා. […]

Continue Reading

FACT CHECK: අද දිනයේ අම්ල වැසි ඇතිවන බවට නිවේදනයක්?

පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ සමුද්‍රීය දුෂණයක හේතුකොටගෙන පාරිසරික ගැටළු රැසක් පැනනැගී තිබෙනවා. මේ අතර අම්ල වැසි ඇතිවීමේ අවදානම පිළිබඳව ද වාර්තා පළවී තිබුණා. මෙවන් පසුබිමක අද දිනයේදී ප්‍රදේශ කිහිපයක අම්ල වැසි  ඇතිවිය හැකි […]

Continue Reading