
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් ඇතැම් ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවන් සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
“AKD ඉදිරියට එනවට නන්දසේනගෙ 250 ට කහින උන්ගෙ වැඩ. තව ඉස්සරහට බලාපොරොත්තු වෙයි මේවා .” යන තේමාවෙන් පළකර තිබු සටහනකින් ෆේස්බුක් පරිශීලකයෙකු විසින් පෙන්වා දී තිබුනේ “ශ්‍රිලනිපය වැනි පාරිශුද්ධ පක්ෂ සමග එකතුවීමට අපගේ කිසිදු අකමැත්තක් නෑ” යනුවෙන් ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක පැවසු බවත් එය LankaTruth නම් වෙබ් අඩවියේ පළවූ බවත්ය.

මෙම සටහනේ ඇති කරුණුවල ඇති දේශපාලනික වශයෙන් ඇති වැදගත් බව සහ මේ දිනවල කතාබහට ලක්වී තිබු කාරණයක් නිසා අප වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)
අප මුලින්මකළේ මෙම සටහනේ ස්වභාවය සොයා බැලීමයි. එහිදී දක්නට ලැබුණු කාරණය නම් මෙහි සටහන් කර තිබුණු FACK යන වචනයයි.එය මෙම සටහන ව්‍යාජ බව(FAKE) හැගවීමට හෝ උපහාසාත්මක කෝණයෙන් පළකර ඇතිද යන කාරණය පිළිබදව නිශ්චිත වශයෙන් උපකල්පනයක් කිරීමට අපහසුයි.
කෙසේ වෙතත් අප මූලිකව අවධානය යොමු කලේ අනුරකුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ඡායාරූපයක් සමග පළකෙරුණු , ඔහු සදහන් කළ බවට හැගවුණු ප්‍රකාශය පිළිබදවයි.
මෙවැනි ප්‍රකාශයක් අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකර ඇද්ද යන කාරනය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපි අවධානයට ලක්කළා. එහිදී මෙවන් ප්‍රකාශයක් අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකර නැති බවත් අපට දැකගන්නට ලැබුණා .
එමෙන්ම මෙම ප්‍රකාශය පළකල බවට හැගවෙන සේ සටහන් කර තිබූ LankaTruth නම් වෙබ් අඩවියේ හෝ එහි සමාජ ජාලා පිටුවල මෙවැනි සටහනක් දක්නට ලැබෙන්නේ ද නැහැ.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිළිබදව අප විමසා බැලුවා .ඔවුන්ද තහවුරු කළේ ජවිපෙ නායකයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
කෙසේ වෙතත් මෑතක පැවති මාධ්‍ය හමුවක දී අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මෙරට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සෘජුව හෝ වක්‍රව සංධානගත වීමට අපේක්ෂා නොකරන බවයි.එම වීඩියෝව පහතින්. එම පුවතම වාර්තා කර තිබු අවස්ථාවක් මෙතනින්
අනුරකුමාර දිසානායක මෙම ප්‍රකාශය සිදුකල මාධ්‍ය සාකච්ඡාව යූ ටියුබ් හරහා නැරඹිය හැකියි මෙතනින්. (මිනිත්තු 15-20 අතර)
මෑතකදී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ශ්‍රීලනිපය ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ හා සංධානගත වීමේ හැකියාවක් ද පවතින බවයි. නමුත් එයට ප්‍රතිචාර දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍යට පවසා තිබුණේ මේ රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ වෙත එක්වීමට කිසිදු සූදානමක් නොමැති බවයි. ඒ සම්බන්ධ වාර්තාවකට පිවිසීම මෙතනින්. Archived
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු සොයා බැලීමේදී තහවුරු වූයේ ශ්‍රිලනිපය සමග එකතු වීමට කිසිදු අකමැත්තක් නොමැති බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් පවසා නැති බවයි. ඔහු පවසා ඇත්තේ රට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්ෂ සමග එක්වීමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අදහසක් නොමැති බවයි. එසේම ඒ ආකාරයේ සටහනක් LankaTruth සමාජ මාධ්‍ය සටහනක් ද දැකගන්නට ලැබෙන්නේ නැත. ඒ අනුව මෙම සමාජ ජාල සටහන නොමග යවන සුලු සටහනකි.

Title:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවීමට අකමැත්තක් නැති බවට අනුර කුමාරගෙන් ප්‍රකාශයක්?
By: Kalana KrishanthaResult: Explainer

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,